ගූගල් දෝසෙ!

google-errorඔන්න කවදාවත් දැකපු නැති දෙයක් සිද්ද වුණා. දැන් ටිකකට කලින් ගූගල් සෙවුම් ප්‍රතිඵල අමුතුවට පේන්න ගත්තා. තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම ආරංචි වුණා ඒ අයටත් ඒ ප්‍රශ්නෙමයි කියලා. ප්‍රශ්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ. හැම ප්‍රතිඵලයකටම යටින් This site may harm your computer කියලා පේන්න ගත්තා 😀 දැන් නම් හරිගිහිල්ලා වගෙයි. මං නම් ඇත්තටම ටිකක් බයවෙලා හිටියෙ, කොටින්ම කියනවනම් හදගැස්මත් ටිකක් වැඩිවුණා. කට්ටිය නම් කියන්නෙ මේක ඓතිහාසික අවස්ථාවක් කියලා. 😀

English Translation: Well here’s something we haven’t seen. I began to see strange google search results few minutes ago. Another few guys complained that they are getting the same prob. The prob is, we began to see This site may harm your computer on every result! It’s back to normal now but I was really worried. It even made my heart rate increase 😛 Guys are saying that it’s a historical event.

Update: Here’s the official report: http://googleblog.blogspot.com/2009/01/this-site-may-harm-your-computer-on.html

Thanks Chamila!

චිත්‍රපටවල සටන් දර්ශන කැපීම

ඔන්න ඉතින් අද වින්ඩෝස් 7 බීටා එක දැම්මා ආයෙ. කලින් දාලා තිබ්බෙ 6801 නෙ. ඊයෙ කාලිංග එව්ව තැටියෙන් 7000 දැම්මා. ගොඩක් හොඳ පාටයි. ඩ්‍රයිවර ස්ථාපනය වීම එහෙම වින්ඩෝස් අප්ඩේට් හරහා සිද්ධ වෙනවා. දැනට වැඩ නොකරන්නෙ ටීවී කාඩ් එකේ ශබ්ද විතරයි. අනික්වා අවුලක් නැතුව වැඩ (වගෙයි) – පොඩි ගාටන ගතියක් තියෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

fight-censorමේ අස්සෙ තමයි මේ චිත්‍රපට වැඩේ වුණේ. චිත්‍රපටය The Last Samurai. මං කැමති චිත්‍රපටයක්, ඩීවිඩී එක බලලා තියෙනවා. ටොම් කෲස් තමයි ප්‍රධාන චරිතය. ඉතින් අද මේක සිරසෙ විකාශය වෙනවා. මං ටීවී කාඩ් එක අටවලා බලනකොට තමයි දැක්කෙ ඒක යන වග. ඉතින් ටිකක් වෙලා ඔහොම බලාගෙන ඉඳිද්දි නියම වැඩක් වුණා. Last Samurai කියන්නෙ යුද චිත්‍රපටයක්නෙ. ඒකෙ පළවෙනි සටනෙදි මෙන්න බොලේ එකපාරට එක එක කොටස් කළු සුදු කොටු දාලා වැහෙන්න ගත්තා :O

බැලින්නම් කඩුවකින් පහර දෙන අවස්ථා වලදි වගේ තමයි මෙහෙම කොටු වැටෙන්න ගත්තෙ! මං අන්දමන්ද වෙලා බලාගෙන හිටිය. මල්ලි ඇහුවා ‘යුද්ද කරන ගමන් සිගරට් බොනවවත්ද’ කියලා. මොකද කලින් එහෙම කොටු කොටු දාන්න ගත්තෙ මත්පැන් සිගරට් වගේ ඒවටනෙ.

තවත් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊළඟට සමුරායි ගමට පහරදෙන දර්ශනයක් තියෙනවා. ඒකටත් ඒ සංසිද්ධියම තමා. ගහගන්න ටික පෙනල්ලා කඩුවකින් අනින තැනට, ඊතලය ඇනෙන තැනට කොටු කොටු දාන්න ගත්තා. මටයි මලයටයි පණ යන්න හිනා 😀 සමහර තැන්වල සද්දෙ ඇහෙද්දි කොටු දිහා බලාගෙන ඉන්න ඕන.

මෙහෙම චිත්‍රපටයක් බලලා ඇති වැඩක් තියෙනවද මං අහන්නෙ?

කලකට පස්සේ – එක එක දේවල්

හික් ගොඩ කලකින් ලිව්වෙ නෑ මුකුත්. දැන් ඉතින් ආයෙත් ලියන්න යන්නෙ ‘ලියන්න බැරිවුණාට දුකයි etc etc’ – මේක නම් කිසිම තේරුමක් නැති වැඩක්. නිතර නිතර සති ගාණක් නොලියා ඉඳලා එකපාරටම ලියන්න පටන්ගන්නෙ අනේ සමාවෙන්ඩ ලියන්න බැරිවුණානෙ කියලා. මොන කෙහෙල්මලක්ද 😀

දැන් නිතර නිතර කොළඹ යැවෙනවා. අදත් ගිහින් ආවෙ පොඩි වැඩ වගයකට. මං සාමාන්‍යයෙන් අකමැති නගරයක් තමයි කොළඹ. ඒත් ඉතින් දැන් ටික ටික පුරුදු වේගෙන එනවා වගේ. තව ටික දවසක් යනකොට කොළඹ නැතිව බැරිවෙයිද මන්දා :O

මොබිටෙල් එකේ තත්ත්වය නම් ගොඩක් හොඳයි දැන්. ඉස්සර වගේ හැම මාසෙම බිල ආවම ඔළුව අවුල් කරගන්න අවශ්‍ය නැති වෙයි (කියලා හිතෙනවා) දැන් මාසෙට ගිගාබයිට් 7ක් තියෙනවනෙ. මේ මාසෙ (24) දිනට පාවිච්චි කරල තියෙන්නෙ ගිගාබයිට් 3.5 ක් විතරයි. සමහරු අනාවැකි කිව්වෙ මාසෙට 7 අනිවාර්යයෙන් පනිනවා කියලා. කියන්න බෑ මොනව වෙයිද කියලා. වේගය ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නෑ. කොළඹට කිරි ගමට කැකිරි වගේ මෙහෙට 1mbps වගේ වේගයක් තමා එන්නෙ. කොළඹදි නම් 2mbps විතර එනවා කියලා ආරංචියි. ඒත් ඉතින් මේ මදෑ.

තවම ADSL නැති එක නම් පුදුම පාඩුවක්. ඒ ගැන කතාකරලා වැඩක් නෑ.

ඕන්න ඉතින් අපේ කාලිංග ක්‍රෝම් වලට මාරුවෙලා ටික දවසකට පස්සෙ මාත් දැන් ක්‍රෝම් වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. මට මෙච්චර දවස් ඇඩ් බ්ලොක් කරගන්න විදියක් නැතිව හිටියෙ ක්‍රෝම් වල. එතකොට තමයි කාලිංග කිව්වෙ HOSTS ගොනුවක් මගින් ඇඩ් බ්ලොක් කරලා දාන එක ගැන. මේ ක්‍රමය හින්දා දැන් අවුලක් නැතිව ක්‍රෝම් පාවිච්චි කරනවා. දැන් දාලා තියෙන්නෙ 2.0.158.0. මං ෆයර්ෆොක්ස් පාවිච්චි කරන කාලේ ඉඳන් දැන්වීම් අවහිර කරන හින්දා මේකෙත් ඒක නොකර බෑනෙ 😀

කොහොම වුණත් ඇඩෝන සහය ටිකක් දියුණු වෙන්න ඕන. මං ෆයර්ෆොක්ස් වල පාවිච්චි කරන අත්‍යාවශ්‍යම ඇඩෝන දෙකක් තියෙනවා. Firebug සහ Web Developer Toolbar.

කොහොම වුණත් ක්‍රෝම් වල පොඩි අවුල් දෙක තුනකුත් දැක්කා. දැනට තියෙන එක ප්‍රශ්නයක් තමයි spacebar එකෙන් පිටුව ස්ක්‍රොල් කරන්න බැරි එක. ඔන්න ඒක වැඩ 😛 මට පිස්සුද කොහෙද! අනික ටැබ් වල මාතෘකා නැතිවෙන එක. තාම ඉතින් සංවර්ධන මට්ටමේ හින්දා වෙන්න ඇති.

ඒ අස්සෙ Windows 7 එකේ 6801 දාලා බැලුවා. (7000 නෙවෙයි) මගෙ මැසිම කසිකබලක් තමයි ඒත් ඉතින් මේක එච්චරටම අවුලක් නෑ. විස්ටා වලට වඩා සුළු වශයෙන් වේගවත් ගතියක් දැනෙනවා ඒත් විස්ටා වලට වඩා ගොඩක් හිතට ඇල්ලුවා. මේක දාන්න අප්ග්‍රේඩ් එකක් දෙන්නත් හිතෙනවා දැන් නම්!

අදට ඇති. හික්.

නැවතත් නිවසට

හනේ ඉතින් ඇති යාන්තම් දැන් ගෙදර. man it feels good to be home 😀 ආපු ගමන් නාගත්තා. පිස්සෙක් වගේ හිටියෙ, හික්. මේ බස්වල යන එක නම් හරියන වැඩක් නෙවෙයි. මාතර ඉඳන් ආපු බස් එකේ නම් වැඩිහරියක් නිදාගෙන ආවෙ. පිටකොටුවෙන් නුවර බස් එකට අද ටිකක් සෙනග වැඩියි. කෝච්චි නැති හින්දා වෙන්න ඇති මං හිත්නනෙ.

අනේ ඉතින් අදත් උදේ පාන්දර නැගිටගෙන වැනි වැනී ලෑස්ති වෙලා ස්ටේසමට යනකොට එතන අල. ඊටපස්සෙ එවෙලෙම ආපු බස් එකකින් මාතර බස් ස්ටෑන්ඩ් එකට ආවෙ. බස් එකෙන් බහින්න ගිහින් තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා. හේතුව බස් එකට නගින්න විස්සක් තිහක් පොරකාපු හින්දා. බහින්න විදියකුත් නෑ නගින්න විදියකුත් නෑ. ඉස්සරහා දොරේ හිටපු අංකල් කෙනෙකුට තදවෙලා කුණුහරුප වැලකින් සංග්‍රහ කළා ඒත් ඉතින් වැඩේ හරිගියේ නෑ. කොන්දොස්තර අයියා බස් එක යන්නෙ නෑ කියලා සද්දයක් දැම්මත් වැඩේ හරිගියේ නෑ. කොහොමහරි ඉතින් අමාරුවෙන් බැහැගත්තා. තඩි බෑග් එකකුත් උස්සගෙන හින්දා වැඩේ කරදරයි. කොළඹට එනකල්ම නිදාගත්තු එකයි වැඩේ.

පිටුකොටුවෙත් අම්බානක සෙනග, ඒ මදිවට රස්නෙ. සෙනග වැඩි නිසා සහ වෙලාව ගතවෙන නිසා දෙවෙනි බස් එකට කොහොමහරි නැගගත්තා. මං අහුවුණු මුල්ම සීට් එකේ වාඩිවුණා. එහාපැත්තෙ හාමුදුරුනමක්, අනිත් පැත්තෙ මහත අංකල් කෙනෙක්. ඉඩ මදියි. මං ඉතින් හරි අමාරුවෙන් ආවෙ. 😀 අයිපොඩ් එක ගන්නවත් හෙලවෙන්න විදියක් නෑ. ඉතින් පොඩි විවේකයක් ගන්න බස් එක නවත්තපු වෙලාවෙ තමයි ඒකත් එළියට ගත්තෙ. ඊටපස්සෙ ටිකක් හරිබරි ගැහිලා වාඩිවුණා. හයියෝ එපාවෙනවා ඒත් ඉතින් මක් කරන්නද…

ම් ඉතින් ඔච්චර තමයි. ගෙදර ආපු ගමන් නාගෙන විදුලිය අවශ්‍ය උපකරණ වලට චාජ් වෙන්න විදුලියත් දීලා වාඩිවුණේ මේක ලියන්න. ඒ ගමන හොඳවැයින් තේ කෝප්පයකුත් බිව්වා. රට වටෙන්ම තේ බිව්වා, ඒත් ගොඩක් ඒවා හරිගියේ නෑ 😀 යථා කාලයේදී පින්තූර ටිකක් දාන්න බලඤ්ඤං. එන ගමන් නම් කිසිම දෙයක පින්තූර ගත්තෙ නෑ 😉

Time to go

Well it’s time to go home. Back to Kandy that is. I’m feeling like i’ve been partially killed. Head hurts, eyes hurt. This just sucks.
I don’t like the water here. It doesn’t feel fresh or anything. Better yet, there’s some kind of a strike in railway and no train now. No choice but to get a bus, which is just like murder. Wait, no, it is murder. :p
The bottom line is I’m feeling awful and dreaded. I hate travelling in long distance busses. And there’s no place like home.
Sent using a Sony Ericsson mobile phone

Posted in Uncategorized