මූණ හෝදගෙන ආවා. දැන් නම් එතරම් අපහසුවක් නෑ. ඒත් නිදාගන්න පුදුම ආසාවක් තියෙන්නෙ 😀 දැන් මොනවා ලියන්නද කල්පනා කර කරයි ඉන්නේ. බලමු මොනවාහරි ලියන්න තව ටික වෙලාවකින්. ලියන්න දේවල් ඔළුවට එන්නෙ නැති එක මාර ප්‍රශ්නයක්නෙ. 😆
මීයන්ට කැරපොත්තන්ට ගිය කල
පහුගිය දවස් වල ටවුමෙ ඇවිදිද්දි මම දැක්කා අමුතු පැකට් වගයක් තියාගෙන විකුණන අය කිහිප දෙනෙක්. පැකට් වල මීයො, කැරපොත්තො වගේ සත්තුන්ගෙ පින්තූර තියෙනවා. දවසක් ඔය මනුස්සයෙක් ළඟින් යනකොට මිනිහා කිව්වෙ නැතෑ මෙන්න මෙහෙම: මීයන්ට කැරපොත්තන්ට බෙහෙත් තියෙනවා කියලා. මට හිතුණා මීයන්ගෙ බඩේ අමාරුවටද නැතිනම් හිසරදේටද බෙහෙත් තියෙන්නෙ කියලා අහන්න. 😆 ඒත් ඇහුවෙ නෑ. මං තනියම හිනාවෙවී ගියා යන්න.
ඇස් දෙක දනවා වගේ දැනෙනවා. දැන් මූණ හෝදගෙන ආවොත් හොඳයි කියලා තමයි හිතෙන්නෙ.
මීයො ගැන කියනකොට මතක් වුණේ Ratatouille – නියම චිත්‍රපටයක් – බලලා නැතිනම් අරන් බලන්න. මං කැමතිම චිත්‍රපට වලින් එකක්. හරිම ආසාවෙන් බැලුවේ.
කිරි එකක් බොන්නයි සූදානම
ඔන්න අම්මා හොඳවයින් කිරි කෝප්පයක් ගෙනල්ලා දුන්නා. කේක් කෑල්ලකුත් තියෙන්නෙ. මල් හතයි! 😉
මං කිරි බොන්න ගොඩක් කැමතියි. ඒත් ගොඩක් අය කැමති නෑ. සමහරු හිනාවෙනවා බබෙක් වගේ කිරි බොනවා කියලා. ඒ වෙලාවට නම් තරහත් යනවා හැබැයි. ඇයි කිරි බොන්නෙ බබාලා විතරද? මං මොකක්ද ලිපියක තියෙනවා දැක්කා ලංකාවේ කිරි පරිභෝජනය ගොඩක් අඩුයි කියලා.
මං ගොඩක් අය දැකලා තියෙනවා කිරි තේ බොන්න බැරි. එක එක අයගේ කැමැත්ත වෙනස් වෙන හැටි පුදුමයි.
ආ දැන් 6.20ට විතර ඇති. පිටතින් ඇහෙනවා කුරුල්ලන්ගේ සද්දය. ගත්තා අලුත් වෝල්පේපර දෙක තුනක්. එකම වෝල්පේපරය දවස පුරා තියෙනකොට එපාවෙනවා. ලස්සන දෙක තුනක් හම්බවුණා. මං ඉතින් සාමාන්‍යයෙන් දාගන්නෙ… නෑ එක්කො ඕන නෑ 😉
කිරි එක බීලා තවත් මොනවාහරි ලියන්න ඕන.
යූලා නිදාගන්න ලෑස්තියි
මං මේ බලාගෙන හිටියෙ යූලා මොකද කරන්නෙ කියලා. දැන් ගෙදරට ඇවිල්ලා. ඒගොල්ලො ගොඩක් වෙලාවට යනවනෙ රට වටේ රවුම් ගහන්න. දැන් සෙටිය උඩට ඇවිත් ඇඟපත හෝදගන්නවා 😉
පූසෝ නියමයි. ආ අත්තම්මලගේ පූසියක් ඉන්නවා ‘මාලිකා’ කියලා – එයා ඊයේ පැටව් දාලා. මං හරියටම දැක්කේ නැහැ තවම. එක පැටියෙක් ටිකක් යූලා වගෙයි. අනිත් පැටියා මාලිකා වගෙයි. කෝඩි සහ එයාගෙ සහෝදර අම්බු (දැන් ආගිය අතක් නැත) ගේ අම්මා තමයි ‘මකරා’ හෙවත් ‘සුදු නංගි’ කියන්නෙ. දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ. යූලා මේගොල්ලන්ගෙ බාල සහෝදරයෙක්. තව සහෝදරියක් හිටියා Q කියලා – එයා මැරුණා කාලෙකට කලින්. ෂැක් අපේ ගෙදරයි අත්තම්මලාගේ ගෙදරයි ගත්තම පූසෝ බල්ලෝ ඉන්නවා ඕන තරම්
කෝ බලන්න – යූලා තවම මුහුණ කට සෝදනවා. කෝඩි ඒ අසළ නිදි. වෙලාවකට කෝඩියි යූලයි රණ්ඩු වෙනවා මං දැකලා තියෙනවා. කොහොම කොහොම හරි මං කැමතිම පූසා කෝඩි තමයි. වෙලාවකට මිනිස් පාටයි. කෑම කාලා ඉවර වුණාම දොර ළඟට ඇවිත් දොර අරිනකල් බලාගෙන ඉන්නවා එළියට යන්න. අනිත් පූසෝ සෙට් එක වගේ නෙමෙයි. එයා අඬන්නෙ තදටම බඩගිනි වෙලාවට විතරයි. ගොඩාක් ඉස්සර නම් කෝඩි උදේට ඇවිල්ලා අපි නිදාගෙන ඉඳිද්දි ඇඟ උඩට පැනලා මහා ජංජාලයක් කරනවා. දැන් නම් එච්චර හුරතලයක් නෑ. මේ තියෙන්නෙ කෝඩිගේ තවත් පින්තූරයක්.
පරිගණකය පිටිපස්සේ වයර් අවුල ලිහාගන්න
සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය PC එකක් තියෙන ඕනෑම අයෙකුට ඉතින් මහා වයර් ජංජාලයක් එක්ක හටන් කරන්න සිද්ධ වෙනවමයි. මැක් එකක් පාවිච්චි කරන අයටනම් දැන් එච්චරටම ප්‍රශ්න නැතුව ඇති මොකද ඒකේ වයර් ජාල ගොඩක් අඩු හින්දා. කොහොම කොහොම හරි මාත් එක එක ලිපි වල තිබුණු එක එක ක්‍රම වලට මේ වයර් ජාලය පිළිවෙලකට සකසගන්න උත්සාහ කළා. ඒත් වැඩේ හරියන්නෙම නෑ. අන්තිමේදී තමයි අමුතුම විසඳුමක් ලැබුණේ.
ඒ වෙන මොනවත් මගින් නෙමෙයි – රෙදි එල්ලගන්න ගන්න ක්ලිප්ස් වලින් – Cloth Clips! 😀
ඇත්තටම මේවා මගින් අපට අවශ්‍ය වැඩේ ගොඩක් ලස්සනට කරගන්න පුළුවනි. ළඟින් ළඟින් යන වයර් ඔක්කොම මේ ක්ලිප් වලින් එකට එකතුකරලා මේ වයර් ජංජාලය ගොඩක් ලස්සනට සකසාගන්න පුළුවන්. එපාවෙලා නම් තියෙන්නෙ පරිගණකය පිටිපස්සේ තියෙන අවුල දැකලාම – උත්සාහ කර බලන්න cloth clips! 😀