ෆොටෝෂොප් එක්ස්ප්‍රස් | Photoshop Express!

මදෑ ඉතින් අලුත් තැනකට දාන්න ගිහින් වෙච්ච හරියක් 😉 දැන් නැවතත් සුපුරුදු කාර්යයන්ට.

ෆොටෝෂොප් (ආයෙ ඉතින් කියන්න ඕන නැහැනෙ?) හි ඔන්ලයින් අනුවාදයක් නිකුත් කරලයි තියෙන්නෙ. ඊයේ මේ ගැන ලියන්න හිටියත් මේ ලෙඩ නිසා ලියාගන්න ලැබුණේ නැහැ. ෆොටෝෂොප් එක්ස්ප්‍රස් නමින් හැඳින්වෙන මේ ඔන්ලයින් අනුවාදය මගින් පොඩි පොඩි වැඩ රැසක් පහසුවෙන්ම කරගන්න පුළුවනි. ෆ්ලෑෂ් 9 මගින් බලගන්වා ඇති මේ සේවාව මගින් ෆොටෝෂොප් හි තියෙන ප්‍රවීණ පහසුකම් සියල්ල ලබාගන්නට බැරිවුණත්, අපේ පින්තූර ගබඩා කර තියන්න, හදිසියකට පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්න, පොඩි පොඩි Touch-ups කරන්න කිසිම ගැටළුවක් නැහැ.

Photoshop Express

පාවිච්චි කරන්න නම් අලුත් ගිණුමක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් Test Run එකක් කරලා බලන්න පුළුවනි පාවිච්චි කරන්න කලින් ඒකෙ විශේෂාංග ගැන දැනගන්න. පරිශීලකයෙකුට ගිගාබයිට් 2ක ධාරිතාවයක් ලැබෙනවා තනි ගිණුමක් සමග. වෙනත් ගිණුම වලින් (ෆේස්බුක්, පිකාසා, ෆොටෝබකට් වැනි) පින්තූර ආනයනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

දැනට එතරම් පහසුකම් තොගයක් නැතිවුණත්, මේ තියෙන ආකාරයේ උපාංග 17ක් පාවිච්චි කරන්න පුළුවනි.

Photoshop Express

[Photoshop Express]

Web Host changed for good!

පහුගිය දවස් ටිකේ මගේ බ්ලොග් එකට අම්බානක කරදර විඳින්න වුණා. මෙතැනට ආපු ගොඩක් අයටත් තදවෙන්න ඇති මොන කෙහෙල්මලක් වෙන්න යනවද කියලා? ඔව් ඉතින් අපේ Dreamhost සමාගමට පින්සිද්ධ වෙන්න බ්ලොග් සියලු කටයුතු ‘අප්සට්’ වෙලා තිබුණේ. දැන් කොහොමහරි කලින් තිබුණු සුදාරක මල්ලිගේ VHOST1ST වෙත නැවත බ්ලොග් එක ගෙනාවා. ඉදිරියට ගැටලු ඇති වෙන්නේ නැතිවෙයි කියලයි බලාපොරොත්තුව. සමාවෙන්න සිදුවූ සියලු අපහසුතා වලට 🙂

ඔහොම තමයි ඉතින් ඉගෙනගන්න වෙන්නෙ: Trial and Error! 😉

ෆයර්ෆොක්ස් 3 සහය නොදක්වන Addons ධාවනය කරන හැටි

Firefoxෆයර්ෆොක්ස් 3 බීටා 4 දැනට ඇවිල්ලා තියෙන හින්දා ආයෙමත් බල බල ඉන්නෙ නැතුව මමත් ඉන්ස්ටෝල් කරගත්තා. මේ දවස් වල නම් පාවිච්චි කරන්නෙ ඒකම තමයි. බීටා නිසා ලෙඩ දෙක තුනක් නැතුව නෙවෙයි. ඒත් ෆයර්ෆොක්ස් වෙත ලබා දීලා තියෙන අලුත් පෙනුමට මම ගොඩක් කැමතියි.

ෆයර්ෆොක්ස් 3 අවසන් අනුවාදය ළඟදීම නිකුත් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නෙ.

කොහොම හරි, පාවිච්චි කරලා බලන්න තියෙන ආසාව නිසා ෆයර්ෆොක්ස් 3 ඉන්ස්ටෝල් කරගත්තා. ෆයර්ෆොක්ස් 2 Profile එකට හානියක් නොවී ෆයර්ෆොක්ස් 3 ධාවනය කරන ක්‍රමයකුත් ලැබුණු නිසා දැනට ප්‍රශ්නයක් නැහැ. ‍ඒ ගැන මම කලින් ලියලා ඇති. මෙතැනින් ඒ ලිපිය ලබාගන්න පුළුවනි. මේ ක්‍රමය නිසා එකවරම ෆයර්ෆොක්ස් 2 හා 3 ධාවනය කරන්න පුළුවන්.

ඊළඟට ආපු ලොකුම ප්‍රශ්නෙ Addons. මම කැමති ඒවා තොගයක්ම තිබුණත් සමහරක් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සඳහා සහය දක්වන්නෙ නැහැ. මේ ප්‍රශ්නයටත් විසඳුමක් හොයාගත්තා.

ඒකට කරන්න තියෙන්නෙ Extension ගැලපුම් පරික්ෂාව අක්‍රිය කරන එකයි. කරන්නෙ මෙහෙමයි:

  • මුලින්ම අලුත් ටැබ් එකක් විවෘත කරලා about:config යන්න ටයිප් කර එන්ටර් කරන්න.
  • I’ll be careful, I promise! මත ක්ලික් කරන්න 😀
  • දැන් පරණ about:config එකටම ඒවි. මෙතැන රයිට් ක්ලික් කර New -> Boolean මත ක්ලික් කරන්න.
  • දැන් මතුවන කවුළුවේ extensions.checkCompatibility යන්න ටයිප් කර OK මත ක්ලික් කරන්න.
  • ඉන්පසුව මතුවන කවුළුවේ false ක්ලික් කර OK මත ක්ලික් කරන්න.
  • කලින් කළ විදියටම extensions.checkUpdateSecurity නමින් තවත් එකක් සාදා එයත් false ලෙස සකසන්න.

දැන් ෆයර්ෆොක්ස් 3 නැවත ආරම්භ කළාට පස්සේ පැරණි addons සාමාන්‍ය විදියටම ස්ථාපනය කරගන්නට පුළුවන් වේවි. හැබැයි පරිස්සමින්. මොකද මේ වැඩේ හින්දා ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් වෙන්නත් පුළුවන්. මට නම් checkUpdateSecurity එක නැවත true වෙත සකසන්න වුණා ක්‍රෑෂ් වුණ නිසා.

බැරිවෙලාවත් මේ වැඩෙන් පස්සේ ෆයර්ෆොක්ස් ලෙඩ දෙන්න ගත්තොත්, ඒක සකසගන්න ඔබේ ෆයර්ෆොක්ස් profile ෆෝල්ඩරයට ගිහින් (ඒක සාමාන්‍යයෙන් වින්ඩෝස් වල නම් තියෙන්නෙ C:\Documents and Settings\Your Name\Application Data\Mozilla\Firefox\Profiles කියන ෆෝල්ඩරයේ) එතැන ෆයර්ෆොක්ස් 3 සඳහා යොදාගන්න Profile ෆෝල්ඩරය විවෘත කරන්න. එතැන තියෙන prefs.js කියන ගොනුව නෝට්පෑඩ් මගින් විවෘත කරන්න.

එතැනින් මෙන්න මේ සැකසුම් දෙක සොයාගන්න.

user_pref(“extensions.checkCompatibility”, true);
user_pref(“extensions.checkUpdateSecurity”, true);

හොයාගෙන true කියන අගය false ලෙස සකසා save කර වසා දමන්න. ඉන්පස්සේ ෆයර්ෆොක්ස් 3 ආරම්භ කරන්න. දැන් නම් ප්‍රශ්නයක් නැති වේවි.

ඒත් ලෙඩ දෙන්න ගත්තොත් (හපොයි 🙄 ) තව වැඩක් කරන්න පුළුවන්. ෆයර්ෆොක්ස් 3 ආරක්ෂක ප්‍රකාරයෙන් ආරම්භ කරලා සියලුම addons ක්‍රියාවිරහිත කරන එක. මේකට දැන් ඔබ පාවිච්චි කරන්නෙ ‍ෆයර්ෆොක්ස් 2 හා 3 දෙකම ධාවනය කරන ක්‍රමය නම්, ඒ අලුත් Shortcut එකේ පිටපතක් අරන් – එහි Properties වෙත ගිහින් Target වෙත -safe-mode යන අලුත් වදන ඇතුල් කරන්න. දැන් ඉතින් OK මත ක්ලික් කරලා ඒ shortcut එකෙන් ෆයර්ෆොක්ස් විවෘත කරන්න.

හපොයි, මේක හිතුවාටත් වැඩිය දිග වැඩිවුණා. මෙච්චර ලෙඩ ගොඩකට අත දාන්නෙ නැතුව නිකං හිටියා නම් හොඳයි කියලා සමහරවිට හිතෙනවත් ඇති. ඒත් ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ? මමත් දැන් ඔය හොඳට පාවිච්චි කරන්නෙ? ඔන්න ඔහෙ ට්‍රයි එකක් දීලා බලන්න. කෝකටත් ඔය Profile ෆෝල්ඩරයේ පිටපතක් තියාගන්න. 8)

All Hail Firefox!

Sorry for the Site Problems

Update: Moved back to VHOST1ST – now back in business! 🙂

Due to some problems with the current host of Malinthe’s Note you might experience some slowdowns and problems. Sorry for the inconvenience. I’m strongly thinking about changing the current host due to the unacceptable quality of service.

I’m not writing much these days, ‘coz I must save the effort for the marathon. After all, 96 blog posts to be written! 🙂 It’s gonna be awesome!

Get McAfee VirusScan Plus 2008 for Free!

McAfee Virus Scan Plus 2008මැකාෆි වෙතින් ලබාදෙන වයිරස්ස්කෑන් ප්ලස් නොමිලේ ලබාගන්නට ක්‍රමයක් තමයි මේ! හොර වැඩක් ‍නම් නෙමෙයි. ඒ හින්දා බ‍යවෙන්න දෙයක් නෑ. දැනට සාමාන්‍ය මිල ඩොලර් 39.95ක් පමණ වෙනවා. මේ ක්‍රමයට ලබාගන්න පිටපත අවුරුද්දකට පාවිච්චි කරන්න පුළුවන්.

කොහොමද වැඩේ කරන්නෙ?

  • ඉස්සෙල්ලම මෙන්න මේ ලින්ක් එකට යන්න. එතැන තියෙන Free PC Security Protect your PC for 12 months with McAfee VirusScan Plus බැනරය මත ක්ලික් කරන්න.
  • Register Now බොත්තම ක්ලික් කරන්න.
  • නම, ඊමේල් ලිපිනය, මුරපදය ආදී අවශ්‍ය දේ සම්පූර්ණ කර I Agree මත ක්ලික් කරන්න.
  • දැන් My Account වෙත යන්න. එතැන මැකාෆි වයිරස් ස්කෑන් ප්ලස් ලැයිස්තුගත කර ඇති. Download/Install අයිකනය මත ක්ලික් කරන්න!

ලේසි වැඩක් නේද? මම නම් මැකාෆි පාවිච්චි කරන්න වැඩි කැමැත්තක් නෑ. දැනට පාවිච්චි කරන්නෙ NOD32 – ඒක හොඳටම ඇති 😀

Tech-Buzz මගිනි.