පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 1 කොටස | Cool Utilities to Clean your PC: Part 1

1. තැටි දෘෂ්‍යකරණය | Disk Visualizing

මා ගාව තියෙන්නෙ ටිකක් පරණ ගිගාබයිට් 40 විතර දෘඪ තැටියක් හින්දා මේ දවස්වල වැඩ කරගන්න එක බොහොම අමාරුයි. සිංදු තොගයකුත් දාලා තියෙන නිසා ඉඩ ගොඩක් මදියි. දැන් නම් සද්ද බද්දත් වැඩිවෙලා තියෙන්නෙ. කොහොම වුණත්, තියෙන එක පොඩ්ඩක් සුද්දකරගත්තොත් හොඳයි කියලා හිතුණා. මේ වැඩ වලට හොද මෘදුකාංග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

පළවෙනියටම මම තෝරගත්තේ JDiskReport කියන මෘදුකාංගය. ජාවා මගින් ධාවනය මේ මෘදුකාංගය මගින් අපේ දෘඪ තැටියේ ගොනු වලට වැයවෙන ඉඩ ප්‍රමාණය වගුවක් ආශ්‍රයෙන් පෙන්වනවා. මේක ගොඩක්ම වටින්නේ දෘඪ තැටියේ විශාලම ගොනු මොනවද, විශාලම ෆෝල්ඩර මොනවද කියලා පහසුවෙන්ම හොයාගන්න තමයි. මේ කටයුත්ත ‍කරන්න පුළුවන් මෘදුකාංග කිහිපයක්ම පාවිච්චි කර බැලුවත් මං ගොඩක්ම කැමති වුණේ JDiskReport වලට තමයි. ජාවා නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වෙනවා. (තිර පිටපතේ තියෙන්නේ මගේ D: පාටිෂන් එකේ දෘෂ්‍යකරණයක්.)

[JDiskReport]

EnSiTip: ෆයර්ෆොක්ස් වෙත සිංහල ශබ්දකෝෂයක් | EnSiTip: Sinhala Dictionary For Firefox

අන්තර්ජාලය භාවිතයේදී දකින විවිධ ඉංග්‍රීසි වචන වල තේරුම හොයාගන්න ශබ්දකෝෂ පෙරලන්න දැන් ඕන වෙන්නේ නැහැ! කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවූ EnSiTip නම් ෆයර්ෆොක්ස් එක්කිරීම මේ කටයුත්ත පහසුවෙන් ඉටු කර දෙන්නට සමත් බොහොම හුරුබුහුටි එක්කිරීමක්. තේරූ වචන පරිවර්තනය වගේම Hover කිරීමේදී වචන පරිවර්තනයත්, වචන උච්ඡාරණ පහසුකමකුත් මෙහි තිබෙනවා. භාවිතා කර බැලුවා. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

[EnSiTip]
සිංහලෙන් FOSS මගිනි.

Firefox Tip: ඉක්මණින් නව ටැබ් එකක් සාදන හැටි | Creating a New Tab The Easy Way

අහම්බෙන් හොයාගත්තේ. ෆයර්ෆොක්ස් අලුත් ටැබ් එකක් ඉක්මණින්ම හදාගන්න ටැබ් බාර් එක මත දෙවරක් ක්ලික් කරන්න. Found this by accident. To Create a new tab quickly on Firefox, just double click on the Tab Bar 🙂

ෆයර්ෆොක්ස් 3 සහ 2 එකවර ධාවනය කරන හැටි | How to use Firefox 2 and 3 at the same time

ෆයර්ෆොක්ස් 3 බීටා 3 නිකුත් වුණ නිසා ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් පොඩ්ඩක් ඉන්න. ෆයර්ෆොක්ස් 3 ස්ථාපනය කළාට පස්සේ ඒකෙන් පාවිච්චි කරන්නෙත් දැනට ඔබේ තියෙන ෆයර්ෆොක්ස් 3 profile එක නිසා එකවර ඒ දෙකම පාවිච්චි කරන්න බැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් CodeFront හි තිබී සොයාගත්තා. මෙහි තියෙන උපදෙස් අනුව වැඩ ටික කරගත්තොත් ෆයර්ෆොක්ස් අනුවාදන දෙකම කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කෙරෙන්නේ තවත් profile එකක් සාදා ඒ profile එක ‍ෆයර්ෆොක්ස් 3 සමග පාවිච්චි කරන්නට සකසා ගැනීමයි. සම්පූර්ණ ක්‍රියාපටිපාටිය සඳහා පහළින් ඇති සබැඳුම ක්ලික් කරන්න.

[How to have Firefox 3 and Firefox 2 running at the same time] – Happy Testing! 😀