සිංහල පදරචනා සඳහා LyricsLK

සිංහල ගීත අහන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Lyrics නැත්නම් පද රචනා හොයාගැනීම. සමහර වෙලාවට හරියට ඇහෙන්නෙ නැති වචන එහෙම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට LyricsLK අඩවිය මීට දින කිහිපයකට කලින් ක්‍රියාත්මක වුණා. විකියක් ලෙස ක්‍රියාත්මක වන මේ අඩවිය මගින් ඔබට අවශ්‍ය පද රචනා ලබාගන්නට පුළුවන්. දැනට නම් වැඩි ගීත ගණනක් නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වේවි. ඔබටත් සහය වෙන්නට පුළුවන්. LyricsLK හි ගිණුමක් හදාගෙන සහය වෙන්න.

[LyricsLK]

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය

සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා සමූහයක් සකසා තිබෙනවා. ඔබත් සිංහලයෙන් බ්ලොග් ලියන්නෙක් නම් එකතුවන්න.

Google Groups
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවන්න

ඊමේල් ලිපිනය:

විකිපීඩියා සමග තරගයට ගූගල් වෙතින් ‘නොල්’ | Google Introduces ‘Knol’ to fight with Wikipedia

ගූගල් දැනට අතගසා නැති ක්ෂේත්‍රය මොකක්ද? 😀 ඒකනේ කියන්නේ. හිතාගන්නවත් අමාරුයි නේද? තව ටික දිනකින් ගූගල් විශ්වකෝෂ කාර්යයටත් අතගසන්නටයි සූදානම. ‘නොල්’ නමින් හැඳින්වෙන මේ විශ්වකෝෂය විකිපීඩියාවට හොඳ තරගයක් දෙන්නට සමත් වේවි. දැනට නම් වැඩි විස්තර කිසිවක් නැහැ. මෙහි මූලිකම අදහස විවිධ තොරතුරු ලියන පුද්ගලයන්ට මුල් තැනක් දීම තමයි. ඒ කියන්නේ යම් ලිපියක් ලියන පුද්ගලයාගේ නම පෙන්වීම ආදී ක්‍රම භාවිතය. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙන්නේ දැනටමත් විකිපීඩියාවේ credibility එක ගැන හුඟක් ගැටළු තිබෙන නිසයි. විකිපීඩියාවට වඩා හොඳ Community Tools තිබෙන නොල් මගින් ප්‍රශ්න අසන්නට, අදහස් කියන්නට, තවත් තොරතුරු එක්කරන්නට, සංස්කරණය කරන්නට හැකියාව ලැබේවි. කොහොම වුණත්, නොල් ඉතා විශිෂ්ට කාර්යයක් වේවි කියන එක ගැන නම් අපට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.

Official Google Blog මගිනි.

DivX Pro නොමිලේ ලබාගන්න! | DivX Pro for Free! (Limited Time Offer)

නිතර නිතර වීඩියෝ හා චිත්‍රපට එක්ක වැඩ කරන හැමෝම වගේ DivX ගැන දන්නවා ඇතිනේ? මේ කියන්නට යන්නේ DivX මගින් DivX Pro (ඔව්, Professional අනුවාදය) බොහෝ සුළු කාලයකට නොමිලේ ලබාගන්නට පුළුවන් බවයි! ඔව්. සාමාන්‍යයෙන් රුපියල් දෙදහසකට ආසන්න DivX Pro සුළු කාලයකට කිසිදු ‍මුදලක් නොගෙවා ලබාගන්නට පුළුවන්!

DivX Pro මෙතැනින් ලබාගන්න

ප.ලි.: ඔව්, නීත්‍යානුකූල අනුවාදයක් තමයි! 🙂

ලොවම දන්නා ප්‍රතිවෛරස මෘදුකාංග අසාර්ථකයි? | World Known Antiviruses Fail?

වෛරස්බුලටින් අඩවිය මගින් කළ පරීක්ෂණයකදී ලොවම භාවිතා කරන, ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග රැසක් නොසිතූ ආකාරයෙන් අසාර්ථක වී තිබෙනවා. හිතන්නවත් පුළුවන්ද? සාමාන්‍යයෙන් එතරම් වැඩකට නැති ප්‍රතිවෛරස මෘදුකාංග ගොඩක් තිබුණත්, බොහෝ දෙනා ‍එදිනෙදා පාවිච්චි කරන ප්‍රසිද්ධ මෘදුකාංග වලට ‍එදිනෙදා ලැබෙන සාමාන්‍ය වෛරස හඳුනාගන්නට නොහැකි වීම බරපතල කාරණයක්.

VB100 පරීක්ෂණය අසාර්ථක වූ මෘදුකාංග: (වැරදීම්: Misses, වැරදි සහතිකකිරීම්: False Positives)

  1. AEC Trustport Antivirus – වැරදීම් 7
  2. Avast! – වැරදි සහතික කිරීම් 2
  3. Avira AntiVir – වැරදි සහතික කිරීම් 3
  4. CA Antivirus – වැරදීම් 50
  5. Doctor Web – වැරදීම් 22, වැරදි සහතික කිරීම් 4
  6. Fortinet Forticlient – වැරදීම් 4
  7. Frisk F-PROT
  8. Ikarus Virus Utilities – වැරදීම් 18 වැරදි සහතික කිරීම් 26
  9. Iolo Antivirus – වැරදීම් 66
  10. Kaspersky Anti-Virus – වැරදීම් 1
  11. Kingsoft AntiVirus – වැරදීම් 120
  12. Norman Virus Control – වැරදීම් 14 වැරදි සහතික කිරීම් 6
  13. PCTools Spyware Doctor – වැරදි සහතික කිරීම් 2
  14. Redstone Redprotect – වැරදීම් 2
  15. Rising Antivirus – වැරදීම් 3 වැරදි සහතික කිරීම් 3
  16. Sophos Anti-Virus – වැරදීම් 8
  17. Trend Micro – වැරදීම් 4

මෙම පරීක්ෂණයෙන් සමත් වූ මෘදුකාංග වන්නේ:

  1. Agnitum Outpost
  2. BitDefender AntiVirus
  3. Bullguard
  4. CA eTrust
  5. ESET NOD32
  6. F-Secure Anti-Virus 2008
  7. GDATA Anti-virus
  8. Grisoft AVG
  9. McAfee VirusScan
  10. Microsoft Forefront
  11. MWTI eScan
  12. PCTools Anti-Virus
  13. Quick Heal
  14. Symantec
  15. VirusBuster

හතලිස් වතාවකට වඩා පරීක්ෂණයකට භාජනය කළ මෘදුකාංග

  • Avast! – සාර්ථක 24 අසාර්ථක 20 (සාර්ථකත්වය 55%)
  • CA eTrust – සාර්ථක 32 අසාර්ථක 13 (සාර්ථකත්වය 71%)
  • Doctor Web – සාර්ථක 25 අසාර්ථක 22 (සාර්ථකත්වය 53%)
  • ESET NOD32 – සාර්ථක 47 අසාර්ථක 3 (සාර්ථකත්වය 94%)
  • F-Secure – සාර්ථක 27 අසාර්ථක 13 (සාර්ථක 68%)
  • Grisoft – සාර්ථක 19 අසාර්ථක 22 (සාර්ථකත්වය 46%)
  • Kaspersky – සාර්ථක 40 අසාර්ථක 15 (සාර්ථකත්වය 73%)
  • McAfee – සාර්ථක 34 අසාර්ථක 19 (සාර්ථකත්වය 64%)
  • Norman – සාර්ථක 38 අසාර්ථක 14 (සාර්ථකත්වය 73%)
  • Sophos – සාර්ථක 39 අසාර්ථක 14 (සාර්ථකත්වය 74%)
  • Symantec – සාර්ථක 41 අසාර්ථක 6 (සාර්ථකත්වය 87%)

සයිබර්නෙට්නිව්ස් මගිනි.