සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා සමූහයක් සකසා තිබෙනවා. ඔබත් සිංහලයෙන් බ්ලොග් ලියන්නෙක් නම් එකතුවන්න.
![]()
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවන්න
සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා සමූහයක් සකසා තිබෙනවා. ඔබත් සිංහලයෙන් බ්ලොග් ලියන්නෙක් නම් එකතුවන්න.
![]()
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවන්න
ගූගල් දැනට අතගසා නැති ක්ෂේත්‍රය මොකක්ද? 😀 ඒකනේ කියන්නේ. හිතාගන්නවත් අමාරුයි නේද? තව ටික දිනකින් ගූගල් විශ්වකෝෂ කාර්යයටත් අතගසන්නටයි සූදානම. ‘නොල්’ නමින් හැඳින්වෙන මේ විශ්වකෝෂය විකිපීඩියාවට හොඳ තරගයක් දෙන්නට සමත් වේවි. දැනට නම් වැඩි විස්තර කිසිවක් නැහැ. මෙහි මූලිකම අදහස විවිධ තොරතුරු ලියන පුද්ගලයන්ට මුල් තැනක් දීම තමයි. ඒ කියන්නේ යම් ලිපියක් ලියන පුද්ගලයාගේ නම පෙන්වීම ආදී ක්‍රම භාවිතය. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙන්නේ දැනටමත් විකිපීඩියාවේ credibility එක ගැන හුඟක් ගැටළු තිබෙන නිසයි. විකිපීඩියාවට වඩා හොඳ Community Tools තිබෙන නොල් මගින් ප්‍රශ්න අසන්නට, අදහස් කියන්නට, තවත් තොරතුරු එක්කරන්නට, සංස්කරණය කරන්නට හැකියාව ලැබේවි. කොහොම වුණත්, නොල් ඉතා විශිෂ්ට කාර්යයක් වේවි කියන එක ගැන නම් අපට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.
Official Google Blog මගිනි.
නිතර නිතර වීඩියෝ හා චිත්‍රපට එක්ක වැඩ කරන හැමෝම වගේ DivX ගැන දන්නවා ඇතිනේ? මේ කියන්නට යන්නේ DivX මගින් DivX Pro (ඔව්, Professional අනුවාදය) බොහෝ සුළු කාලයකට නොමිලේ ලබාගන්නට පුළුවන් බවයි! ඔව්. සාමාන්‍යයෙන් රුපියල් දෙදහසකට ආසන්න DivX Pro සුළු කාලයකට කිසිදු මුදලක් නොගෙවා ලබාගන්නට පුළුවන්!
DivX Pro මෙතැනින් ලබාගන්න
ප.ලි.: ඔව්, නීත්‍යානුකූල අනුවාදයක් තමයි! 🙂
වෛරස්බුලටින් අඩවිය මගින් කළ පරීක්ෂණයකදී ලොවම භාවිතා කරන, ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග රැසක් නොසිතූ ආකාරයෙන් අසාර්ථක වී තිබෙනවා. හිතන්නවත් පුළුවන්ද? සාමාන්‍යයෙන් එතරම් වැඩකට නැති ප්‍රතිවෛරස මෘදුකාංග ගොඩක් තිබුණත්, බොහෝ දෙනා එදිනෙදා පාවිච්චි කරන ප්‍රසිද්ධ මෘදුකාංග වලට එදිනෙදා ලැබෙන සාමාන්‍ය වෛරස හඳුනාගන්නට නොහැකි වීම බරපතල කාරණයක්.
VB100 පරීක්ෂණය අසාර්ථක වූ මෘදුකාංග: (වැරදීම්: Misses, වැරදි සහතිකකිරීම්: False Positives)
මෙම පරීක්ෂණයෙන් සමත් වූ මෘදුකාංග වන්නේ:
හතලිස් වතාවකට වඩා පරීක්ෂණයකට භාජනය කළ මෘදුකාංග
සයිබර්නෙට්නිව්ස් මගිනි.
පහුගිය දවස් ටිකේ මගේ සටහන කියවන්න ආපු අය (සමහරවිට) බලන්න ඇති මොකද අලුතෙන් මුකුත් නැත්තේ කියලා… සමාවෙන්න 🙂 ඇත්තම කියනවනම් මට මොනවත් ලියන්න හිතුණේ නැහැ. හේතුවක් කියන්නත් අමාරුයි. Lack of Inspirations හින්දද මන්දා. ලියන්න ඉඳගත්තත් ලියන්න හිතුණේ නැහැ. අලුතින් ලියන්න ඒ හැටි දේකුත් තිබුණේ නෑ. මේක ඇත්තටම එච්චර හොඳ වැඩක් නෙවෙයි. ටික කාලයක් එක දිගට ලියාගෙන ගිහින් එකපාරටම නවත්වලා, ආයෙත් ටික කලකින් ‘සමාවෙන්න’ කියලා ආයෙමත් ලියන්න පටන් ගන්න එක. ඒත් ඉතින් මොනවා කරන්නද?
කාටවත් මොනවත් ප්‍රශ්න එහෙම නැද්ද? නිකං දැනගන්න තියෙන දෙයක් ගැන එහෙම? මොනව හරි එහෙම දෙයක් තියෙනවනම් අහන්න. නැත්නම් ඉතින් මට ලියන්න කම්මැලියි. අනිත් එක තමයි මගේ ඩයල් අප් සම්බන්ධතාවය හින්දා වෙලාවකට කිසිම දෙයක් ලෝඩ් කරගන්න අමාරුයි. ඒ වෙලාවට ඉතින් ඔක්කොම දමලා ගහලා බුම්මගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ. මේක ලියන වෙලාවෙත් එහෙම තමයි. ඇත්තටම මේ සම්බන්ධතාවය දැන් උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙන්නෙ මධ්‍යම රාත්‍රියට විතරයි. ඒ වෙලාවටත් ඉතින් මොනවහරි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන දෙයක් දානවා මිසක් වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. සමහර වෙලාවට… නෑ එක්කෝ ඕන නෑ. මගේ හෑලි වලින් වෙන්නේ මේ සටහන කියවන අයගේ කාලය නාස්තිවීමක් විතරයි. 😀
වින්ඩෝස් පාවිච්චි කරන අයට නියම වැඩසටහනක් ගැන කියා දෙන්න තියෙනවා. ඉදිරියේදී ලියන්නම්. අනේ ඉතින් කියවන හැමෝම අදහස් ඉදිරිපත් කරනවා නම් මම ගොඩක් ආසයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න. ගුණ දොස් විවේචනය කරනවනම් ඉතින් තවත් හොඳයි. කොහොම වුණත්, මගේ සටහන කියවන්න එන අයට මගේ හද පිරි ස්තූතිය! 🙂