රවුම් එල්සීඩී තිරයක් | A Round LCD Screen

ටොෂිබා මට්සුෂිටා සමාගම විසින් නිපදවන ලද නවතම එල්සීඩී තිරයයි මේ. සාමාන්‍ය ඍජුකෝණ හැඩැති තිර වලට වඩා නවතම මගක් ගත් මෙම තිරය රවුම් තිරයක්! වාහන වල භාවිතය සඳහා විශේෂයෙන්ම නිපදවා ඇති මෙහි විෂ්කම්භය අඟල් 2.95 ද, ඝනකම අඟල් 0.43 ද, දැකිය හැකි ප්‍රමාණය අඟල් 2.44 ද වන අතර වර්ණ 260,000 සහය දක්වයි.

සොයාගත්තේ technabob මගිනි.

This is the Toshiba Matsushia’s newest LCD Screen. Yup, it’s round. A diversion from the standard rectangular screen, this LCD is intended for vehicle instrumental panels. The whole thing is 2.95″ in diameter with a thickness of 0.43″. Viewable area is 2.44″ and it supports 260,000 colors.

Found via technabob

පරාජිතයන්ගේ සමාජය | Community for Loosers

ජීවිතේ කවදාහරි අසීමිත විදියට ලජ්ජාවට පත‍්වෙලා තියෙනවද? අකරතැබ්බ වලට මුහුණ පාලා තියෙනවද? එහෙම වෙලා තියෙනවනම්, ඒ ගැන අනිත් අයට කියන්නත්, වෙනත් අයගේ ඒ වගේ කතා අහන්නත් මෙන්න දැන් අලුත් සමාජයක්! Loosr.com – පහළින් ඇති උපුටාගත් සටහනක්.

Have you been embarassed in your life? Have you faced unexpected incidents that made you look like a dork? If you have, tell others about it, read other ‘Life Sucks’ stories at Loosr.com – a community just made for guys like us. Yeah, For Loosers! 😀

Here’s an excerpt: I was saving money for months for my trip to China. On the second day of the vacation I had dinner which made me so sick that I spent the rest of the two weeks in bed, throwing up continously.

Loosr.com

ගූගල් මගින් වේලාව සොයන්න | Find Time with Google

ගූගල් මගින් වේලාව සොයාගන්න පුළුවන් බව දන්නවාද? ලෝකයේ ඕනෑම තැනක වේලාව ඉතාමත් පහසුවෙන් හොයාගන්න දැන් ගූගල් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා ගූගල් සෙවුම් කොටුවේ Time යන්න සඳහන් කර ඉන්පසු ඔබට වේලාව අවශ්‍ය නගරයේ හෝ රටේ නම ඇතුල් කරන්න සෙවීම ක්ලික් කරන්න. Time යන්න පමණක් සඳහන් කළොත් ඔබ අයත් රටේ වේලාව දැකගන්නට හැකිවේවි. 😀

ලයිෆ්හැකර් මගිනි

Do you know you can find time with Google? Yep, you can find the time of any place in the world with Google. Simply enter ‘Time’ and enter the City or Country after that. You’ll get the current time of the place you entered. If you just enter Time without any Country or City, you’ll get the current time of your country, probably 😀

From Lifehacker

අන්තර්ගතය විනාශ නොකරගෙන පින්තූර ප්‍රතිප්‍රමාණ කරන්න | Resize your images, without destryoing Content

ටිකක් ලොකු පින්තූරයක් ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට යොදන්නට තැත් කළ වෙලාවක එය කුඩා කරන්න සිද්ධ වුණාද? නමුත් පින්තූරයේ ලොකු කොටසක් නැතිවීම මගින් පින්තූරයේ මුළු ප්‍රයෝජනය ගන්නට බැරිවුණාද? මෙන්න මේ ගැටළු සඳහා විසඳුම් ලබාදෙන නවතම පින්තූර ප්‍රතිප්‍රමාණන තාක්ෂණයක් එළිදැක්වී හමාරයි. ද්‍රවීය ප්‍රතිප්‍රමාණනය (Liquid Resizing/Content Aware Resizing) යනුවෙන් හඳුන්වන මෙමගින් ඔබගේ පින්තූරය අවශ්‍ය ප්‍රමාණයකට කුඩා කරගත හැකියි එහි අන්තර්ගතයට කිසිදු හානියක් නොකරම! මේ ටික වචන වලින් කීවාට තේරුම් ගන්න බැහැ. මෙම වීඩියෝව නරඹන්න. එමගින් ඒ පිළිබඳ හොඳ අදහසක් ලබාගන්නට පුළුවන්.

මෙම වීඩියෝවේ ඇති තරම් නොවුණත්, මීට බොහෝ සමාන කාර්යයක් කරන්නට හැකි අමතර එක්කිරීම් කිහිපයක් හා වෙබ් අඩවියක් දැනටමත් ක්‍රියාත්මකයි. ‍පහත දක්වා ඇත්තේ රීසයිසර් වෙබ් අඩවිය ‍මගින් ප්‍රතිප්‍රමාණනය කළ පින්තූරයක්: (කලින් තිබුණු පින්තූරේ ඕක හරියට‍ තේරෙන්නෙ නෑ. අලුතින් එකක් දැම්මා. මෙතන සීගිරිය සහ පහළින් මාර්ගය රැකගෙන පින්තූරය ප්‍රමාණය වෙනස් කර තිබෙනවා.) ෆොටෝෂොප් මගින් after පින්තූරය before වෙත ඩ්‍රැග් කර Layer Mode එක Difference ලෙස වෙනස් කළොත් පෙනේවි සීගිරියෙහි ප්‍රමාණයෙහි කිසිම වෙනසක් වී නැති බව.


ගිම්ප් එක්කිරීම | Rsizr | ෆො‍ටෝෂොප් එක්කිරීම 1 | 2
ලයිෆ්හැකර් මගිනි

—————-
Listening to: James Blunt – Wisemen
via FoxyTunes

ගොඩ කාලෙකින් | From a long time…

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. අද ඉඳන් ආයෙත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. තවම මේ සටහන කියවන අය ඉන්නවනම් සමාවෙන්න 😀
Couldn’t write from a long time. Will write from today. If there’s anyone who still reads my blog, I apologies. 😀