ඉතින් ඉතින් මෙන්න කවදාවත්ම නොවෙයි කියල හිතපු දේ සිද්ධවුණු හැටි! කට්ටිය දන්නවත් ඇති දැන් කාලෙක ඉඳන් මොබිටෙල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන හැටි ගැන. දැන් දවස් කිපයක ඉඳන් මේක පාවිච්චි කරන්නම බැරි තත්ත්වයකට ඇදගෙන වැටුණා. මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වෙ අප්ග්‍රේඩ් එකක් කළා, දැන් හරි ඇති කියලා. ඒත් වෙනසක් නෑ කිව්වම තව හොයල බලන්නම් කියල තමයි කිව්වෙ. ඒත් ඕක කවදා හැදෙයිද කියලා බලාගෙන ඉන්න බැරි හින්දා සහ දැන් සම්බන්ධතාවය වැටිල තියෙන තත්ත්වය දැක්කම හොඳ වචන මතක් වෙන හින්දා මේකට මොකක්හරි කරන්න කියලා හිතුණෙ.

දැන් කාලෙක ඉඳන් ඩයලොග් වල 3G සංඥා ටිකක් මෙහෙට ලැබෙන හින්දා ඒකට මාරුවෙන එක හොඳයි කියලා හිතුණා. පහුගිය දවස් වල ඩයලොග් ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් ටිකක් පරික්ෂා කරලත් බැලුවා. වේගය හොඳයි. අවුල් නෑ. ඉතින් එහෙම එකක් තියෙද්දි මොබිටෙල් පාවිච්චි කරන එක තේරුමක් නෑනෙ.
ඉතින් අද ගියා ඩයලොග් එක පැත්තට කාලෙකට පස්සෙ. මල්ලිවත් ඇදගෙන ගියා, මිනිහටත් ඕව ටිකක් පුරුදු කරන්න ඕනනෙ. 😀 ඉතින් ඩයලොග් එකට ගිහින් ඒකක් ගන්න පුළුවන්ද කියලා විස්තර අහලා, කොල කෑල්ලක ලියපු නම්බරයකුත් අරගෙන වාඩිවෙලා හිටියා. වැඩි වෙලා ඉන්න වුණේ නෑ ඉතින්. අන්තිමට ගිහින් අවශ්‍යතාවය කියලා මොඩම් එක නැතුව සම්බන්ධතාවය ගත්තා. එතන එක රිසිට් එකක අවුලක් වෙලා ආයෙ සැරයක් ඒකෙ කොපියක් ඉල්ලගෙන එන්නත් වුණා. ඒ ඇරුණම වෙන මුකුත් අවුලක් වුණේ නෑ.

ඉතින් ඒ අස්සෙ අලුත් ස්පීකර් සෙට් එකක් ගන්නත් රවුමක් ගැහුවා. 5.1 එකක් ගන්න හිතාගෙන හිටියෙ ඒත් ඒක තේරුමක් නෑ කියල හිතුණු නිසා අන්තිමට ෂොප් එකක කට්ටියකට වද දීල දීල ගත්ත අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් 2.1 එකක්. Eacan කියල චයිනීස් එකක් 😀 සද්දෙ නම් හොඳයි. ගෙදර ආපු වෙලේ ඉඳන් ඕක චෙක් කරන එක තමයි කරේ.
ටවුන් එකේදිම ඩයලොග් එක දාලා බැලුවා. වේගය නියමයි. කාලෙකට පස්සෙ Top Gear බැලුව අද කිසිම කරදරයක් නැතුව. අනිත් එක මොබිටෙල් එකේ වගේ නෙමෙයි, අපට වෙනමම IP ලිපිනයක් ලැබෙනව.
ම් ඉතින් ඔය විදියට තමයි අද විස්තරේ. දැනට නම් ඩයලොග් අවුලක් නැතිව වැඩ. ඉදිරියේදී අවුල් වුණොත් ඉතින් ඒ ගැනත් කියන්නම් 😀
මේ ඩයලොග් එකේ ස්පීඩ්ටෙස්ට් කීපයක්:













උදේ නැගිටපු වෙලාව ඉඳන් නුවරින් පිටට එනකල්ම මොබිටෙල් ජංජාලය වැඩ කරේ නෑ. සම්බන්ධ වුණත් කිසිම දත්ත හුවමාරුවක් නොවෙන හින්ද එපාවෙලා හිටියෙ. කොහොමහරි දුම්රිය නුවරින් පිටට ආවම මේක හරියට වැඩ කරන්න පටන්ගත්තා. ඔය තියෙන්නෙ ප්‍රතිඵලය තමයි. ගත්තු තැන නම් මතක නෑ. කොහොම වුණත් තවමත් හවස් වෙනකොට මොබිටෙල් පිස්සු නටන එක නැවතිලා නෑ. හදනවා කියල ආරංචියක් නම් ආවා. ඒත් දැනට නම් වෙනසක් නෑ. තිබ්බටත් වඩා අල වෙලා කියන්න පුළුවන් 😀