මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for June, 2007



ගූගල් ටෝක් හි විශේ‍ෂාංගයකි. ඔබට සැමවිටම එය සියළු කවුළු වලට මතුපිටින් තබාගැනීමට (Always On Top) අවශ්‍ය නම් කළ යුත්තේ ඉතා සරල කටයුත්තකි. Registry Editor වෙත‍‍ ගොස් HKEY_CURRENT_USER\Software\Google\Google Talk\Options වෙත යන්න. එහි නව DWORD අගයක් show_pin යන නමින් සකසා, එහි දත්තය 1 ලෙස සකස් කරන්න. මෙමගින් ගූගල් ටෝක් හි කුඩා පින් එකක් පෙන්වනු ඇත. මෙය ක්ලික් කිරීම මගින් එය සියළු කවුළු වලට මතුපිටින් තබාගැනීමේ පහසුව ලැබෙනු ඇත.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • විවිධ ගොනු වර්ග විශාල සංඛ්‍යාවක් පිරුණු බහාලුමකින් එක් වර්ගයක ගොනු තේරීම ලේසි පහසු කටයුත්තක් නොවන්නටත් ඉඩ තිබෙනවා. අවශ්‍යනම් ගොනු වර්ග තේරීමේ Dropdown ලැයිස්තුව මගින් තේරීම කළ හැකි වුවත්, ඊටත් වඩා පහසු ක්‍රමයක් තිබෙනවා. කළ යුතු වන්නේ asterisk සලකුණක් (වින්ඩෝස් වලදී වයිල්ඩ්කාඩ් ලෙස යොදාගැනෙන *) ටයිප් කර අවශ්‍ය ගොනු වර්ගයේ extension එක ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් ලෙස ඔබ *.png ටයිප් කර එන්ටර් කළහොත් ඔබට යම් බහාලුමක තිබෙන පින්ගා ගොනු වෙන්කරගත හැකියි.
    තවත් දුර මෙය ගෙනයනවානම් යම් ‍ගොනුවක තිබෙන නමෙන් කොටසක් පවා asterisk එකක් යොදා ගනිමින් වෙන්කරගත හැකියි. උදාහරණයක් ලෙස *trip* යන්න සටහන් කළහොත් Trip යන වදන තිබෙන සියළුම ගොනු වෙන්කරගත හැකියි. මෙය වින්ඩෝස් වල පැවති පහසුකමක් වුවත්, දැනගන්නට ලැබුණේ ලයිෆ්හැකර් මගිනුයි :D

    (ලයිෆ්හැකර් හරහා)

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ගූගල් මුහුණු සෙවුම


    ගූගල් පින්තූර සෙවුමට එක්කළ නව විශේෂාංගයකි. උත්සාහ කර බලන්න. මෙන්න ක්‍රමය:
    1. කාගේ හෝ නමක් සොයන්න. (උදා: පැරිස්)
    2. සෙවුම් ප්‍රතිඵල URL අගට &imgtype=face එක්කරන්න
    3. දැන් ඔබට ලැබෙන්නේ පැරිස් හිල්ටන්ගේ පින්තූර පමණයි! (වෙනත් අයගේද තිබිය හැකියි. නමුත් මුහුණු පමණයි.)

    (ලයිෆ්හැකර් හරහා)

  • 1 Comment
  • Filed under: Uncategorized

  • පරිගණකයේ වැඩක් කරමින් සිටින විට මතුවන දෝෂ පණිවිඩ ඉතාමත්ම ලොකු කරදරයක්. මෙවන් අවස්ථාවක ඔබ එතරම්ම තාක්ෂණික පුද්ගලයෙකු නොවෙයි නම් ඒ දෝෂ පණිවිඩය කොපි කර තබාගැනීම අවශ්‍ය වන්නට පුළුවන්. නමුත් ඉතාමත්ම දිග වූ අකුරු අංක පිරුණු දෝෂ පණිවිඩයක් පිටපත් කරගැනීම ලේසි වැඩක් නොවෙයි නේද? නමුත් ඒ සඳහා පහසු ක්‍රියාමාර්ගයක් තිබෙනවා. එම දෝෂ කවුළුවක් මතු වූ විට සාමාන්‍ය පිටපත් කිරීම සඳහා යොදාගන්නා Ctrl+C ඇතුල් කරන්න. එම දෝෂ පණිවිඩයේ සියළු තොරතුරු ක්ලිප්බෝඩ් එකට පිටපත් වී හමාරයි. (මෙය වින්ඩෝස් 2000 වල පටන්ම තිබුණු විශේෂාංගයක්ලු. කවුද දන්නේ?)

    (ලයිෆ්හැකර් හරහා)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • මැගී ආච්චිගේ හෑල්ල

    අම්මා ලියන මැගී ආච්චිගේ හෑල්ල නම් ලිපි පෙළ මම තවත් වියුණු සටහන් අඩවියකට එක් කරනවා.

    http://maggie-aachchi.blogspot.com/



  • 0 Comments
  • Filed under: Uncategorized
  • G2P

    අන්තර්ජාලයේදී නොමි‍ලේ එම්පී3 ගොනු ලබාගැනීම සමහර අවස්ථා වලදී අපහසු කටයුත්තක් විය හැකියි. එම්පී3 හැරුණු විට ඊ-පොත්, මෘදුකාංග ආදී බොහෝ දේ සඳහා මෙය පොදුයි. නමුත් අන්තර්ජාලයේ ‍විවිධ ස්ථානවල ගොඩගසා ඇති මෙවන් ‍ගොනු සොයාගැනීම ගූගල් මගින් පහසුවෙන් කළ හැකියි. මේ සඳහා විවිධ commands විශාල සංඛ්‍යාවක් ටයිප් කළ යුතුයි. මේ කටයුත්ත සරල කර, ඕනෑම ගොනුවක් සොයාගත හැකි ආකාරයට සකස් කළ අඩවියකි ජී2පී.org

    ජී2පී.org

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ටෙරාකොපි

    වින්ඩෝස් සඳහා පමණි: නොමිලේ ලබාදෙන ගොනු පිටපත් කිරීමේ උපාංගයකි.


    විශේෂතා: වේගවත් ගොනු පිටපත් කිරීම , පිටපත් කිරීම තාවකාලිකව නැවතීම හා
    නැවත ආරම්භය, දෝෂ මගින් ගලවාගැනීමේ හැකියාව (පිටපත් කිරීමේදී දෝෂයක්
    වුවහොත්, එම ගොනුව අතහැර ඉතිරිය පිටපත් කරයි. වින්ඩෝස් හි මෙන් පිටපත්
    කිරීමේ මුළුමනින්ම නවතන්නේ නැත.)


    ටෙරාකොපි


    (ලයිෆ්හැකර් හරහා)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs