මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for January, 2008

වින්ඩෝස් පාවිච්චි කරන හැමෝම දන්නවා වෛරස් තරම් එපාකරපු දෙයක් තවත් නැති වග. (මමත් වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අත්හැරලා නැති නිසා…) දැන් අපේ වැඩ ඔක්කොම අවුල් කරන්න එන වෛරස් නවත්වන්න අනිවාර්යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් තියෙන්න ඕන. ඒ වුණත් සමහර වෛරස් අල්ලගන්න ඒ මෘදුකාංග වලට නොහැකි වෙන අවස්ථාත් නැත්තෙම නැහැ. ඒ වගේ වෙලාවක ජාමේ බේරගන්න නිපදවපු නියම මෘදුකාංගයක් තමයි මේ Trust-No-Exe කියන්නේ. නිෂ්පාදකයෝ මේ මෘදුකාංගය හඳුන්වා දෙන්නේ An Executable filter for Windows වශයෙන්.

මොකක්ද ඇත්තටම මේකෙන් වෙන්නෙ? .exe, .com, .dll, .drv, .sys, .dpl වැනි ගොනු වර්ග ගණනාවක්ම ‘පෙරන්නට’ හැකියාව මේ මෘදුකාංගයට තිබෙනවා. සාමාන්‍යයෙන් වෛරසයක් එන්නේ .exe ගොනුවක් මගින්. අපි අත්වැරදීමකින් හෝ එවැන්නක් විවෘත කළොත් Trust-No-Exe මගින් එම ගොනුව විවෘත වීම වළක්වා දමනවා. මෙහි විශේෂත්වය අපට අවශ්‍ය ෆෝල්ඩර වල තිබෙන මෘදුකාංග ධාවනය වීමට ඉඩ දී, අප සඳහන් කර නැති අනෙක් සියළු ධාවක හා ෆෝල්ඩර වල සියළු Executable ගොනු ධාවනය වීම වැළැක්වීමයි. සාමාන්‍යයෙන් C:\Windows හා C:\Program Files ෆෝල්ඩර තමයි Access List එකට ඇතුල් වන්නේ.

මම නම් සාර්ථකව මෙය අත්හදා බැලුවා. අත්වැරදීමකින් පෙන් ඩ්‍රයිව් එකකින් ආ වෛරස ගොනුවක් ධාවනය වීම වැළැක්වීම වගේ අවස්ථා දෙක තුනක්. ඒ හින්දා පාවිච්චි කරන්න බය වෙන්න ඕන නැහැ.

කොහොම වුණත්, මේක ප්‍රතිවෛරස මෘදුකාංගයකට විකල්පයක් නෙමෙයි. ඒ නිසා වින්ඩෝස් පාවිච්චි කරනවා නම් ප්‍රතිවෛර මෘදුකාංගයක් ස්ථාපනය කරලා කලට වේලාවට යාවත්කාල කරලා තියාගන්න!!

[Trust-No-Exe]

  • 2 Comments
  • Filed under: Uncategorized
  • සාමාන්‍යයෙන් බ්ලොග් කියවන අය ගොඩක් වෙලාවට ගූගල් රීඩරය පාවිච්චි කරන්න කැමති ඇති නේද? මම නම් පාවිච්චි කරන්නෙ ඉතින් ඒකම තමයි. ඒක තරම් පහසු එකක් මට හමුවෙලා නැහැ. ඒත් එකම සැලසුම හැමදාම දැකලා දැකලා එපා වෙන එක නම් ඇත්ත. වාසනාවට අපේ මගේ ප්‍රියතම ලයිෆ්හැකර් අඩවිය මගින් ෆයර්ෆොක්ස් සඳහා Better GReader එකතු කිරීම හඳුන්වා දුන්නා. කෙටියෙන්ම කියනවා නම්, ගූගල් රීඩරයට නව පණක් දෙන්නට මේ එකතු කිරීමට හැකියාව තියෙනවා.

    I’m sure that most of you guys use our beloved Google’s Reader for reading our rss feeds. I use it and I love it. I’ve never used anything comfortable like that. But, seeing the same old interface does make it kinda boring. Luckily, my Favorite tech blog Lifehacker has introduced a Firefox Addon named Better GReader to breathe some new life to Google Reader.

    Better GReader මෙවැනි නව පහසුකම් ටිකක් ගූගල් රීඩරයට ලබාදෙනවා; Better GReader Gives some new features like these to the Google Reader:

    Skins: Air, Mac OS X, Minimalistic, Optimized
    General Features: Auto Add Feature (bypassing iGoogle), Item Previews, Smart Subscribe

    [Better GReader Extension from Lifehacker]

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Cheap Web Hosting from VHOST1ST

    Newly created, Sri Lankan Web Host VHOST1ST now offers some awesome web hosting packages for a considerably low price. You can also get a package now. Use the coupon code ‘malinthe’ for a discount of 5% on selected packages (for a limited period). Get yours now!!!

    VHOST1ST

  • 0 Comments
  • Filed under: Uncategorized
  • සාමාන්‍යයෙන් ෆයර්ෆොක්ස් භාවිතා කරන ගොඩක් අය ෆයර්ෆොක්ස් සමගම එන Quick Search Box එක පාවිච්චි කරනවා ඇති නේද? ඔව් සාමාන්‍ය සෙවුම් කටයුතු සඳහා මෙය ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් ඒක ටිකක් කරදර වැඩියි වගේ මට හිතෙන්නෙ. කොහොම හරි මේ කටයුත්ත තවත් පහසුවෙන් කරගන්න විදියක් තියෙනවා. ඒ සෙවීම සඳහා Keyword එකක් එකතු කරගැනීම මගින්. මේ ක්‍රමය භාවිතයෙන් අපට සාමාන්‍ය විදියට Address Bar එකෙහි අපේ සෙවුමට අයත් Keyword එක සමග සෙවිය යුතු වදන් පෙළ ලියා Enter කළ පසු කෙලින්ම එම සෙවුම් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

    උදාහරණයක් විදියට ගූගල් මගින් ලිනක්ස් ගැන සොයන්න නම් Address Bar එකෙහි google linux වශයෙන් ටයිප් කරන්න පුළුවන්. අපි විකිපීඩියාවට Keyword එකක් ඇතුල් කළොත් wp වශයෙන්, ලිනක්ස් ගැන සොයන්නට wp linux පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදියට ගූගල් සඳහා google, විකිපීඩියා සඳහා wp, IMDB සඳහා mov, Skreemr සඳහා sk, LyricWiki සඳහා lw, OpenSubtitles සඳහා sub යන වදන් පාවිච්චි කරනවා.

    මේක ගොඩක් පහසු වැඩක්. කරන්නෙ මෙහෙමයි:

    • මුලින්ම අවශ්‍ය අඩවියට යන්න. මේ උදාහරණයට මං පාවිච්චි කරන්නෙ IMDB.
    • IMDB හි සෙවුම් කවුළුවට ගොස් ඒ මත රයිට් ක්ලික් කරන්න.
    • එවිට මතුවන මෙනුවෙන් Add a Keyword for this Search ක්ලික් කරන්න.
    • එවිට මතුවන කවුළුවේ Keyword සඳහා ඔබට අවශ්‍ය කෙටි අක්ෂරය ඇතුල් කරන්න. (මම ඇතුල් කළේ mov)
    • දැන් Add ක්ලික් කරන්න.

    එපමණයි. දැන් ඒක පරීක්ෂා කරලා බලන්න Address Bar එකේ mov ටයිප් කරලා කැමති චිත්‍රපටයක නමක් ටයිප් කරලා එන්ටර් කරන්න. :-)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Goodbye Axesstel, Hello Huawei

    ගොඩ දවසකින් ලියන්නත් බැරිවුණේ තරමක කරදරයකට මුහුණ පාන්න සිදුවෙච්ච නිසා. අපේ සීඩීඑම්ඒ දුරකථනයේ දත්ත කේබලය ගොඩගන්න බැරි තරමට හානි වුණා. මීට කලිනුත් කැඩිලා තියෙනවා. පැලැස්තර විසඳුම් මගින් කොහොමහරි වැඩේ කරගත්තා. ඒත් මේ පාර නම් ඉවරටම ඉවරයි. දැන් ඉතින් කරන්න දේකුත් නැති හින්දා සන්ටෙල් එකට ගිහින් බැලුවා වෙන කේබල් එකක් ගන්න. දැන් ඒ කේබල් එන්නේ නැතිලු. මදෑ! කොහොමහරි සන්ටෙල් එකේ කට්ටිය කිව්වා දැන් කේබල් තියෙන වෙන ෆෝන් එකකට දැන් තියෙන එක මාරු කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින්… මාරු කළා! ලිනක්ස් වලටත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ (උපදෙස් මෙතැනින්) :D

    I faced some major problems with my net connection. Well my data cable got FUBAR. It was damaged before but I managed to work with it anyway by using some plaster solutions. However, this time, it’s dead forever. Since there’s no workarounds I went to Suntel to get a new cable. And they said those cables are now unavailable. (Since they don’t use the Axesstel phone anymore) Great. Luckily, they also said they can change the current phone to a new one. So… they did. (at no extra cost - well we had to pay for the cable and software though) And it’s working great. Supports Linux very well. (Info from here) :D

  • 0 Comments
  • Filed under: Uncategorized
  • වින්ඩෝස් වලින් උබුන්ටු වලට ආවත් වින්ඩෝස් වල තිබූ සමහර පහසුකම් උබුන්ටු වල හොයාගන්න අමාරු වුණා. එකක් තමයි ෆයර්ෆොක්ස් හි පිටු මවුස් එකේ මැද බොත්තමෙන් ස්ක්‍රොල් කරන එක. (Scroll) උබුන්ටු වල මැද බොත්තම සකසා තියෙන්නේ Copy and Paste කරන්න. මේක මට එච්චර ඇල්ලුවේ නැහැ. ඉතින් පොඩ්ඩක් හොයා බැලුවට පස්සේ ඒක පරණ විදියට හදන හැටි හොයාගත්තා.

    1. ෆයර්ෆොක්ස් හි ලිපින තීරුවේ about:config ඇතුළත් කරන්න.
    2. එවිට ප්‍රවේශනය වෙන පිටුවේ Filter තීරුවට autoscoll යන්න ටයිප් කරන්න.
    3. ඉන්පසු ඔබට දකින්නට හැකිවේවි general.autoScroll යන විකල්පයක්. එය සාමාන්‍යයෙන් ඇත්තේ false ලෙස. එය දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් Right Click කර Toggle ක්ලික් කරන්න. එවිට එහි අගය true ලෙස වෙනස් වේවි.
    4. ෆයර්ෆොක්ස් වසා දමා නැවත විවෘත කරන්න.
    5. මැද මවුස් බොත්තමෙන් පිටු ස්ක්‍රොල් කරන්න! :-)

    Well I moved from Windows to Ubuntu but I miss some features that were available with it. (For an example, the Refresh menu item in the desktop context menu. I clicked it frequently and I miss it :D ) Another one is the middle mouse button scrolling in Firefox. Ubuntu’s default is to Copy/Paste with the middle button. I ran a search and found out how to fix it. (Not a fix, actually)

    1. Enter about:config in the Firefox address bar
    2. Then enter autoscroll in the Filter field.
    3. You’ll see an option named general.autoscroll. It’s default value must be false. Set it to true by double clicking on it.
    4. Restart Firefox.
    5. Enjoy!

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ඔව්, ලොව පුරා බ්ලොග්කරුවන් හා පාරිභෝගිකයන් පුල පුලා බලා හිටි මැක්වර්ල්ඩ් වැඩසටහනේදී ස්ටීව් ජොබ්ස් නව නිෂ්පාදන රැසක්ම හඳුන්වා දුන්නා. මේ අතරින් අතිශය සිහින් වූ, විශිෂ්ටතම නිෂ්පාදනය වන්නේ ඔහු හඳුන්වා දුන් මැක්බුක් එයාර් පරිගණකය බව බය නැතුව කියන්නට පුළුවනි! :-)

    මැක්බුක් එයාර් (MacBook Air) ලොව තුනීම නෝට්බුක් පරිගණකයයි. සම්පූර්ණ ප්‍රමාණයේ යතුරුපුවරුවක්, අඟල් 13.3ක එල්ඊඩී තිරයක් හා මල්ටිටච් ට්‍රැක්පෑඩ් එකක් සහිතව හඳුන්වා දෙන මෙම පරිගණකයේ ලොකුම විශේෂත්වය මෙහි තුනී බව තමයි! අඟල් 0.16-0.76 පමණ ඝනකමින් යුත් මෙම පරිගණකය අදහන්නට බැරි තරම් සිහින් නේද?
    සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙහි අන්තර්ගත වන්නේ 1.6GHz ඉන්ටෙල් Core 2 Duo ප්‍රොසෙසරයක්. ගිගාබයිට් දෙකක සාමාන්‍ය මතකයක්, ගිගාබයිට් අසූවක දෘඪ තැටියක්, වයිෆයි, බ්ලූටූත්, ඩීවීඅයි, යූඑස්බී, පරිගණකයටම සවිකර ඇති අයිසයිට් කැමරාව ආදී යම් පුද්ගලයෙකුට අවශ්‍ය වන සියළුම උපාංග මෙහි අන්තර්ගතයි. එකම අසාර්ථකත්වය මෙය සම්පූර්ණයෙන්ම ගැලවිය නොහැකි ලෙස සකසා තිබෙන නිසා බැටරියවත් මාරු කිරීමේ හැකියාව නොලැබීමයි. මතකය පවා ප්‍රධාන පුවරුවට පාස්සා තිබෙන නිසා ඉහළ දැමීම පවා කරන්නට බැහැ.

    සාමාන්‍ය මිල ඩොලර් 1799 පමණ වෙනවා. :D
    නමුත්, මෙම පරිගණකයේ ඇති තාක්ෂණය, සිහින් බව, විශිෂ්ටත්වය ගත් කල මෙම මිළ නම් එතරම් වැඩිත් නැහැ!

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ෆෙඩෝරා ලිනක්ස් සටහන් හි නිර්දේශය මත මමත් වර්චුවල්බොක්ස් ස්ථාපනය කර බැලුවා. VirtualBox Guest Additions ස්ථාපනය කළ පසු ඉතා හොඳින් එක්ස්පී ක්‍රියාත්මක වුණා. වර්චුවල්බොක්ස් හි අනුවාද දෙකක් තිබෙනවා. VirtualBox-OSE හා සාමාන්‍ය වැසූ-කේත නිපැයුම ලෙස. OSE අනුවාදය විවෘත කේත අනුවාදයක්. එහි යූඑස්බී සහය ආදිය ලැබෙන්නේ නැහැ. වැසූ-කේත අනුවාදයේ යූඑස්බී සහයද තිබෙනවා.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ඉතින්, ගොඩ දවසකින් මේ ලියන්න පටන් ගත්තේ. මේ දවස් වල නම් උබුන්ටු වලම තමයි වැඩ කරන්නේ. හිතාගන්නවත් බෑ වින්ඩෝස් පාවිච්චි කරන්න නොහිතෙන බව. මේ දවස් ටිකට බොහොම සුළු වැඩ කීපයකට විතරයි වින්ඩෝස් බූට් කළේ. ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ ලිනක්ස් වලට මට මෙච්චර ආසා හිතෙයි කියලා :-) ඒ වුණත් මට Gnome නම් වැඩිය ඇල්ලුවේ නැහැ. හේතුව කියන්න දන්නේ නැහැ ඒක ගොඩක් හෙමින් තමයි වැඩ කරන්නේ. මම KDE උත්සාහ කර බැලුවා. ඒක නම් ගොඩක් හොඳයි වගේ දැනුනේ. Kubuntu සීඩී තැටියකුත් ඉල්ලලයි තියෙන්නේ.

    උබුන්ටු පාවිච්චි කළාට තවම ස්කෑනර් එක හදාගන්න බැරිවුණා. දන්න කියන හැමෝගෙන්ම අහලා, ෆෝරම් වලින් අහලා, උබුන්ටු IRC චැනලයේ අයගෙනුත් ඇහුවා. කිසිම විසඳුමක් නැහැ. කරන්න දෙයක් නෑ ඊළඟ update එක එනතෙක් බලාගෙන ඉන්න වෙයි වගේ. අනිත් ඒවා නම් හොඳට වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

    අනිත් ප්‍රශ්නේ සමහර මෘදුකාංග. ෆොටෝෂොප් සහ කොරල්ඩ්‍රෝ තමයි ලොකුම ප්‍රශ්නේ. Wine වලින් ට්‍රයි කරලා බැලුවා - අසාර්ථකයි. Virtualbox දාලා ට්‍රයි කළා. ඒක නම් එච්චරටම වරදක් නෑ. ඒත් ඉතින් හාඩ් ඩිස්ක් එකේ ඉඩ මදි හින්දා ආයෙමත් අයින් කළා. (මා ගාව 40යි තියෙන්නේ)

    පොඩි කැමරාවකුත් හම්බවුණා. Olympus FE-100 එකක්. පරණයි. වැඩිය වැඩ කෑලි නැහැ. ඒත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ. දැන් ඉතින් බ්ලොග් එක ලියනකොට පින්තූරයක් දෙකක් දාගන්නත් බැරියැ? :-) ඒකෙන් ගත්තු පින්තූර කීපයක් මගේ deviantART පිටුවට දාලා තියෙනවා.

  • 2 Comments
  • Filed under: Uncategorized
  • So, I installed Ubuntu once again. But unlike the previous version, I’m enjoying it very well. :D Yeah, I’m using it more often than Windows. It’s strange ‘coz before, I didn’t like Ubuntu at all. Well I didn’t like many of ‘em. I even tried Fedora. However, Gutsy works fine and I’m loving it. :-) There are some problems with the scanner though. I’m trying to find a way to fix it now. I installed Wine to get some Windows applications to work with it. Haven’t tried it yet though. Will keep you updated.

    අහ්, සිංහලෙන් නොලිවීම ගැන සමාවෙන්න. ලියන්න හිතුණෙ නෑ. ඉස්සරහට ලියන්නම්. නිකං කම්මැලියි වගේ ලියන්න. සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් ලියනකොට අදහස් ප්‍රකාශ කරන්න ලේසියි වගේ දැනෙනවා. අනේ මන්දා… මේ ලිපිය ලියන්නේ උබුන්ටු වල ඉඳන්. මම කොහොමත් ලිනක්ස් වලට වැඩි කැමැත්තක් තිබුණේ නෑ ඉස්සර. දැන් නම් පාවිච්චි කරන්නෙ ආසාවෙන්. තවත් පොඩි වැඩ ටිකක් තියෙනවා, පසුව විස්තර කියන්නම්කො. :-)

  • 6 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs