මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for April, 2008

New Emoticon

Here’s the latest emoticon created by me:

:{D

Smile with a moustache :D Just couldn’t resist!

Nevermind, here are some more info on emoticons on wikipedia: http://en.wikipedia.org/wiki/Emoticon

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Wordpress 2.5.1 Update

    වර්ඩ්ප්‍රෙස් 2.5.1 අනුවාදය නිකුත් කරලා. තව ටිකකින් යාවත්කාල කරනවා. ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු විසඳීම් මෙන්ම තවත් විසඳුම් 70කට අධික සංඛ්‍යාවක් මේ අනුවාදයේ තිබෙන බවයි ආරංචිය.

    සම්පූර්ණ විස්තරය මෙතැනින් ලබාගන්න: http://wordpress.org/development/2008/04/wordpress-251/

    දැන් වැඩේට බහින්නයි සූදානම ;)

    Update: යාවත්කාලීන කිරීම අවසන්! ඔක්කොම හරියට වැඩ :D

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Ubuntu 8.04 Released

    උබුන්ටු 8.04 නිකුත් කරලා! දැන් ඉතින් බල බල ඉන්න දෙයක් නෑ. ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරගන්න. මම නම් නොමිලේ සීඩී එකක් request කළා ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් නැති නිසා - Mobitel M3 Limited Bandwidth :( කොහොමත් ඉක්මණට එයි කියලා බලාපොරොත්තු වෙනවා සීඩී එක.

    කලින් පාර උබුන්ටු දාපු වෙලේ ගොඩක් ආසාවෙන් පාවිච්චි කළා. ඒත් හාඩ් ඩිස්ක් එකේ ඉඩ මදිවෙලා, සිංදු වගයක් ඒකට කොපි කරන්න වුණු නිසා ඉවත් කරන්න වුණා. දැන් අලුතින් හාඩ් ඩිස්ක් එකක් ගන්නයි හිතාගෙන ඉන්නෙ.

    උබුන්ටු ලබාගන්න මෙතැනින්: http://www.ubuntu.com/getubuntu

  • 3 Comments
  • Filed under: Uncategorized
  • Windows XP Service Pack 3

    Update: දැන් වින්ඩෝස් අප්ඩේට් මගිනුත් මෙය ලබාගන්නට පුළුවන් බව ආරංචියි.

    වින්ඩෝස් සඳහා සර්විස් පැක් 3 අප්‍රේල් 29 දින නිළ වශයෙන් නිකුත් කරන්නට නියමිතයි. ඒත් ඊට කලින්ම මයික්‍රොසොෆ්ට් මගින් එය නිෂ්පාදකයන් වෙත නිකුත් කරලා ඇති බවයි ආරංචිය. ඔබටත් එය ලබාගන්නා තෙක් ඉවසිල්ලක් නැතිනම් දැන් සොෆ්ට්පීඩියා හා මේජර්ගීක්ස් මගින් එය ලබාගන්නට පුළුවන්. ;) මේ සර්විස් පැක් 3 හි අවසන් නිළ සංස්කරණයයි.

    MajorGeeks හා Softpedia මගින් ලබාගන්න.

  • 1 Comment
  • Filed under: software, windows
  • මම අලුතෙන් වෙබ්කැම් එකක් ගත්තු නිසා ඒකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා හොය හොය ඉන්න අතරේ තමයි මේක හොයාගන්න ලැබුණේ. මේ මෘදුකාංගයේ නම LemonScreen - තවමත් අත්හදා බැලීමේ මට්ටමකයි තියෙන්නෙ. ඒත් නියම වැඩසටහනක් නිසා පාවිච්චි කරලා බලන්න හිතුණා.

    සරලවම කියනවා නම් මේක මගින් කරන්නේ ඔබේ මුහුණ හඳුනාගැනීම තමයි. එතකොට ඔබේ මුහුණ මගින් පරිගණකය අන්ලොක් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. තවමත් වින්ඩෝස් වලට ලොග් වෙනකොට ඒක පාවිච්චි කරන්න තරම් දියුණු කරලා නැහැ. ඒත් පාවිච්චි කරන අතුරතුර පරිගණකය ලොක් කරන්න අවශ්‍ය වුණොත් මේක පාවිච්චි කරලා පරිගණකය ලොක් කරන්න පුළුවන්. ලොකුම දේ තමයි මෙය නොමිලේ ලබාදෙන්නක් වීම.

    භාවිතය ගොඩක් පහසුයි. මුලින්ම ඔබට වෙබ් කැමරාවක් ඕන. ඉන්පස්සේ මේ LemonScreen මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන (මෙගාබයිට් 2ක පමණ මෘදුකාංගයක්) ස්ථාපනය කරන්නයි තියෙන්නෙ. ස්ථාපනය කරලා ධාවනය කිරීමෙන් පස්සේ ඒ මගින් ස්වයංක්‍රීයව කැමරාව ක්‍රියාත්මක කරාවි. ඉන්පස්සේ ඔබට තියෙන්නෙ ඔබේ වින්ඩෝස් මුරපදය (password) ඇතුළත් කරලා Update Model බොත්තම ක්ලික් කරන එක පමණයි. මේ කටයුතු වලින් පස්සේ Alt+L යතුරු භාවිතයෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන්. නැතිනම් වැඩසටහනේ සඳහන් කර ඇති කාලයෙන් පස්සේ ස්වයංක්‍රීයවම ලොක් කරන්නත් පුළුවන්. පරිගණකය නැවතත් අන්ලොක් කරන්නට නම් තියෙන්නෙ කැමරාවට ඔබේ මුහුණ පෙන්වන එක පමණයි. මේ මෘදුකාංගයෙන් මුහුණේ පින්තූරයක් රඳවාගන්නේ නැහැ. රඳවාගන්නේ ඔබේ මුහුණේ මොඩලයක් (Binary ආකාරයෙන්) පමණයි.

    Update: අමතක වුණා, බැරිවෙලාවත් මුහුණ හඳුනගත්තේ නැතිනම් වින්ඩෝස් වල ඔබේ මුරපදය ටයිප් කරලා අන්ලොක් කරන්න පුළුවන්.

    තවමත් බීටා මට්ටමේ තියෙන නිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා ආරංචියි. ඒත් මට නම් ගොඩාක් හොඳින් වැඩ කළා. මල්ලි ෆුල් ට්‍රයි කළා එයාගේ මූණෙන් අන්ලොක් කරන්න ඒත් හරිගියේ නෑ ;) මම කණ්නාඩි ගලවලා ට්‍රයි කළත් මේකෙන් යන්න දුන්නෙ නෑනෙ :D

    LemonScreen from Keylemon

    Writing again in English, for the benefit of everyone ;)

    Well I bought a new webcam, just for fun, and I was searching ways of putting it to good use. That’s when I found this gem. It’s a program called LemonScreen - still in development but it has a great goal - and something most of you will love.

    Simply put, this program is capable of face recognition. You can use it to lock and unlock your computer. It doesn’t work with windows logon, yet. But you can lock your computer while working. LemonScreen is free, works on Windows.

    Usage is really simple. First of all you’ll need a webcam. Then you’ll have to download the Lemonscreen software (around 2MB) and install it. After installation, you can change the settings. When you open it, it’ll activate the camera automatically. Then you must enter the password and click on Update Model. That’s all. You can lock the PC anytime with Alt+L or it’ll lock the PC after the predefined time. To unlock the PC, all you have to do is show your face to the cam. LemonScreen doesn’t keep an image of your face in the PC, instead it keeps a model of your face in binary format.

    Update: Almost Forgot, if it doesn’t recognize you face you can unlock the PC by just typing your windows password.

    It’s still in beta stages so there might be some problems. But it worked for me without any probs. My bro tried really hard to unlock it with his face, but failed ;) I tried after removing my glasses, and it didn’t let me in either :D

    A pretty cool app!

    LemonScreen from Keylemon

  • 8 Comments
  • Filed under: Uncategorized
  • මැරතන් අවසන්

    හවස පොඩ්ඩක් ලියන්නට බැරිවුණත් 2008 වසරේ මැරතන් එක බොහෝ දුරට හොඳින් කරන්නට හැකිවුණා කියලා හිතනවා. :)

    කට්ටිය හැමෝම වගේ ෆුල් ධෛර්යයෙන් ලිව්වා ලිවිල්ලක් - කියලා වැඩක් නෑ! මාත් ‍ජීවිතේට මේ විදියට ලියලා නෑ. නිදිමත, අකුණු සහ වෙනත් ප්‍රශ්න අස්සේ කොහොම ‍කොහොම හරි මැරතන් එක සාර්ථක කරගන්නට සහභාගි වුණු හැමෝටම මෙන්න මගේ ආචාරය!

    මැරතන් එක සාර්ථක කරගන්න හිතුවටත් වඩා වැඩි සපෝට් එකක් ලැබුණ බව නම් කියන්නම ඕන. ඒ සපෝට් එක දුන්න හැමෝටමත් මෙන්න මගේ ආචාරය!

    හවස නිදාගත්තු නිසා ආයෙ නිදාගන්න බැරිවෙයිද දන්නෙ නෑ. බලමුකෝ.ලබන පාරත් මැරතන් එකක් දුවන්න හැකිවේවි කියලා බලාපොරොත්තු වෙනවා.

    මැරතන් එක ඉවරායි! හුරේ! :D

  • 1 Comment
  • Filed under: Uncategorized
  • මැරතන් එක නැගලා යන හින්දා ‍පොඩ්ඩක් එබිලා බැලුවා කොත්තු සහ අච්චාරු දිහාවට. හෙහේ මොනව කියන්නද? දෙකම පිරිලා තියෙන්නෙ සිංහල පෝස්ට් වලින් නොවැ. මල් හතයි!

    මේ මල් හතේ කතාව‍ මං පටන්ගත්තේ ළඟකදි ඉඳන්. කලින් අහලා තිබුණට පාවිච්චි කරන්න හිතුණේ නෑ. පොතක් කියවලා තමයි දැන් ඒක කියන්න පටන් අරන් තියෙන්නෙ.

    වසීලී ෂුක්ෂින්ගෙ කෙටි කතා පොතක්. ජීවත්වීමේ ආශාව සහ තවත් කෙටිකතා කියලා. ඒකෙ දක්ෂ රියැදුරා කියලා කතාවක තිබ්බෙ.

    මෙන්න ඒකෙන් උපුටාගැනීමක්:

    ‍”සමාජ ශාලාවක් තියෙනවද?” පාෂ්කා ඇසීය.

    “ඇයි නැත්තෙ, තියෙනවා!”

    “පොටෝ එක හරි!”

    “මොනවා?”

    “මම එකඟයි. මල් හතයි. කියල.”

    ප්‍රෝහරව් සතුටින් පිරී ගියෙන් සිනාසෙන්නට විය.

    “හරිම විහිළුකාරයෙක්. (ලොරියක් සහ තවත් අමතර රියැදුරෙක් ලැබීම සත්තකින්ම මල් හතකි!) යෙගෝරිච්, තමුසෙ විහිළුකාරයෙක්.”

    මේ පොතේ නියම කතා ටිකක් තියෙනවා.

    තවත් ආප්ප ටිකක් කන්න ලැබුණා. :D

  • 1 Comment
  • Filed under: Uncategorized
  • කේක්

    කනවා මම හොඳවැයින් කේක් කෑල්ලක්. ගෙදර හදපුවා! :D කොහොම කොහොම හරි මටත් දැන් බටර් කේක් එකක් හදාගන්න පුළුවන් තනියම. ගෙදර හදන‍ කේක් රසයි හැබැයි බේකරි වලින් එහෙම ගන්නවට වඩා. කොටින්ම කියනවා නම් ගෙදර හදන ඕනෑම කෑමක් ගොඩක් රසයි කියල හිතෙන්නෙ. මේ තියන්නෙ මට ලැබුණු කේක් කෑල්ල :lol:

  • 5 Comments
  • Filed under: Uncategorized
  • නැගිට්ටේ දැනුයි

    දවල් ‍‍පොඩ්ඩක් මූණ හෝදගෙන විවේකයක් ගන්න කියලා හිතාගෙන පරිගණකයත් ඕෆ් කරලා ගියාට පස්සෙ පටන් ගත්තෙ නැතෑ විදුලි කොටන්න! ඒ හින්දා ඉතින් කමක් නෑ කියලා හිතාගෙන නිදාගත්තා. හපොයි නින්ද ගියා කියන්නෙ කවදාවත් නිදාගෙන නෑ මේ විදියට. දැන් නැගිට්ටෙ. ඇඟටත් පණ නෑ. තව පැයක් විතරනෙ තියෙන්නෙ මොනවාහරි ලියලා දාන්න ඕන.

    දැන් තේකක් බොන්න ඕන. ;)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ගොරවන හඬක් ඇසුණා

    දැන් නම් නිදිමතක් එනවා, රස්නෙයි. අහසේ ගොරවන සද්ද ටිකක් ඇහෙන හින්දා දැනට කම්පියුටරේ ඕෆ් කරලා, ඇඟපත හෝදගෙන කෙටි විවේකයක් ගන්නයි යන්නෙ. ලියන්නත් මාර කම්මැලියි දැන්. තව පැය 6ක් විතර තමයි තියෙන්නෙ මැරතන් එක ඉවර වෙන්න. බලමු තව ටිකකින් ඇවිත් තව මොනවාහරි ලියන්න :D

  • 0 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs