මැරතන් අවසන්

හවස පොඩ්ඩක් ලියන්නට බැරිවුණත් 2008 වසරේ මැරතන් එක බොහෝ දුරට හොඳින් කරන්නට හැකිවුණා කියලා හිතනවා. 🙂

කට්ටිය හැමෝම වගේ ෆුල් ධෛර්යයෙන් ලිව්වා ලිවිල්ලක් – කියලා වැඩක් නෑ! මාත් ‍ජීවිතේට මේ විදියට ලියලා නෑ. නිදිමත, අකුණු සහ වෙනත් ප්‍රශ්න අස්සේ කොහොම ‍කොහොම හරි මැරතන් එක සාර්ථක කරගන්නට සහභාගි වුණු හැමෝටම මෙන්න මගේ ආචාරය!

මැරතන් එක සාර්ථක කරගන්න හිතුවටත් වඩා වැඩි සපෝට් එකක් ලැබුණ බව නම් කියන්නම ඕන. ඒ සපෝට් එක දුන්න හැමෝටමත් මෙන්න මගේ ආචාරය!

හවස නිදාගත්තු නිසා ආයෙ නිදාගන්න බැරිවෙයිද දන්නෙ නෑ. බලමුකෝ.ලබන පාරත් මැරතන් එකක් දුවන්න හැකිවේවි කියලා බලාපොරොත්තු වෙනවා.

මැරතන් එක ඉවරායි! හුරේ! 😀

කොත්තු, අච්චාරු සහ මැරතන්

මැරතන් එක නැගලා යන හින්දා ‍පොඩ්ඩක් එබිලා බැලුවා කොත්තු සහ අච්චාරු දිහාවට. හෙහේ මොනව කියන්නද? දෙකම පිරිලා තියෙන්නෙ සිංහල පෝස්ට් වලින් නොවැ. මල් හතයි!

මේ මල් හතේ කතාව‍ මං පටන්ගත්තේ ළඟකදි ඉඳන්. කලින් අහලා තිබුණට පාවිච්චි කරන්න හිතුණේ නෑ. පොතක් කියවලා තමයි දැන් ඒක කියන්න පටන් අරන් තියෙන්නෙ.

වසීලී ෂුක්ෂින්ගෙ කෙටි කතා පොතක්. ජීවත්වීමේ ආශාව සහ තවත් කෙටිකතා කියලා. ඒකෙ දක්ෂ රියැදුරා කියලා කතාවක තිබ්බෙ.

මෙන්න ඒකෙන් උපුටාගැනීමක්:

‍”සමාජ ශාලාවක් තියෙනවද?” පාෂ්කා ඇසීය.

“ඇයි නැත්තෙ, තියෙනවා!”

“පොටෝ එක හරි!”

“මොනවා?”

“මම එකඟයි. මල් හතයි. කියල.”

ප්‍රෝහරව් සතුටින් පිරී ගියෙන් සිනාසෙන්නට විය.

“හරිම විහිළුකාරයෙක්. (ලොරියක් සහ තවත් අමතර රියැදුරෙක් ලැබීම සත්තකින්ම මල් හතකි!) යෙගෝරිච්, තමුසෙ විහිළුකාරයෙක්.”

මේ පොතේ නියම කතා ටිකක් තියෙනවා.

තවත් ආප්ප ටිකක් කන්න ලැබුණා. 😀

කේක්

කනවා මම හොඳවැයින් කේක් කෑල්ලක්. ගෙදර හදපුවා! 😀 කොහොම කොහොම හරි මටත් දැන් බටර් කේක් එකක් හදාගන්න පුළුවන් තනියම. ගෙදර හදන‍ කේක් රසයි හැබැයි බේකරි වලින් එහෙම ගන්නවට වඩා. කොටින්ම කියනවා නම් ගෙදර හදන ඕනෑම කෑමක් ගොඩක් රසයි කියල හිතෙන්නෙ. මේ තියන්නෙ මට ලැබුණු කේක් කෑල්ල 😆

නැගිට්ටේ දැනුයි

දවල් ‍‍පොඩ්ඩක් මූණ හෝදගෙන විවේකයක් ගන්න කියලා හිතාගෙන පරිගණකයත් ඕෆ් කරලා ගියාට පස්සෙ පටන් ගත්තෙ නැතෑ විදුලි කොටන්න! ඒ හින්දා ඉතින් කමක් නෑ කියලා හිතාගෙන නිදාගත්තා. හපොයි නින්ද ගියා කියන්නෙ කවදාවත් නිදාගෙන නෑ මේ විදියට. දැන් නැගිට්ටෙ. ඇඟටත් පණ නෑ. තව පැයක් විතරනෙ තියෙන්නෙ මොනවාහරි ලියලා දාන්න ඕන.

දැන් තේකක් බොන්න ඕන. 😉

ගොරවන හඬක් ඇසුණා

දැන් නම් නිදිමතක් එනවා, රස්නෙයි. අහසේ ගොරවන සද්ද ටිකක් ඇහෙන හින්දා දැනට කම්පියුටරේ ඕෆ් කරලා, ඇඟපත හෝදගෙන කෙටි විවේකයක් ගන්නයි යන්නෙ. ලියන්නත් මාර කම්මැලියි දැන්. තව පැය 6ක් විතර තමයි තියෙන්නෙ මැරතන් එක ඉවර වෙන්න. බලමු තව ටිකකින් ඇවිත් තව මොනවාහරි ලියන්න 😀