Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager - මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ ;)

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

Posted on 19 April '08 by Malinthe Samarakoon, under software, tips, utilities, windows.