හැමෝටම මතක ඇති EnSiTip - ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta