EnSiTip Beta for Firefox 3 is here!

by Malinthe Samarakoon on June 25, 2008

හැමෝටම මතක ඇති EnSiTip – ඒ දවස්වල ‍ෆයර්ෆොක්ස් සඳහා නිකුත් වුණු නියම ශබ්දකෝෂයක්. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 2 සමග ක්‍රියාත්මක වුණත් 3 සමග ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් EnSiTip හි බීටා සංස්කරණය ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා. මෙහි අවසන් සංස්කරණය EnSiTip2 ජූලි මාසයේ 11 දින පමණ වන විට නිකුත් කිරීමට සූදානම්.

මේ අලුත් සංස්කරණයේ විශේෂාංග හැටියට අපට කැමති ෆොන්ට් එකක් තෝරාගැනීමේ හැකියාව, වෙනත් ශබ්දකෝෂ තෝරාගැනීමේ හැකියාව, බොත්තම් ආදියේ තිබෙන වචන පරිවර්තනය, පහසු පරිවර්තන හැකියාව සහ වැඩි වේගය හඳුන්වන්නට පුළුවන්.

EnSiTip Beta

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

6 comments

අපට අවශ්‍ය සිංහළ වචන එකතු කල හැකිද?
1. තිබෙන වචන වලට තවත් වචනයක්
2. සිංහළ වචනයක් දැනට EnSiTip වල නැති ඉංග්‍රීසි වචනයල්කට

අගනා මෘදුකාංගයක්. හුඟක් අය ඒ ගැන දන්නෙ නෑ. ෆයෆොක්ස් 3 බාගත්තට, පිහිටෙව්වෙ නෑ EnSTip එනකල්. මගේ අනික් add ons වැඩකරනව.

by නන්දලාල් on 2008 June 26 at am 5:26. Reply #

නියමයි. මමත් මේ release වෙනකන් බලාගෙන හිටියේ. :smile:

by කසුන් on 2008 June 26 at am 11:01. Reply #

මේක නම් නියමයි! මාත් පාවිච්චි කරනවා!

by සුපුන් සුදාරක on 2008 June 26 at pm 6:33. Reply #

නියමයි. මමත් අද පිහිටුවා ගත්තා. ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අද ඉදලා මම සෆාරි පාවිච්චි කරන්න හිතපු එක.

by dilandamith on 2008 June 26 at pm 10:59. Reply #

හොඳ comments දැක්කම සතුටක් දැනෙනවා! EnSiTip 2 හි සුවිශේෂ වෙනසක් ඔබ සියලු දෙනාට තේරේවි…. :smile:

by Asanka (EnSiTip Author) on 2008 July 2 at am 9:54. Reply #

EnSiTip නම් නියමයි!
ඒත් එක වචනයක් අහු උනා හිතාමතාම තේරුම වෙනස් විදියකට දාන්න ඇති කියලා හිතෙන විදියේ…
Sinhala = “ලංකා, ශ්‍රී ලංකාව” කියලයි තියෙන්නේ.

මේක දැක්කම නං ගොඩක් කලකිරුණා…
Sinhala = “සිංහල, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිකත්වය” කියලා දාන්න බැරි වීමට තිබූ හේතුව හිතාගන්න බෑ නේද?

by නිලක්ෂ on 2008 July 4 at pm 3:56. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.