වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!
by Malinthe Samarakoon on November 11, 2008
ඔව් මෙන්න ඔබ පුල පුලා බලා සිටි (හික්
) වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කළා!! දැනට ස්ථාපනය කළ හැකි සිංහල වර්ඩ්ප්‍රෙස් පැකේජය http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 2.7 අනුවාදයත් මෙම අඩවියෙන්ම ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් බලා නොඉඳ ස්ථාපනය කරන්න!
දැනටමත් ඉංග්‍රීසි ස්ථාපනයක් තියෙනවා නම් සිංහල පැකේජය යොදන ආකාරය අඩවියේ සඳහන් කර තියෙනවා. එය එතරම් අපහසු කාරණයක් නෙවෙයි.
වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමට අදහස ආවෙ ගිය පාර සිංහල බ්ලොග් මැරතන් සඳහා නුවර තිබුණු වැඩසටහනත් එක්කයි. අපේ මිත්‍ර කාලිංග මේ ගැන කිව්වට පස්සෙ හැකි ඉක්මණින්ම කටයුත්ත ආරම්භ වුණා. වැඩේ සාර්ථක කරගන්න කට්ටියගෙන් හොඳ සහයෝගයක් ලැබුණ එක ගැන නම් කියන්න බැරි තරම් සන්තෝසයි. ටික කාලයක් ගත වුණා තමයි, ඒත් වැඩේ හරිනෙ
මෙන්න කණ්ඩායම: ආනන්දවර්ධන, මලින්ත (මම), ඩිලාන්, කසුන්, නිලක්ෂ, බුධාජීව, සුදාරක, තරිඳු, තිලිණ, කාලිංග සහ හර්ෂණ
කියන්න බැරි තරම් සන්තෝසයි.
Related posts - ආශ්‍රිත ලිපි:
14 comments
නියමයි, ඔහොම යං ඔහොම යං
by චතුර සංදීප on 2008 November 11 at pm 8:29. #
Congratz! and kudos to the whole team.
ඔහොම යං, ඔහොම යං
by Gaveen on 2008 November 11 at pm 9:29. #
හුරේ! මට මේ අයිඩියාර් එක නිකමට වගේ ආවේ, ඕක wordpress mu වලටත් යොදාගන්න හැකි වෙයිදැ?
by සුපුන් සුදාරක on 2008 November 11 at pm 9:32. #
සුභ පැතුම්!
by ඩනිෂ්ක on 2008 November 11 at pm 9:49. #
@සුපුන්: ඇහැකි – ඒත් එකට වෙනම එකකුත් තියෙනවා. මං හිතන්නෙ වචන කිහිපයක් වෙනස් ඇති. අවශ්‍ය නම් සපයතෑකි.
by Malinthe Samarakoon on 2008 November 11 at pm 9:50. #
එළ එළ…. පුන පුනා බලාගෙන හිටියා ඕක එනකම්……. බොහෝම හොඳයි… බොහෝම පින්..
by චමිල on 2008 November 11 at pm 10:40. #
සියළු දෙනාටම සුභ පැතුම්!
by prasan on 2008 November 12 at am 12:27. #
by Anandawardhana on 2008 November 12 at am 8:16. #
ඔබ සියලු දෙනගේ උත්සහය අගය කරමි. තවත් පිටු කිහිපයක් සම්පූර්ණ වනු දකිනු කැමැතෙමි.
wp-admin/setup-config.php
ස්තුතියි. ජය වෙවා..!
by දක්ෂික ජයතිලක on 2008 November 12 at am 8:17. #
@දක්ෂික: හරි එම පිටුවත් පරිවර්තනය කළා. පරිවර්තන කළ පසු දෝෂ එන නිසා wp-config-sample.php ගොනුව නම් පරිවර්තන කළේ නැහැ.
by Malinthe Samarakoon on 2008 November 12 at am 9:54. #
by සංජීව on 2008 November 12 at am 11:28. #
by මහෝෂධ on 2008 November 12 at pm 3:08. #
සුබ පැතුම් !
( නුවරින් ආ සිංහල බෞ– වර්ඩිප්‍රෙස් කියාවිද දන්නෙ නෑ කවුරු හරි දැන්
)
by සු on 2008 November 12 at pm 7:30. #
නියමයි! හම්බ උනා! හොයපු දේ
by මහේෂ් on 2010 November 2 at am 5:47. #