මොබිටෙල් ජාල ජංජාල Part 2
by Malinthe Samarakoon on August 29, 2009
මෙන්න අලුත්ම තත්ත්වය. පහුගිය දවස් වල කළ පැමිණිලි කිරීම් සහ මිතුරන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මොබිටෙල් සමග පැවති අවුල් විසඳා තියෙන බවක් තමයි පේන්නෙ. මොබිටෙල් මගින් දන්වපු විදියට එහි යාවත්කාල කිරීම් කර තියෙන නිසා දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙන්න ඕන.
අද උදේ ෆෝන් එකෙනුත් මොඩම් එකෙනුත් පරීක්ෂා කරලා බැලුවා. කිසිම අවුලක් නැතුව සම්බන්ධ වුණා. වේගයත් පේන විදියට හොඳයි.





කාලෙකට පස්සෙ තමයි මෙහෙම වේගයක් දැක්කෙ. ඉතින් සතුටුයි
මේකෙන් ඉතින් ගන්න පුළුවන් ආදර්ශය තමයි සේවාවේ අවුලක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ඒ ගැන පැමිණිලි කරන්න.
Related posts - ආශ්‍රිත ලිපි:
5 comments
අනේ හැමෝම ඔහොම නෑ (Dialog wimax ) මට complain දාල ඇති වෙලා ලගදීම පොල්ල තියන්නයි බලාපොරොත්තුව
by ushan on 2009 August 29 at pm 7:00. #
මුං ඔක්කොම එකයි, අපේ පොකට් එකට තමයි ඉතින් තට්ටු වෙන්නෙ
by සහන් මලයා on 2009 September 2 at pm 10:15. #
පිස්සුද,තාම internet slow.Youtube තියා Facebook වත් යන්න බෑ.
by මලිත මධුෂාන් on 2010 March 30 at pm 12:07. #
දැන් මං මොබිටෙල් පාවිච්චි කරන්නෙ නෑ. නුවර පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ආවා.
http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/
by Malinthe Samarakoon on 2010 March 30 at pm 12:09. #
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
by gazzan on 2010 April 12 at pm 12:32. #