දැන් ඉතිං ලියන්නම දෙයක් නැති හින්දා ඊයෙ බස් එකේ ටවුමට ගිය හැටි ලියන්න හිතුණා. ඊයෙ ඉතින් ධර්මරාජේ සුනාමිය ගැන මොකක්ද තිබ්බ හින්දා කවදාවත් නැතුව ලේවැල්ලෙන් බස් චෙක් කරනවා. ඒ හරියෙ පාරත් වහලා හින්දා ධර්මාසෝක මාවතෙන් තමා ටවුමට එන්න වුණේ. ඊයෙ හෙණ අමුතු දවසක්. උදේ යන වෙලාවෙ අහසෙ එක වළාකුලක් නෑ. මාර කූල් ගතියක් තිබ්බෙ. ටවුමෙ [...] Read more »
Archive for the ‘Uncategorized’ Category
සිංදු අහන ගමන් චැට් කිරීම සහ සුළු වශයෙන් බ්ලොග් ලිවීම
බ්ලොග් එක ලිවීම කෙසේ වෙතත් චැට් කිරීම සහ රෙදෙව්ව ඇසීම නම් ගජරාමෙට සිද්දවෙනවා. හික්. IRC චැනලයට කාලෙකින් ආවෙ. ඉතිං බරටම කතාබහ. රෙදෙව්වත් නැගලා යනවා. එතන තමයි ජොලි වැඩේ. ඇයි එක එක genres අහන එක එක අය හින්දා මාර කූල්. ඇයි එකක් යනකොට කට්ටියක් කෑගහනවා, වෙන එකක් යනකොට අනිත් අය කෑගහනවා - ෆුල් ජොලි
අනේ [...] Read more »
මෙරු
ඔව් උන් දැන් මේ කාමරේ වටේ කැරකි කැරකි ඉන්නෙ. කෙලින්ම යන්නෙ බල්බ් එකට. මාර වදයක්. වෙලාවකට කෑමක් බීමක් ගන්නවත් බෑ. මුන් ඒවටත් වැටෙනවා. ලයිට් නිවලා වැඩක් කරගන්නත් බෑ මොකද ටීවී එකටත් මොනිටර් වලටත් අනිවාර්යයෙන්ම මුන් එනවා. ඉතින් ඔක්කොම ටික වහලා දාලා පැත්තකට වෙලා ඉන්න ඕන. ගේ ඇතුළෙ ඒවා නිවලා දාලා පිටත ලයිට් දාලා තිබ්බම නම් [...] Read more »
ඩොමේන් අලවීම
අනේ ඉතින් අද මිනි මැරතන් එක දුවන්න IRC එකේ චැට් කර කර හිටියෙ. පටන් ගන්න විනාඩි පහළවකට විතර කලින් බ්ලොග් එකට යන්න හදනකොට godaddy parked page එකක් ආවා. හපොයි ඩොමේන් එක කල් ඉකුත් වෙලා. මේක තියෙන්නෙ චාමර ගාව හින්දා කෝල් එකක් දීලා බැලුවා. එයා පාටියක. දැන් ඉතින් කරන්න දෙයක් නෑ දඩිබිඩි ගාලා ගත්තා malinthe.info. ඒකට [...] Read more »
නව මොබිටෙල් Zoom පැකේජය
ඔන්න ඉතින් ඊයෙ අලුත් පැකේජයට මාරුවුණා.
උදෙන්ම ටවුමට ගියා වැඩේ කරගන්න. ටවුමට ආවෙ මලයා එක්ක. පොරට විබාගෙ ඉවර හින්දා පොඩ්ඩක් ඇවිදලා KCC එකත් පෙන්නලා ගෙදර එක්ක ආවා මොබිටෙල් එකට යනකොටම කෝල් එකක් ආවා මොබිටෙල් එකෙන් මාරු කරන්න අත්සන් කරපු ලිපියක් එවන්න කියලා. ඉතින් එවෙලෙම ෆෝන් එකේ පිහිටෙන් ඊමේල් එකක් යවලා බිලත් ගෙව්වා. වැඩේ හරියි [...] Read more »
මොබිටෙල් අලුත් ආරංචි
ඔන්න ඉතින් කලකට පස්සෙ ආයෙත් ලියන්න පටන්ගත්තා. මුලින්ම අද දවසෙ ලැබුණු සුභ ආරංචිය. මොබිටෙල් මගින් වියමද් අඩු නව පැකේජ හඳුන්වාදීලා. http://mobitel.lk/broadband/tariff.html තියෙන හැටියට දැන් 2490 ක මාසික ගාස්තුවකට 7GB ප්‍රමාණයක් ලැබෙන පැකේජයක් තියෙනවා. ඒ මදිවට ඒකෙ වේගය 3.6mbps ලු. මේක එනකල් තමයි මෙච්චර දවස් බල බල හිටියෙ. ඉතින් දැන් හිතාගෙන ඉන්නෙ හෙට උදේම ගිහින් අලුත් [...] Read more »
වර්ඩ්ප්‍රෙස් 2.7
ඔන්න කාලයක් බලාගෙන ඉඳපු වර්ඩ්ප්‍රෙස් 2.7 නිකුත් වෙලා. මං අද ස්ථාපනය කළා. ඔක්කොම හොඳින් වැඩ, පිළිවෙලයි, ලස්සනයි etc.
සිංහල අනුවාදය නම් තවම නිකුත් කළේ නෑ. පහුගිය දවස් ටිකේ ඒකෙ වැඩ අතපසු වෙලා තිබුණෙ. කොහොමත් අද හෙට ඉවර කරන්න බලන්නම්. ඉවසන්නම බැරිනම් අලුත් එක ප්‍රධාන අඩවියෙන් දාලා බලන්න. සිංහල ගොඩක් දුරට වැඩ. සමහර වචන අඩුයි.
මේ [...] Read more »
මින්ට් සංසිද්ධිය
ඔන්න ඉතින් දැන් ඕන එකක් කියලා ලින්ක්ස් මින්ට් වැඩි වැඩියෙන් භාවිතා කරන්න පටන් අරන් තියෙන්නෙ. ඊයේ පෙරේදා දැනගන්න ලැබුණු ටිප් එකකට අනුව fontconfig එක නැවත සැකසූ නිසා දැන් අකුරු ටිකක් ලස්සන විදියකට පේනවා. මේක කරන්නෙ sudo dpkg-reconfigure fontconfig මගින්.
මට ලිනක්ස් පාවිච්චි කරන්න ගියාම ලොකුම අවුල තමයි හොඳ තීම් එකක් හොයාගන්න තිබ්බ අමාරුව. කොහොම වුණත් මේ [...] Read more »