නැහෙන්න.

වැඩක් නෑ
බොරුවට මෙහෙම ඉඳල
නැහෙන්න ඕන මට

“නැහියං!”
ඌ දුන්න පිහියක්
මගෙ අතට

ඇන්න මං ඌටම
“ඔහොමද යකෝ යාලුවොන්ට සලකන්නෙ?”

A post from my new phone

Oh well what can I say. I’m enjoying this phone immensely. After being a user of iPhones and androids this is a totally different experience for me.

More info later perhaps? I don’t write tech stuff anymore anyway.

Posted from WordPress for Windows Phone

ත්‍රිපාදෙ.

“ඌ ෆෝන් එක විකුණලා! වල් ඌරා. මං ඕකට කිව්ව මං අද හවස ඕක ගන්නවයි කියල. මං ඊයෙත් කිව්ව. අද උදෙත් කෝල් කරා. දවල් එස්එම්එස් එකකුත් යැව්ව. එහෙව් එකේ ඌට වටිනවද ඒක අඩු ගානකට කොහෙවත් යන බූරුවෙකුට විකුණන්න!”

“ෂික් මං ඕක ගන්නමයි ගියේ. ඔච්චර ලාබෙට ඔය වගේ එකක් හොයාගන්න බෑ ඕයි.”

ඔපිසියෙ එවුන් අන්දමන්ද වෙලා. උන් දන්නෑ මං මොන මගුලක් කියවනවද කියල.

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඌ ගාව වෙන එකකුත් තියෙනවලු. ඒත් මට ඒක ඕන නෑ. මං ඒකට කැමති නෑ.

හවස් වෙලා ගියා ටවුන් හෝල් එක පැත්තෙ. ත්‍රිපාදයත් උස්සගෙන. වෙසක් ලයිට් වල පොටෝ ගන්න.

ඒ පැත්තට ගිය නිසා අරූට කෝල් එකක් දෙන්නත් හිතුණ.

අන්තිමට කතාකරා.

“හලෝ අර පෝන් එක තාම තියෙද?”

“ආ ඔව්. දැන් බලනවද?”

“ඔව්. කොහෙද ඉන්නෙ?”

“මං මේ ටවුන් හෝල් එක ළඟ”

මං යනකොට ඌ හිටිය දත් තිස් දෙකම පෙන්නගෙන. වල් ඌරා!

“හලෝ මල්ලි! මේ තියෙන්නෙ අනිත් ෆෝන් එක. මේක ඇවිත් හොඳ HTC භාණ්..”

“ඇයි තෝ අරක විකුණුවෙ යකෝ!!!”

ඌ තිගැස්සුණා.

වටපිට එවුන් මූ දිහා බලනව. මූ වටපිට එවුන් දිහා බලනව.

උගෙ මූණෙ හැටි! වල් ඌරෙක් වගේ.

මට උගෙ මූණ පේන්න බෑ.

මං ත්‍රිපාදය අතට ගත්ත. යකඩ ප්ලාස්ටික් වලින් හැදුවට ඒක හෙණ හයියයි. හොඳ බර.

මං ඒකෙන් උගෙ ඔලුවට තඩිබෑව. ඌ බිම ඇදගෙන වැටුණ. අනිත් පෝන් එකත් විසිවෙලා ගියා කාණුවකට..

“අනේ මගේ පෝන් එක”

ඌ කෑගැහුවා.

“කටවහපිය!”

මං ත්‍රිපාදෙ ඔලුවෙන් උගේ මූණ පොඩි කරා. ඌ ලේ පෙර පෙර අඬනව.

බඩටත් එකක්. ඊටපස්සෙ හිතේ හැටියට ත්‍රිපාද පාරවල් හත අටක් දුන්න.

අන්තිමට මගේ පාදයෙන් බඩට තව එකක් ඇන්න.

ත්‍රිපාදෙ ලේ. ෂික් මුගෙ වල් ඌරු ලේ. මං ළඟ තිබ්බ ටැප් එකකින් ඒක හෝදගෙන ගිහින් එකසිය තිස් අටක නැග්ග.

චෑන්.

මං පොඩි කාලෙ මාර ආසයි ජැකී චෑන්ගෙ ෆිල්ම් බලන්න. මාර ෆයිට්. පිස්සු හැදෙනව.

මං බලපු ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් එක ෆිල්ම් එකක් විසේසයෙන් මගේ මතකෙ රැඳුන.

ඒකෙ එක සීන් එකක් තිබුණ ජැකී චෑන්ව කොනක හිරකරගෙන පොරට වීදුරු බෝතල් වලින් ගහන. ඌ වීදුරු බෝතල් පාරවල් කාලා ලේ පෙරාගෙන කෙල්ලගෙ ගෙදර යනව.

ඒක මාරයි. මං ඕක මුලින් බලපු වෙලාවෙ ඒක දැකල ඇස් වලට කඳුළුත් ආව.

පස්සෙ තමයි මට තේරුණෙ ඒක ෆිල්ම් එකක් විතරයි කියල.

“මචං උඹ දැකල තියෙනවද ජැකී චෑන්ගෙ අර ෆිල්ම් එක?”

“මොන?”

“ඇයි බං අර බෝතල් පාරවල් කන සීන් එක තියෙන්නෙ.”

“අම්මොහ් ඔව් ඕයි. ඒක මාරයිනෙ! කොහොමද ඌ බෝතල් පාරවල් කාගෙන ඇවිදගෙන යන හැටි. පිස්සු විකසිත වෙනව.”

“මේ අපි ඒක කරමුද?”

“අනේ කරමුකො බං”

“එළ. අරන් වරෙන් තිමිරගෙ කැමර එක.”

අපි වැඩේට ලෑස්ති වුනා. අපේ සෙට් එකේම ලොකුම ජැකී චෑන් පිස්ස මං හින්ද මං වොලන්ටියර් වුනා ජැකී චෑන් වෙන්න.

කට්ටිය ගුණවර්ධන අංකල්ගෙ කඩෙන් හිස් බෝතල් තොගයක්ම අරගෙන ආව.

“රයිට්… ඇක්ෂන්!”

මාව කොනක හිර කරපු කට්ටිය වීදුරු බෝතල් මගෙ පැත්තට විසි කරන්න පටන් ගත්ත.

බෝතල් බිමයි බිත්තියෙයි වැදිල කෑලි කෑලි වලට කැඩිල මගේ ඇඟේ වැදුණ.

වීදුරු කෑලි මගේ හම හිල් කරගෙන ඇතුළට බැස්සෙ නීට් එකට. වැඩේ ලස්සනට යනව.

වීදුරු කෑලි වලට කැපිච්චි මගේ ඇඟෙන් ලේ බේරෙන්න පටන්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

මං ෆිල්ම් එකේ විදියටම මූණ කවර් කරගත්ත. වීදුරු කෑලි මගේ අත් වලත් ඇනෙනව.

තවත් බෝතලයක් කෙලින්ම වැදුණෙ මගේ දණහිසේ. දණහිස හිරිවැටෙනව මට දැණුන. තඩි වීදුරු කෑලි තුනක්ම දණහිසේ ඇනිල.

ඒ අස්සෙ තිමිර බෝතලයක් කලින්ම කඩල මගෙ දිහාට විසි කරා.

කලින්ම කැඩිල තිබුණු හින්ද ඒක මගෙ උරහිසේ වැදිල ඇතුළටම කපාගෙන ගියා. ඌට මොලේ තියෙනව. ෆිල්ම් එකේ විදියටම කරාම ගතියක් නෑ. අපි Improvise කරන්න ඕන.

අන්තිමේදි කොහොමහරි බෝතල් ඉවර වුණා. මට මාර මහන්සියි. ඒත් තාම වැඩේ ඉවර නෑ.

ගොඩක් ලේ ගලපු හින්ද මං පණ නැතිව බිමට වැටුණ. ඒකෙ අවුලක් නෑ මොකද ජැකී චෑනුත් එහෙම වැටුණු හින්ද.

මං ළඟ තිබුණු දොර අමාරුවෙන් ඇරගෙන එළියට බඩගෑව. සමිර කැමරාවත් උස්සගෙන පස්සෙන් ආව.

මං ජනිතගෙ ගෙදර දිහාට ගියා. ජනිත මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.

ටිකක් බඩගාල අමාරුවෙන් නැගිටගෙන ටික දුරක් ගියත් ආයෙ බිමට වැටුණ. ඉතුරු ටික බඩගාගෙන යන්න වුණේ ඇඟට පොඩ්ඩක්වත් පණ තිබුණෙ නැති හින්ද. පාරෙ වැලි තිබ්බ හින්ද වැඩේ ලේසි වුණේ නෑ. වැලි වලට තුවාල රිදෙන එක වැඩිවුණා.

ජනිතගෙ ගෙදරට යන්න විනාඩි විස්සක් විතර ගියා. ඒ වෙනකොට මට කිසිම සිහියක් නෑ. ඔලුව කැරකෙනව. අහස කලුවර වෙනව.

බඩගාන්නවත් මට පණ නෑ.

මං ගෙදර දොරට තට්ටු කරේ දෙපාරයි.

හිතපු විදියටම දොර ඇරියෙ ජනිත. එළ. මට ඒකිව බදාගන්න හිතුණ. වැඩේ නියමෙට යනව.

ඒත් එතකොටම වැඩේ අලවෙන්න පටන් ගත්ත.

ජනිත කැමරාව දිහායි මා දිහායි මාරුවෙන් මාරුවට බලනව.

“අනේ නිසිත මොකද ඔයාට වුණේ නිසිත? අනේ කතාකරන්නකෝ!!!”

ඒකි විලාප දෙනවා.

එතකොටයි මට මතක් වුණේ මං කරපු ගොන්කමක තරම.

ජනිත කවදාවත් ජැකී චෑන්ගෙ ෆිල්ම් බලල නෑ!!!

ගල්රෝල.

Paiania's red devil!

“නටපියව්!”
උන් ඔක්කොම නටන්න ගත්ත.
මං ලේසර් එක ඇල්ලුවෙ උන්ගෙ ඇස් වලට.
චිරි චිරි ගාල උන්ගෙ ඇස් ඔක්කොම පිච්චිලා ගියා.
උන්ට ගානක් නෑ.
ඇස් නැතුවත් උන් නටනව.
ඊටපස්සෙ මං බැට් එකක් අරන් උන්ගෙ කකුල් කැඩුව.
ගොඩක් එවුන් බිම වැටුණත් උන් නටන එක නැවැත්තුවෙ නෑ.
මට කරන්න දෙයක් තිබුණෙ නෑ.
ගල් රෝලක් අරගෙන ඇවිත් ඔක්කොම චප්ප කරන්න මට සිද්ධවුණා.
හැමතැනම ලේ. ගල් රෝල රතු පාට වෙනකල් මං උන්ව චප්ප කරා.
මට පස්සෙ දුක හිතුණ.
මං මිනීමරුවෙක්.
ඒත් මං ගල් රෝලට කියන ඉංග්‍රීසි නම දැනගෙන හිටියෙ නෑ.
ඒ හින්ද මං විකිපීඩියාවට ගියා.
Road Roller.
😀
කවුද එකෙක් කෙඳිරි ගානව.
මං Road Roller එකට නැගල ඌවත් චප්ප කරා.
“I killed them with my red road roller. I’m a murderer now baby!”
එයා හිනාවුනා.
“I know sweetheart.”
She kissed me and I went to heaven.


පින්ටූරෙ: http://www.flickr.com/photos/ellie-yannis/5184943932/