මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

බස් කරදර

මේ දවස්වල බස් චෙක් කරනවා වැඩියි. ඊයේ ඇස් පරික්ෂා කරගන්න ගිහින් එනකොට ගොඩක් රෑ වුණා. දිවා රෑ කියලා වෙනසක් නැහැ, බස් එක රාත්‍රියෙදිත් පරික්ෂා කළා. ඒක නම් ඉතින් කමක් නැහැ.හොඳ වැඩක්. වාසනාවට වගේ බස් වල යන අය ඒ ගැන මැසිවිලි නගන්නෙත් නැහැ.

ඔන්න අදත් ටවුමට ගියා පොඩි වැඩ වගයකට. යන ගමන් ධර්මරාජ විද්‍යාලය හරියේදි බස් එක නවත්තනකොට අමුතු සද්දයක් ආවා. මට ඒක එච්චර ගාණක් ගියේ නෑ. පොලිසියත් හිටපු හින්දා මං හිතුවෙ චෙක් කරන්න නවත්තන්න ඇති කියලා. කට්ටිය බහින ගමන් එක්කෙනෙක් කිව්වා ‘යන්න හම්බවෙන්නෙ නෑ බහින්න’ කියලා. ඊට පස්සෙ බලනකොට තමයි දැනගන්න ලැබුණේ බස් එකේ රෝදයක් ගැලවිලා කියලා :lol:

මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි ඇත්තටම. ධර්මරාජ විද්‍යාලය හරියට එන්න කලින් ලේවැල්ල පැත්තෙ තියෙන්නෙ පොඩි කන්දක්. ඒ හරියේදි එහෙම රෝද ගැලවුණානම්…

මෙන්න බස් එකේ පින්තූරයක්:

  • 5 Comments
  • Filed under: Uncategorized
  • Firefox 3.0 RC3

    RC3 ඇවිල්ලා වගෙයි! දැනගන්නට ලැබෙන හැටියට මැක් සඳහා එන ෆයර්ෆොක්ස් අනුවාදයේ දෝෂයක් හදන්න තමයි මේක විශේෂයෙන්ම නිකුත් කරලා තියෙන්නෙ. වින්ඩෝස් සහ ලිනක්ස් සඳහාත් ලබාගන්න පුළුවන්. අනෙකුත් භාෂා වලිනුත් තියෙන නිසා සිංහල භාෂාවෙන් තියෙන අනුවාදයත් ලබාගන්න පුළුවන්.

    Hmm looks like RC3 is here! It was mainly released to fix some kind of a bug in the Mac version. Although it’s available for Windows and Linux too + all the other languages so you can get the Sinhala Version too.

    ගන්න මෙතැනින්: http://www.mozilla.com/en-US/firefox/all-rc.html

  • 0 Comments
  • Filed under: firefox
  • LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා.

    FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල දැනට ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම ෆොන්ට් එකතුව. ලිනක්ස් වලදී මේ ෆොන්ට් වලින් ටයිප් කිරීම කලින් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් මේ මගින් ලිනක්ස් වලදී අභය වැනි ෆොන්ට් යොදාගෙන ටයිප් කිරීමත් පහසු වෙනවා. ඒ වගේම යුනිකෝඩ් වලින් ලියූ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් මුද්‍රණ කටයුතු වලට යොදාගන්නට පුළුවන් වේවි. මේක අටවගන්න හිතුණෙ පහුගිය දවස්වල මාත් කුබුන්ටු දාගත්ත නිසා :D

    මෙතැනින් පිවිසෙන්න: http://converter.malinthe.com

    මෙය FMAbhaya ආකා‍රයේ වෙනස් ෆොන්ට් සඳහාත් (FMMalithi, FMBindumathi, FMBasuru ආදිය) සඳහාත් පහසුවෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්. අකුරු ටික කොපි කරගෙන ෆොන්ට් එක මාරු කළාම හරි.

    iPhone 3G

    Yup, the long awaited iPhone 3G was announced yesterday (or is it today?) However, this 3G baby will be coming on July 11. It’s not gonna be coming to Sri Lanka soon I guess, too bad. Ah but it will be coming to India. Here is the list of countries

    So the iPhone will be low in price this time. 8GB=$199 and 16GB=$299. Wow. Buyers will have to sign a 2 year agreement. The consumer data plan will be $30 per month with unlimited data :evil:

    Well there’s UMTS, HSDPA, GSM, Wi-Fi, EDGE, GPS, and Bluetooth 2.0. Everything you need. :roll:

    Hope it comes to Sri Lanka. I’d love to get my hands on one. No point of explaining the details ‘coz everything can be found at the Apple website. But beware, you might drool all over the keyboard ;)

    Apple iPhone

  • 0 Comments
  • Filed under: Uncategorized
  • Writing in Frustration

    මේ දවස්වල මං ඉන්නෙ ලොකු අසහනයකින්. හේතුව මේ අන්තර්ජාල සම්බන්ධතාවය තමයි. දැනට පාවිච්චි කරන මොබිටෙල් සම්බන්ධතාවයේ වියදම දරන්න අමාරුයි. මේ මාසයේ බිල හයදහසකටත් වැඩියි. මේක ගෙවන්නෙ කොහොමද කියලා කල්පනා කරන්න ගිහින් ඔළුවත් අප්සට් වෙලා වගේ.

    පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට භාවිතය පාලනය කරන එක බොහොම අමාරුයි. ඒ නිසා මට මාත් එක්කම පුදුම තරහක් ඇතිවෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ වැඩ ඔක්කොම දමලා ගහලා නිකං ඉන්න. එතකොටවත් පාලනය වෙන්නෙ නැතෑ?

    මං ජීවත්වෙන්නෙ පුදුම පළාතක. CDMA, ජංගම දුරකථන, රූපවාහිනී වැඩකළාට ADSL හෝ වයිමැක්ස් වැඩ නොකරන එක පුදුමයක්. ADSL ගැන විමසා බැලුවත් දැනගන්න ලැබුණේ මේ පළාතට ඒක ගන්න බැරි බව. ඩයලොග් මගින් වයිමැක්ස් ගැන විමසුවාම දැනගන්න ලැබුණා ආවරණයෙන් පිට බව.

    ලංකා බෙල් මගිනුත් වයිමැක්ස් සේවාවක් ආරම්භ කරලයි තියෙන්නෙ. ඒ සේවාව ගැන මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ. කොහොමහරි නිවසටම ඇවිත් පරීක්ෂාවක් කරන්න තරම් ඒ අය කාරුණික වීම සන්තෝෂයට කරුණක්. ඒ කණ්ඩායමක් පහුගිය දවසක ඇවිත් උත්සාහ කළත් කිසිම සංඥාවක් ලබාගන්න බැරිවුණා. ඇයි මං මෙච්චර අවාසනාවන්ත?

    දැන් නම් හිතෙන්නෙම මොබිටෙල් අතඇරලා දාන්න. ඒත් ආපහු ඩයල්අප් වෙත යනවා කියන එක බොහොම අමාරු වැඩක්. දැන් සන්ටෙල් ඩයල්අප් සම්බන්ධයේ වේගය මුල් කාලයට වඩා ගොඩක් අඩුයි.

    මට මං ගැනම තරහයි.

    නුවර ටවුමේ ඉඳන් අපේ ගමට තියෙන්නෙ කිලෝමීටර් හත අටක පොඩි දුරක්. ඇයි මේ දුරට adsl සම්බන්ධතාවයක්වත් ගන්න බැරි?

  • 5 Comments
  • Filed under: Uncategorized
  • ෆයර්ෆොක්ස් 3 RC2

    ඔන්න දැන් ෆයර්ෆොක්ස් 3 RC2 නිකුත් වෙලා තියෙන්නෙ. ලොකුම විශේෂත්වය සිංහල භාෂාවත් තියෙන එක තමයි. ඊයේ අලුත් දෘඪ තැටියක් ගත්තු නිසා අද උබුන්ටු ස්ථාපනය කළා. වෙන ඒවා ගන්න විදියක් නෑ ;) ෆෙඩෝරා තැටියක් නම් ළඟදි ලැබෙන්න තියෙනවා. සිංහල ෆයර්ෆොක්ස් දාලා බැලුවා. ලස්සනයි. නියමයි. ආසාවෙ බෑ. :D

    මෙන්න ස්ක්‍රීන්ෂොට් එකක්:

    ස්ථාපනය කරගෙන බලන්න. මේක අන්තිම අනුවාදය නොවුණත් පාවිච්චි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා අනුවාද තියෙනවා.

    මෙතැනින් ගන්න: http://www.mozilla.com/en-US/firefox/all-rc.html
    Update: Link Fixed
    Update: මදෑ පාවිච්චි කරලා බලන්නත් කලින් ෂෝක් කිව්වා. බලාගෙන යනකොට ලෙඩ කිහිපයක්. SCIM මේකත් එක්ක වැඩ කළේ නෑ. ඊටපස්සෙ gnome එපාවුණු හින්දා KDE වලට මාරු වුණා. ඒකෙදි මේක පේන්න වස කැත විදියට. හරිම ප්‍රශ්නයක්. :lol:

  • 3 Comments
  • Filed under: firefox
  • සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට හැකියාව ලබාදෙනවා.

    භාවිතය බොහොම සරලයි. Pronounce ස්ථාපනය කළාට පස්සේ අවශ්‍ය වචනයක් තෝරගෙන (highlight කරගෙන) රයිට් ක්ලික් කරලා Pronounce තෝරන්න විතරයි තියෙන්නෙ. ඒ වෙලාවට ස්පීකර් ක්‍රියාත්මක කරලා තියන්න මතක තියාගන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිය ඔබට ඇහේවි.

    අවශ්‍ය නම් ඔබේ ටූල්බාර් එක මත රයිට් ක්ලික් කරලා Customize තෝරගෙන, එතැනින් Pronounce කියන බොත්තම එක්කරගන්නත් පුළුවන්. එතකොට ඒ බොත්තම ක්ලික් කළ විට මතුවෙන කවුළුවට අවශ්‍ය වචනය ටයිප් කිරීම මගිනුත් උච්චාරණය අහන්න පුළුවන්.

    ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා :)

    Pronounce
    Lifehacker සහ gHacks මගිනි.

  • 1 Comment
  • Filed under: firefox, tips
  • මැගී ආච්චි

    මැගී ආච්චි දැන් වැඩිපුර ලියන්නයි සූදානම. කාලෙකට පස්සේ අලුතෙන් ලිපියක් දාපු බව දකින්න ඇතිනෙ? නැතිනම් ගිහින් බලන්න. තවත් එකක් ලියලා තියෙන්නෙ. ඒක සඳුදට බලාගන්න පුළුවන් වේවි.

    මැගී ආච්චිට ගොඩක් ප්‍රතිචාර ලැබෙන නිසා ආච්චි ඉන්නෙ හරිම සතුටෙන් :D

    තවත් එකක්, මැගී ආච්චිගේ හෑල්ල කාලෙකට කලින් මිණිමුතු නමින් මධ්‍යම පළාතේ පමණක් නිකුත්වුණු පත්තරක පළවුණා. ඒ දවස්වල මේ මැගී ආච්චිගේ චිත්‍රය ඇන්දේ චන්දන කියලා අයියා කෙනෙක්. ඒ අයියා වෛද්‍ය විද්‍යාලයට තේරුණු බව අම්මා කිව්වා. වාසගම නම් මතක නැහැ. කවුරුහරි එයාව දන්න කෙනෙක් මේක කියවනවා නම් අපව අමතන්න කියන්න. :)

    මැගී ආච්චිගේ හෑල්ල - කිව්වහම මොකද හැබෑටම!

  • 2 Comments
  • Filed under: Uncategorized
  • Google’s New Favicon

    Favicon කියන ඒවා දැකලා ඇතිනෙ? ෆයර්ෆොක්ස් පාවිච්චි කරනකොට නම් ටැබ් එකෙත්, ලිපින තීරුවෙත් එක එක අඩවි ‍වල වෙනස් අයිකන දැකගන්න පුළුවන්. මේවා තමයි Favicon කියන්නෙ. ඊයේ තමයි මේ ගූගල්හි අලුත් Favicon එක දැකගන්න ලැබුණේ. ඇත්තටම එතරම් වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒත් ලියන්න හිතුණා. :D

    මං එක බ්ලොග් එකක දැක්කා ගූගල් සහ අනිත් සමාගම් අතර තියෙන වෙනස මේක බව. ඒ කියන්නෙ මේ වගේ ගූගල් හි මේ වගේ පොඩි වෙනසක් වුණත් ඒ ගැන ලොකුවට කතාකරන්න පුළුවන් බව :lol: මේ ළඟදි ජීමේල් ප්‍රවේශණ තිරයටත් අලුත් වෙනසක් කරලා තිබුණා. ජීමේල් පාවිච්චි කරන අය මේක දැනටමත් දන්නවා ඇති.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ඉතින් කොහොමද?

    ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. හේතුවක් කියන්න අමාරුයි. ලියන්න ගොඩක් දේවල් තිබුණත් ලියාගන්න බැරුවයි හිටියෙ. දැන්වත් මොකක්හරි ලියන්න ඕන කියලා හිතුවට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ

    ම්… දැන් බස් ගාස්තු වැඩියි. අපේ පාරේ කලින් රුපියල් 14 දැන් 17ක් වෙලා. ටවුමට ගිහින් එන්න ගියාම රුපියල් 34ක් වියදම් වෙනවා දැන්. අන්තර්ජාල භාවිතයත් ප්‍රශ්නයක් වෙලා. මේ මොබිටෙල් එකට යන වියදම දරන්න අමාරුයි. වෙන කරන්න දේකුත් නෑ. adsl ගන්න විදියකුත් නෑ, ‍ඩයලොග් එකේ වයිමැක්ස් ගන්න විදියකුත් නෑ. ඩයල්අප් නම් දැන් අප්පිරියයි.

    ඊයේ පෙරේදා යාහූ මැසෙන්ජර් එකේ තිබුණු ගේම්ස් ටිකක් සෙල්ලම් කළා යාලුවොත් එක්ක. Pool තමයි මගේ ප්‍රියතම එක. තවත් තියෙනවා Toki Toki Boom කියලා එකක්. ඒකත් නියමයි :lol:

    ගොඩ දවසකින් ලියන්න බැරිවුණු නිසා මේක බලන්න එන අයත් අඩුවෙලා වගේ. මොනවා කරන්නද? කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. වර්ඩ්ප්‍රෙස් සිංහල වැඩකටයුතුත් බලන්න බැරිවුණා ගොඩ දවසකින්.

    ගැජට් සහ මෘදුකාංග ලෝකයේ මේ දවස්වල ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒත් ඒවා ලියලා වැඩක් නෑ කියලා හිතුණා. හපොයි මොනවා ලියන්නද?

    ම්… ෆයර්ෆොක්ස් වෙනුවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවන්නට කට්ටිය ලෑස්ති වෙනවා. පැය 24ක් ඇතුළත වැඩියෙන්ම ලබාගන්නා මෘදුකාංගය විදියට (ඩවුන්ලෝඩ් කරන) ඔබත් එකතුවෙන්න: http://www.spreadfirefox.com/en-US/worldrecord/

    චැහ්, දැන් ඉතින් මදෑ මේ… මොනවා හරි ලියන්න අවශ්‍ය දෙයක් තියෙනවානම් කියන්න අමතක කරන්න එපා. ප්‍රතිචාර අඩු වුණාමත් මුකුත් ලියන්න හිතෙන්නෙ නෑනෙ. ඉතින් හොඳ හෝ නරක ඕනෑම අදහසක් මේ පහළ තියෙන පෝරමයෙන් ලියන්න.

    දැනට එපමණයි. හෙට අනිද්දා ඉඳලාවත් නැවතත් පරණ විදියට මේක ලියන්න ඕන. මේකත් බොහොම අමාරුවෙන් ලිව්වෙ සූ අක්කා කියපු නිසා :D

    ආ තවත් එකක්, මැගී ආච්චි නැවතත් ලියන්නයි සූදානම. අම්මා අලුත් ලිපි දෙකක් ලියලා දුන්නා. අද හවස වගේ දාන්නයි බලාපොරොත්තුව.

  • 4 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • මින්ට් පිස්සා: Google Chrome rokz !!! :lol:
    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:

    Twitter Updates

      Recently Played Songs

      • U2 – Red Light
      • U2 – Two Hearts Beat As One
      • U2 – The Refugee
      • U2 – Drowning Man
      • U2 – Like a Song...

      Stats

      TopOfBlogs