යුනිකෝඩ් -> අභය පරිවර්තකය

LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා.

FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල දැනට ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම ෆොන්ට් එකතුව. ලිනක්ස් වලදී මේ ෆොන්ට් වලින් ටයිප් කිරීම කලින් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් මේ මගින් ලිනක්ස් වලදී අභය වැනි ෆොන්ට් යොදාගෙන ටයිප් කිරීමත් පහසු වෙනවා. ඒ වගේම යුනිකෝඩ් වලින් ලියූ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් මුද්‍රණ කටයුතු වලට යොදාගන්නට පුළුවන් වේවි. මේක අටවගන්න හිතුණෙ පහුගිය දවස්වල මාත් කුබුන්ටු දාගත්ත නිසා 😀

මෙතැනින් පිවිසෙන්න: http://converter.malinthe.com

මෙය FMAbhaya ආකා‍රයේ වෙනස් ෆොන්ට් සඳහාත් (FMMalithi, FMBindumathi, FMBasuru ආදිය) සඳහාත් පහසුවෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්. අකුරු ටික කොපි කරගෙන ෆොන්ට් එක මාරු කළාම හරි.

7 thoughts on “යුනිකෝඩ් -> අභය පරිවර්තකය

  1. අනර්ඝයි, කතා දෙකක් නැහැ. මේක තමයි මට නම් වඩාත් ම ඕනෑ කර තිබූ පහසුකම. මෙයින් ලිනක්ස් හා යුනිකේතත්,මුද්‍රන කර්මාන්තයත් අතර පැවති බාධකය විශාල වශයෙන් ඉවත් වෙනවා කියලයි මට හිතෙන්නේ. යුනිකේත පැත්තට පරිවර්තක බහුල කරවීම අවශ්‍ය බව ඇත්තයි. නමුත් මුද්‍රනය පැත්තේ අපහසුතා මහහරවා ගැනීමට අනිත් අතට පරිවර්තනය කල හැකි කාලෝචිත විසඳුම් අවශ්‍යයි. මේ එයින් එකක්.

  2. සමා වෙන්න ඕනේ කරදර කලාට. මම දන් දවස් දෙකක්ම උත්සාහ කරනවා. යුනිකෝඩ් අභයට මාරු කරන්න. එක වෙන්නේ නැහැ. UCSC එකෙත් බැලුවා බෑ. font වර්ග දෙකම install කරලයි තියෙන්නේ. ඒත් බෑ. පිහිට වෙන්න.

Leave a Reply to Madhuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *