eBay කතා

මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ 😀 හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ.

ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං ගාව කලින් තිබුණෙ නුවරින් ගත්තු Phillips එකක්. ගාන නම් හොඳටම වැඩියි. ඒත් වෙන ගන්න දෙයක් මෙහෙ තිබුණෙ නෑ. ebay එකෙන් ගන්න අදහසක් තිබුණෙත් නෑ ඒ දවස්වල. කොහොමහරි ඉතින් ඔය ගත්තු එක ගොඩක් කල් පාවිච්චි කරා. කැඩුණා. ආයෙත් ගන්න වුණේ ඒ වර්ගෙම තමයි. 🙁

ඉතින් මොකද කරේ, හොයන්න පටන් ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. In-ear තමයි ගන්න ඕන. නැත්තං බස් එකක එහෙම යද්දි මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ, ඇහෙන්න සද්දෙ වැඩි කරාම කන් දෙකත් ඉවර වෙන එකනෙ වෙන්නෙ. ඉතින් ‍ඔහොම හොයන අතරේ හම්බවුණා Skullcandy කියල බ්‍රෑන්ඩ් එකක්. Review නම් හොඳයි. ඉතින් මුලින් තෝරගත්තු Smokin වර්ගෙ එකක් ගන්න ලෑස්ති වෙලා, ඊට වඩා Ink’d කියන එක හොඳයි කියල තිබුණ නිසා ඒකක් ගන්න හිතාගත්ත.

ඉතින් ebay එකට ගිහින් ඕක ටයිප් කරාම හෙන ලැයිස්තුවක් ආවා.  සාමාන්‍යයෙන් අඩුවට තිබුණත් ගෙන්නගන්න යන වියදම දැක්කම වැඩේ අත්හරින්න තමයි හිතුණෙ. ඊටපස්සෙ තමයි Sort by කියන කෑල්ල දැක්කෙ. ඉතින් Price + Shipping: Lowest First දුන්නා 😀 හිතේ තිබුණු චකිතය හින්ද වැඩි ආරස්සවට කියල හිතල Top-rated Sellers විතරක් පෙන්නන්න කියලත් දැම්ම.

ඉතින් හොඳ එකක් තෝරගත්තා. මිළදී ගත්තා. ඉතින් ඒ වෙලාවෙ ඇතිවුණු ජොලිය හින්ද ෆෝන් එකට කේස් එකකුත්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ර් එකකුත් ගත්තා.

Skullcandy Ink'd

දැන් ඉතින් ඕක එනකල් බලාගෙන ඉන්නත් එපැයි. කොහොමහරි ඇමරිකාවෙ ඉඳන් ඉයර්ෆෝන් එක එන්න සති කීපයක් යයි කියල හිතාගෙන හිටිය. ඒත් හරියටම සතියකින් කේස් එකයි, ඉයර්ෆෝන් එකයි එවල කියල වැටිල තිබුණ.

කොහොමහරි ඉතින් සතියකට පස්සෙ බඩු ඇවිල්ල තිබුණ. 😀

ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ කේස් එක. ඒක හොංකොං වලින් හින්ද Free Shipping. ඒකට ගියෙ රුපියල් දෙසීයක් විතරයි 😀 හොඳ තත්ත්වයක තිබුණ. හරියට ෆිට් වෙනවා. කිසිම අවුලක් නෑ.

අල වුණු ඉයර්බඩ් එක
අල වුණු ඉයර්බඩ් එක

ඊටපස්සෙ ඉයර්ෆෝන් එක. ඒක තමා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ. සති‍යෙන් ආපු එක ගැනත් පුදුමයි. ඉතින් දඩිබිඩි ගාලා (එක්කෙනෙක් නම් මේ දඩිබිඩි කියන එකට හිනාවෙනව 😛 ) ගලවල අරගෙන ෆෝන් එකට හයි කරල සින්දුවක් දැම්මා. හැක්? මේ මොකද? පැත්තකින් සද්දෙ ඇහෙනවා. අනිත් පැත්ත එහෙම්පිටින්ම අවුල්. මං ඒක අරගෙන ඉයර්බඩ් එක ගලවල බැලුවම තමයි දැක්කෙ වෙලා තියෙන දේ. ඒක තැලිල ඇතුලට ගිහින්.

එවෙලෙ ඇතිවෙච්ච හැඟීම් නම් ඉතින් කියලා වැඩක් නෑ. මාර අප්සට් එක. වීරයා වගේ ඕඩර් කරල  දැන් අලයක්නෙ හම්බවෙලා තියෙන්නෙ. මං හිමින් සීරුවෙ මල්ලිට කිව්ව ඒක අප්සට් වෙලා කියලා 😀

දැන් ඉතින් මොනව කරන්නද, අප්සට් එකේම ebay එක පැත්තට ගිහින් එවපු එක අවුල් කියල seller ට මැසේජ් එකක් යැව්වා. ඒකෙ return බාරගන්නෙ නෑ කියල තිබුණ නිසා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

කොහොමහරි ඉතින් රෑ වෙලා ඊමේල් බලද්දි පිළිතුරක් ඇවිල්ල තිබුණා.

එවපු එකට හානි වෙලා තිබීම ගැන සමාව ඉල්ලලා, මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව කියල තමයි පණිවිඩේ තිබුණෙ. ඇත්තටම එවෙලෙ නම් පුදුම හිතුණා. 😀

ඉතින් අද තමයි අලුත් එක ආවේ. මේකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නියමෙට වැඩ.

ඕක තමයි ඉතින් මගේ පළමු ebay අත්දැකීම. කොහොම වුණත් ස්ක්‍රීන් ප්‍රොටෙක්රේ නම් තාම ආවෙ නෑ. 😛

33 thoughts on “eBay කතා

  1. paypal එකෙන්ද eBay එකට ගෙව්වේ. මටත් මොනවහරි ගෙන්න ගන්න හිතෙනවා. ඒත් paypal එක හිස්.paypal එකට මෙහෙන් සල්ලි යවන විදිහක් තියෙනවාද.

    1. මං නම් පාවිච්චි කරේ සම්පත් බැංකුවෙ වෙබ් කාඩ් එක. Paypal වලින් තමයි ගෙවන්න ඕන. ඒක paypal එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

  2. In-ear එකේ කොලිටිය කොහොමද? පිට සද්ද ඇහෙන්නැති නිසා හොදට ඇතිනේද?

    සෙලර් හොද හින්දා හොදයි.
    හැබෑටම කවුද ඔය දඩිබිඩි වලට හිනාවෙන කෙනා.

  3. මම එක පාවිච්චි කරනවා අවුරුදු 3ක විතර ඉදන්..මෙච්චර කාලෙකට නම් කිසි අවුලක් වෙලා නෑ..

    1. මම *ebay එක පාවිච්චි කරනවා අවුරුදු 3ක විතර ඉදන්..මෙච්චර කාලෙකට නම් කිසි අවුලක් වෙලා නෑ..

  4. ඔයා ගාව තියෙන්නෙ iphone එකක් නේද?.ඒක ලංකාවෙන්ද ගත්තෙ?කියක් විතර උනාද?

  5. මම නං කවදාවත් ebay එකෙන් මුකුත් අරගෙන නෑ.., බලන්න ඕනේ ට්‍රයි පාරක් දාලා

  6. ඇයි මේ ඉයර්ෆෝන් එක USA seller කෙනෙක්ගෙන් ගත්තෙ? චීන, සිංගප්පූරු සෙලර් කෙනෙක් හොයාගත්තනං නොමිලේ ෂිපිං එක්ක ගන්න තිබ්බනේ 😮

    1. රට හෝ ගාණ හෝ මොකක්ටත් වඩා eBay එකේ ගනිද්දී Seller Feedback and Product Feedback තමා වැදගත්. ඊට පස්සේ Seller Details එහෙමත්. Top Sellersලා තමා වැදගත්ම. පරිස්සමෙන් ව්‍යාජ බඩු එහෙමත් තියෙනවා, ඒ නිසා සැලකිලිමත් වෙන්න.

      මුදලට සරලන ඒත් ඕනවට වඩා ලාබත් නැති වැඩිත් නැති එකක් ගන්න. 🙂

      eBay හොඳයි තමා ඇත්තටම, ඒත් නිතරම නෙමේ. මං කිව්වා වගේ සැලකිලිමත් වීම් වෙනවා නම් (මං කිව්වේ පොඩ්ඩයි) අවුලක් නෑ.

      මාව හරහා සමීපතයන් කිහිප දෙනෙක් eBay එකෙනුත් මිල දී ගෙන තියෙනවා.

      *****
      ඔයාගේ sellerට Feedback ඒක දෙන්න එයාගේ Seller Profile එකේ.

  7. මම ඊබේ එක 2001 ඉදින් බාවිතා කරනවා, ගොඩක් හොදයි, හැබැයි චීන, හොන්කොන් පැත්තේ ගොඩක් එන්න ඩුප්ලිකට්, දැන්නම් ඇමරිකාවෙ කියලා දාගෙන චීන්නු විකුනවා, හොදම දේ තමයි ටොප් රේටඩ් සෙලර් ලා ගෙන් විතරක් ගන්න එක.

    මම නම් තාමත් JVC in-ear එකක් බාවිතා කරනේ, වරදක් නම් නෑ, දෙවනි ඉයර් බබ් දෙක දැම්මා, මේල කෙල උනොත් නම් කොහෙන් හරි රිප්ලේස්මට් දෙකක් හොයගන්න වෙනවා.

  8. මාත් සෑහෙන්ට ගනුදෙනු කරල තියනව, ලොකු වටිනාකම් තියන දේවල් ගත්තට පස්සෙ return උනොත් නම් පොඩි පාඩුවක් තියනව,ලංකාවෙ හ්‍ර වෙලෙන්දන්ට වඩා නම් දහස්ගුණයක් හොදයි!

  9. paypal වලට සම්පත් web card එක setup කරන හැටි කියා දෙන්න පුලුවන්ද?

    1. සම්පත්නෙට් තියෙනවනම් ඒකෙන් කෝඩ් එක බලාගන්න පුළුවන්. නැතිනම් සම්පත් බැංකුවේ කාඩ් සෙන්ටර් එකට කතාකරලා කාඩ් නම්බර් එක කියලා ඒ කෝඩ් එක ඉල්ලගන්න පුළුවන්.

      1. සම්පත් web කාඩ් එකක් ගන්න සම්පත් බැංකුවේ ගිණුමක් තියෙන්න ඔනෑද.
        web කාඩ් ගන්න විදිහ පොඩ්ඩක් කියන්න පුළුවන්ද.

        1. ගිණුමක් තියෙන්න ඕන නෑ. සම්පත් බැංකුවකට ගිහින් අහන්න වෙබ්කාඩ් ගන්නෙ කොහොමද කියලා. වැඩි විස්තර මෙතන තියෙනවා: http://www.sampath.lk/web_card.php

  10. මම ebay එකෙන් Portable Air Compressor එකක් ගන්න හිතනවා. 48 USD. බඩු
    එන්නෙ සෙන්ටර් එකකටද? ගෙදරටද? ??

  11. “මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව”

    බැරි වෙලාවත් අපේ කස්ටිය බොරුවටත් එවපු එක කැඩිලා කියලා අළුත් ඒවා ගන්න ගියොත් ebay එකෙන් ලංකාවේ කට්ටියට කියයි කැඩුනු එකත් එවන්න කියලා. 🙂 🙂 🙂

  12. Ebay හොදා තමා. මමත් ඉල්ලපු හුගක් ඒව ආව. Hongkong Post එක වෙගවත් තමා. මට ‍ඔහොම වයර් එකක් වැරදිලා එකට 3ක් එවල තිබ්බෙ

  13. ඔන්න මේක දැකපු මමත් ඉබේ එකවුන්ට් එකක් හදගෙන මුල්ම ගනුදෙනුව කලා.වුවමනාවකටම නෙමේ නිකන් ට්‍රයි කරලා බලන්න බලමු බලමු බඩු එයිද කියලා.
    හම් තියෙන්නේ ගත්ත එක.කොච්චර දවසක් යනවද ඔක එන්න.
    http://cgi.ebay.de/ws/eBayISAPI.dll?ViewItem&item=280451644768

  14. මේ ඉයර්ෆෝන් එක sonyericsson වලට භාවිතා කරන්නත් පුලුවන්ද, ජැක් එක මොන වගේද

  15. (Sorry. with windows 7 64bit my sinhala fonts are not working I’m adding my experience on my first ebay purchase since it would be halpful for other novices.)

    Ok i Purchased the ‘air compressor’. This was my first purchase. I made it on 22nd January 2010. Today it came to the post office. I’m living in Galle. It was approximately 4.75kg and from UK. Came through Royalmail. They sent me the tracking no. when i asked for any method of tracking. I could track it until it leaves from UK on 27th. through royalmail website (http://track.royalmail.com/) I thought they would add TAX at the post office but they didn’t. I went to the post office with my ID and the ‘notification slip’. They checked it at took my sign and issued the unit. packaging was not so good but unit was fine and working properly at the moment.

    I just need to add little complement on Galle post office administrative staff. They were very nice. no delay at all. When i asked at the entrance where to collect the package one person accompanied me and showed me the person who handling the oversease parcels. Just gave the slip with my ID. They checked and issued the parcel. took less than 5 min.

    Till today i was very much worried about the package and even called 2 days to the post office. Second time they remembered me and kind enough to call me back to inform about the parcel.

    It was very different about 2 years ago in the same post office. I went to collect a similar parcel send from UK for my colleague working with me. It took more than 1 hour to get the parcel. He was laughing at me about our postal service. It’s glad to see such improvement. But i heard Colombo post office is not much friendly; may be because large amount of mails they are handling. I hope government will further improve this.

  16. සමාවෙන්න ඕනෙ මලින්ත මලයො… මේ ලිපිය අදයි මං දැක්කෙ. මමත් eBay වලින් පුංචි පුංචි items 20ක් විතර ගෙන්නගෙන තියෙනවා මේ වෙන කොට. (මට සහ යාළුවන්ට) කිසිම අවුලක් වෙලා නෑ මේ වෙනකල්. ඔය වගේ වැඩක් උනා මටත්. මගේ phone එකට ගෙන්නවපු housing එකේ keypad එකේ එක key එකක් හරියට වැඩ කලේ නෑ, ඉතිං මං sellerව contact කරාම ඔහු මට අලුත් keypad එකක් එව්වා. කව මට ආපු fake pen එකකටත් eBay Buyer Protection මගින් refund එකක් ගන්න පුළුවන් උනා. අද වෙනකල් පාඩුවක් නම් උනේ නෑ මට සත පහක. 😀

    මං මේ දවස් වල eBay, PayPal, Webcard සම්බන්ද තොරතුරු ගැන ලිපි පෙළක් ලියාගෙන යනවා. eBay ගැන උනන්දුවක් ඇති අයට මෙන්න මෙතනින් ඒ ලිපි පෙළ කියවන්න පුළුවන්.

  17. මමත් පොඩි පොඩි දෙවල් අරන් වගෙම විකුනලත් තියෙනවා.

    එක පාරක් ගත්තු දෙයක් ආවෙ නැහ. පස්සෙ මුදල් ආපුහු රිටර්න් කරල තිබුනා.

  18. math hari asai ebay ekka ganudenu karanna.hebei paypal nathiwa direct credit card eken genna berida?ane mamanam ebay, internet gena wediya danne nam ne.please help me.

Leave a Reply to hemanthe Cancel reply

Your email address will not be published. Required fields are marked *