හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ 😀
ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි ක්‍රමේකින් වැඩියෙන් බාගන්න පුළුවන් විදි ගැන. ඉතින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩේට පොඩ්ඩක් අත තියලා බලන්න හිතුණා. වැඩේ තියෙන්නෙ මෙහෙට ඩයලොග් 3G සිග්නල් නැති එක තමයි.
එහෙම වුණත් ඕන කෙහෙල්මලක් කියලා මං Mobile Partner එකෙන් WCDMA Only දාලා බැලුවා. ඩයලොග් WCDMA සම්බන්ධ වෙනවා හැබැයි signal strength එකක් නෑ 😀 මෙතන තිබ්බ විදියට අවශ්‍ය වැඩ ටික කරලා සම්බන්ධ වෙලා බැලුවා. මෙන්න බොලේ වැඩ.
මං රුපියල් පනහේ එක තමා දාලා බැලුවේ. ඒකෙන් පැය දෙකක් විතර වැඩ ගන්න පුළුවන්නෙ. ඉතින් උබුන්ටු දාලා තිබ්බ එක resume කරලා දැම්මා. කලින් පොඩ්ඩක් බාලා තිබ්බෙ. ඉතින් පැය දෙක ඇතුළත ඒකයි, Guns N’ Roses ලගේ ඇල්බම් එකකුයි බාගත්තා.
අද මොබිටෙල් නම් හොඳට ගාටනව. ආරංචි කීපයක් ආව SLT එකේ අවුලක් කියලත්. කොහොම වුණත් ඩයලොග් මගින් ලැබුණු වේගය නම් වරදක් නෑ (stable ගතියක් නම් පේන්න නෑ තමයි) ඒත් සිග්නල් ඇත්තෙත් නැති හින්ද ඒකට සමාව දෙන්න පුළුවන්ද? මොඩම් එක නම් අම්බානක රත් වුණා. මොබිටෙල් එකෙනුත් මේ වගේ වේගයක් එනවනම් නියමයි 😀
ඉතින් උබුන්ටුත් දාලා බැලුවා. වරදක් නෑ. E220 එක ආරම්භයේදීම හොයාගෙන අවශ්‍ය සේවා සපයන්නා තෝරගන්න එහෙම අවශ්‍ය පහසුකම් තියෙනවා. Mac වල තියෙන Growl වගේ notification පද්ධතියක් දැක්කා. තව වැඩිපුර තිම් වගයකුත් තිබ්බා. ඉතින් ඔච්චර තමයි. වැඩිය අතපත ගාන්න ගියේ නෑ. ඉන්ස්ටෝල් කරන්න විදියකුත් නෑනෙ. අලුත් හාඩ් ඩිස්ක් එකක් ගන්න වෙයි වගේ.
මෙන්න අපේ මොබිටෙල් එක අද හැසිරෙන හැටි: