නැගිට්ටේ දැනුයි

දවල් ‍‍පොඩ්ඩක් මූණ හෝදගෙන විවේකයක් ගන්න කියලා හිතාගෙන පරිගණකයත් ඕෆ් කරලා ගියාට පස්සෙ පටන් ගත්තෙ නැතෑ විදුලි කොටන්න! ඒ හින්දා ඉතින් කමක් නෑ කියලා හිතාගෙන නිදාගත්තා. හපොයි නින්ද ගියා කියන්නෙ කවදාවත් නිදාගෙන නෑ මේ විදියට. දැන් නැගිට්ටෙ. ඇඟටත් පණ නෑ. තව පැයක් විතරනෙ තියෙන්නෙ මොනවාහරි ලියලා දාන්න ඕන.

දැන් තේකක් බොන්න ඕන. 😉

ගොරවන හඬක් ඇසුණා

දැන් නම් නිදිමතක් එනවා, රස්නෙයි. අහසේ ගොරවන සද්ද ටිකක් ඇහෙන හින්දා දැනට කම්පියුටරේ ඕෆ් කරලා, ඇඟපත හෝදගෙන කෙටි විවේකයක් ගන්නයි යන්නෙ. ලියන්නත් මාර කම්මැලියි දැන්. තව පැය 6ක් විතර තමයි තියෙන්නෙ මැරතන් එක ඉවර වෙන්න. බලමු තව ටිකකින් ඇවිත් තව මොනවාහරි ලියන්න 😀

යූලා නැගිටලා

ස්පයිඩර් මෑන් බලලා ඉවර වුණේ දැන්. කේක් කෑල්ලකුත් කෑවා. යූලත් නැගිටලා ඇවිල්ලා ඤාව් ගාන්න ගත්තා. මං ඉතින් පවු කියලා දුන්නා පොඩි කේක් කෑල්ලක් 😉 දැන් තේකක් බොනවා. ඒත් සීතල බීමක් තිබ්බනම් හොඳයි.

රස්නෙයි. පුදුම රස්නයක්. දාඩිය පෙරෙනවා. දාඩියෙන් නාලා වගෙයි. අනේ මන්දා ඇයි මෙහෙම වෙන්නෙ කියලා. නුවර මෙච්චර රස්නයක්? ඒක හින්දා වෙන්න ඇති සමහරවිට මේ ලියන්න කිසිදෙයක් හිතෙන්නෙ නැත්තෙ.

ම්… මොනවද ලියන්නෙ… ආ මං මේ දවස්වල ආසම සිංදුව U2 කණ්ඩායමේ Until the End of the World කියන එක. මං කැමතිම සිංදුව සාමාන්‍යයෙන් සතියෙන් සතියට හෝ මාසයෙන් මාසයට වෙනස් වෙනවා. වෙන අයටත් එහෙමද දන්නෙ නෑ? ගිය සතියේ ප්‍රියතම සිංදුව වුණේ Chevelle කණ්ඩායමේ I Get It කියන එක. ඇයි එහෙම කැමැත්ත වෙනස් වෙන්නේ කියලයි මම මේ කල්පනා ක‍රන්නේ.

මැරතන් අලුත්ම තත්ත්වය

දැන් නම් හති. කිසිම දෙයක් ඔළුවට එන්නෙ නැහැ ලියන්න. අදහස් ඉවර වෙලා වගෙයි. බලමු තව ටිකක් ඉඳලා මොනවද කරන්න පුළුවන් කියලා. තාම ස්පයිඩර්මෑන් බලනවා. මං හිතනවා මේක බලලා ඉවර වුණාම මොනවහරි ලියන්න පුළුවන් වේවි. 😀

බකියාගේ පින්තූරයක්

බකීගේ පින්තූරයක් හම්බවුණා. අන්න ඌ ඒ පාර එළියට ගිහිල්ලා බුරනවා. 😀

ලියන්න දේකුත් ඔළුවට එන්නෙ නෑ ඒ පාර. ආයෙමත් රස්නෙ වැඩිවීගෙන එනවා. හරිම අමාරුයි.