ලෝන්චි අලුත් වෙයි

මම කාලෙකට කලින් කියපු ලෝන්චි මෘදුකාංගයේ අලුත්ම අනුවාදයක් ඊයේ නිකුත් කළා. මේ නව 2.0 අනුවාදය කලින් අනුවාදයට වැඩිය පහසුකම් කිහිපයක් වැඩියෙන් ලබාදෙනවා. අලුත්ම Skin එකක්, Fade-in සහ Fade-out Effects, වැඩිදියුණු කළ Plugins… නියමයි!

ස්ථාපනය කරනකොට පරිස්සමින්. මොකද පැරණි අනුවාදයේ සැකසුම් ඔක්කොම මැකෙන නිසා. අවශ්‍යනම් පරණ සැකසුම් ටික ලියලා තියාගන්න එක කෝකටත් හොඳයි. අනිත් එක පරණ Plugins/Skins මේ අනුවාදය එක්ක වැඩකරන්නේ නැහැ.

කලින් පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලා බලන්න. කවදාවත් අතහරින්නේ හිතෙන්නෙ නැති නියම මෘදුකාංගයක්.

[ලෝන්චි]

සිංහල පදරචනා සඳහා LyricsLK

සිංහල ගීත අහන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Lyrics නැත්නම් පද රචනා හොයාගැනීම. සමහර වෙලාවට හරියට ඇහෙන්නෙ නැති වචන එහෙම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට LyricsLK අඩවිය මීට දින කිහිපයකට කලින් ක්‍රියාත්මක වුණා. විකියක් ලෙස ක්‍රියාත්මක වන මේ අඩවිය මගින් ඔබට අවශ්‍ය පද රචනා ලබාගන්නට පුළුවන්. දැනට නම් වැඩි ගීත ගණනක් නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වේවි. ඔබටත් සහය වෙන්නට පුළුවන්. LyricsLK හි ගිණුමක් හදාගෙන සහය වෙන්න.

[LyricsLK]

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය

සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා සමූහයක් සකසා තිබෙනවා. ඔබත් සිංහලයෙන් බ්ලොග් ලියන්නෙක් නම් එකතුවන්න.

Google Groups
සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවන්න

ඊමේල් ලිපිනය:

විකිපීඩියා සමග තරගයට ගූගල් වෙතින් ‘නොල්’ | Google Introduces ‘Knol’ to fight with Wikipedia

ගූගල් දැනට අතගසා නැති ක්ෂේත්‍රය මොකක්ද? 😀 ඒකනේ කියන්නේ. හිතාගන්නවත් අමාරුයි නේද? තව ටික දිනකින් ගූගල් විශ්වකෝෂ කාර්යයටත් අතගසන්නටයි සූදානම. ‘නොල්’ නමින් හැඳින්වෙන මේ විශ්වකෝෂය විකිපීඩියාවට හොඳ තරගයක් දෙන්නට සමත් වේවි. දැනට නම් වැඩි විස්තර කිසිවක් නැහැ. මෙහි මූලිකම අදහස විවිධ තොරතුරු ලියන පුද්ගලයන්ට මුල් තැනක් දීම තමයි. ඒ කියන්නේ යම් ලිපියක් ලියන පුද්ගලයාගේ නම පෙන්වීම ආදී ක්‍රම භාවිතය. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙන්නේ දැනටමත් විකිපීඩියාවේ credibility එක ගැන හුඟක් ගැටළු තිබෙන නිසයි. විකිපීඩියාවට වඩා හොඳ Community Tools තිබෙන නොල් මගින් ප්‍රශ්න අසන්නට, අදහස් කියන්නට, තවත් තොරතුරු එක්කරන්නට, සංස්කරණය කරන්නට හැකියාව ලැබේවි. කොහොම වුණත්, නොල් ඉතා විශිෂ්ට කාර්යයක් වේවි කියන එක ගැන නම් අපට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.

Official Google Blog මගිනි.

DivX Pro නොමිලේ ලබාගන්න! | DivX Pro for Free! (Limited Time Offer)

නිතර නිතර වීඩියෝ හා චිත්‍රපට එක්ක වැඩ කරන හැමෝම වගේ DivX ගැන දන්නවා ඇතිනේ? මේ කියන්නට යන්නේ DivX මගින් DivX Pro (ඔව්, Professional අනුවාදය) බොහෝ සුළු කාලයකට නොමිලේ ලබාගන්නට පුළුවන් බවයි! ඔව්. සාමාන්‍යයෙන් රුපියල් දෙදහසකට ආසන්න DivX Pro සුළු කාලයකට කිසිදු ‍මුදලක් නොගෙවා ලබාගන්නට පුළුවන්!

DivX Pro මෙතැනින් ලබාගන්න

ප.ලි.: ඔව්, නීත්‍යානුකූල අනුවාදයක් තමයි! 🙂