ලොවම දන්නා ප්‍රතිවෛරස මෘදුකාංග අසාර්ථකයි? | World Known Antiviruses Fail?

වෛරස්බුලටින් අඩවිය මගින් කළ පරීක්ෂණයකදී ලොවම භාවිතා කරන, ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග රැසක් නොසිතූ ආකාරයෙන් අසාර්ථක වී තිබෙනවා. හිතන්නවත් පුළුවන්ද? සාමාන්‍යයෙන් එතරම් වැඩකට නැති ප්‍රතිවෛරස මෘදුකාංග ගොඩක් තිබුණත්, බොහෝ දෙනා ‍එදිනෙදා පාවිච්චි කරන ප්‍රසිද්ධ මෘදුකාංග වලට ‍එදිනෙදා ලැබෙන සාමාන්‍ය වෛරස හඳුනාගන්නට නොහැකි වීම බරපතල කාරණයක්.

VB100 පරීක්ෂණය අසාර්ථක වූ මෘදුකාංග: (වැරදීම්: Misses, වැරදි සහතිකකිරීම්: False Positives)

  1. AEC Trustport Antivirus – වැරදීම් 7
  2. Avast! – වැරදි සහතික කිරීම් 2
  3. Avira AntiVir – වැරදි සහතික කිරීම් 3
  4. CA Antivirus – වැරදීම් 50
  5. Doctor Web – වැරදීම් 22, වැරදි සහතික කිරීම් 4
  6. Fortinet Forticlient – වැරදීම් 4
  7. Frisk F-PROT
  8. Ikarus Virus Utilities – වැරදීම් 18 වැරදි සහතික කිරීම් 26
  9. Iolo Antivirus – වැරදීම් 66
  10. Kaspersky Anti-Virus – වැරදීම් 1
  11. Kingsoft AntiVirus – වැරදීම් 120
  12. Norman Virus Control – වැරදීම් 14 වැරදි සහතික කිරීම් 6
  13. PCTools Spyware Doctor – වැරදි සහතික කිරීම් 2
  14. Redstone Redprotect – වැරදීම් 2
  15. Rising Antivirus – වැරදීම් 3 වැරදි සහතික කිරීම් 3
  16. Sophos Anti-Virus – වැරදීම් 8
  17. Trend Micro – වැරදීම් 4

මෙම පරීක්ෂණයෙන් සමත් වූ මෘදුකාංග වන්නේ:

  1. Agnitum Outpost
  2. BitDefender AntiVirus
  3. Bullguard
  4. CA eTrust
  5. ESET NOD32
  6. F-Secure Anti-Virus 2008
  7. GDATA Anti-virus
  8. Grisoft AVG
  9. McAfee VirusScan
  10. Microsoft Forefront
  11. MWTI eScan
  12. PCTools Anti-Virus
  13. Quick Heal
  14. Symantec
  15. VirusBuster

හතලිස් වතාවකට වඩා පරීක්ෂණයකට භාජනය කළ මෘදුකාංග

  • Avast! – සාර්ථක 24 අසාර්ථක 20 (සාර්ථකත්වය 55%)
  • CA eTrust – සාර්ථක 32 අසාර්ථක 13 (සාර්ථකත්වය 71%)
  • Doctor Web – සාර්ථක 25 අසාර්ථක 22 (සාර්ථකත්වය 53%)
  • ESET NOD32 – සාර්ථක 47 අසාර්ථක 3 (සාර්ථකත්වය 94%)
  • F-Secure – සාර්ථක 27 අසාර්ථක 13 (සාර්ථක 68%)
  • Grisoft – සාර්ථක 19 අසාර්ථක 22 (සාර්ථකත්වය 46%)
  • Kaspersky – සාර්ථක 40 අසාර්ථක 15 (සාර්ථකත්වය 73%)
  • McAfee – සාර්ථක 34 අසාර්ථක 19 (සාර්ථකත්වය 64%)
  • Norman – සාර්ථක 38 අසාර්ථක 14 (සාර්ථකත්වය 73%)
  • Sophos – සාර්ථක 39 අසාර්ථක 14 (සාර්ථකත්වය 74%)
  • Symantec – සාර්ථක 41 අසාර්ථක 6 (සාර්ථකත්වය 87%)

සයිබර්නෙට්නිව්ස් මගිනි.

ගොඩ කාලෙකින් | From a long time

පහුගිය දවස් ටිකේ මගේ සටහන කියවන්න ආපු අය (සමහරවිට) බලන්න ඇති මොකද අලුතෙන් මුකුත් නැත්තේ කියලා… සමාවෙන්න 🙂 ඇත්තම කියනවනම් මට මොනවත් ලියන්න හිතුණේ නැහැ. හේතුවක් කියන්නත් අමාරුයි. Lack of Inspirations හින්දද මන්දා. ලියන්න ඉඳගත්තත් ලියන්න හිතුණේ නැහැ. අලුතින් ලියන්න ඒ හැටි දේකුත් තිබුණේ නෑ. මේක ඇත්තටම එච්චර හොඳ වැඩක් නෙවෙයි. ටික කාලයක් එක දිගට ලියාගෙන ගිහින් එකපාරටම නවත්වලා, ආයෙත් ටික කලකින් ‘සමාවෙන්න’ කියලා ආයෙමත් ලියන්න පටන් ගන්න එක. ඒත් ඉතින් මොනවා කරන්නද?

කාටවත් මොනවත් ප්‍රශ්න එහෙම නැද්ද? නිකං දැනගන්න තියෙන දෙයක් ගැන එහෙම? මොනව හරි එහෙම දෙයක් තියෙනවනම් අහන්න. නැත්නම් ඉතින් මට ලියන්න කම්මැලියි. අනිත් එක තමයි මගේ ඩයල් අප් සම්බන්ධතාවය හින්දා වෙලාවකට කිසිම දෙයක් ලෝඩ් කරගන්න අමාරුයි. ඒ වෙලාවට ඉතින් ඔක්කොම දමලා ගහලා බුම්මගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ. මේක ලියන වෙලාවෙත් එහෙම තමයි. ඇත්තටම මේ සම්බන්ධතාවය දැන් උපරිම වේගයෙන් ක්‍රියාත්මක වෙන්නෙ මධ්‍යම රාත්‍රියට විතරයි. ඒ වෙලාවටත් ඉතින් මොනවහරි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන දෙයක් දානවා මිසක් වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. සමහර වෙලාවට… නෑ එක්කෝ ඕන නෑ. ‍මගේ හෑලි වලින්‍ වෙන්නේ මේ සටහන කියවන අයගේ කාලය නාස්තිවීමක් විතරයි. 😀

වින්ඩෝස් පාවිච්චි කරන අයට නියම වැඩසටහනක් ගැන කියා දෙන්න තියෙනවා. ඉදිරියේදී ලියන්නම්. අනේ ඉතින් කියවන හැමෝම අදහස් ඉදිරිපත් කරනවා නම් මම ගොඩක් ආසයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න. ගුණ දොස් විවේචනය කරනවනම් ඉතින් තවත් හොඳයි. කොහොම වුණත්, මගේ සටහන කියවන්න එන අයට මගේ හද පිරි ස්තූතිය! 🙂

සුපිරි වේගයෙන් ජීමේල්! | Ultra Fast Gmail!

මං වගේ තව අය ඉන්නවනම් ජීමේල් පාවිච්චි කරන, ඩයල් අප් සම්බන්ධතා තියෙන – සමහර වෙලාවට ජීමේල් ප්‍රවේශනය වෙන්න ගතවෙන කාලය ඕනවටත් වැඩිය දීර්ඝ වෙන්න පුළුවනි. මේක ඇත්තටම එපා වෙන්න පුළුවන්: එක හේතුවක් තමයි කාලය නාස්තිය, අනිත් එක තමයි තරහ යෑම! ඉතින් මේ වගේ වෙලාවක මොකද කරන්නේ? මෙන්න විසඳුම: ජීමේල් මොබයිල් අනුවාදය – ජංගම දුරකථන සඳහා නිර්මාණය කර තිබෙන ජීමේල් අනුවාදය ඉතාමත් වේගවත්. නියම අනුවාදයේ පහසුකම් සියල්ලම නැහැ. (සියල්ලම නෑ කියන්නේ ගොඩක් පහසුකම් තියෙන නිසා) ඒත් හදිසියකට පණිවිඩයක් පරික්ෂා කරගන්න නම් නියමයි. [ජීමේල් මොබයිල්]

If you are like me, use gmail and have a dialup connection it might take longer than usual to load up gmail. It’s really annoying. Waste of time and the anger caused by that 🙂 Luckily, there’s a solution. Point to Gmail Mobile. Actually it’s made to be used with Mobile Phones. Yeah, it doesn’t have all the bells and whistles from the PC version. (I said ‘all’ ‘coz there are lots of options from the PC version.) But if you are in a hurry and the ‘big’ gmail wont load, it’s nice to know. [Gmail Mobile]

ක්‍රොස්ලූප් මගින් ලේසියෙන් පරිගණක ගැටළු විසඳන්න | Solve PC problems the easy way with CrossLoop

ගෙදර ඉන්න ආච්චි පරිගණකයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඔන්න දවසක් ආච්චිට මැෂින් එකේ එන ලෙඩක් හදාගන්න වෙනවා. කාටද කතාකරන්නෙ? ඔයාට. ඇයි ඉතින් ඔයානෙ පවුලේ ඉන්න ‘කම්පියුටර් වැඩකාරයා’! ඔන්න ඉතින් ෆෝන් එක අරගෙන, ආච්චිට හෙමින්හෙමින් උපදෙස් දෙනවා. කන්ට්‍රෝල් පැනල් එකට යන හැටි, අවශ්‍ය දේ ඩබල් ක්ලික් කරන හැටි… ආච්චි අහන දහසක් ප්‍රශ්න වලට උත්තර දෙමින් ඉතින් මේ වැඩේ කරනකොට සසර කලකිරෙන්නත් බැරි නෑ! 😀

මේ වගේ අවස්ථාවක ආච්චිගේ ප්‍රශ්න වලට උත්තර නොදී ප්‍රශ්නෙ විසඳලා දෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඉතින් VNC විතරයි තියෙන්නෙ. (හෑ? මොකක්ද පුතේ වීඑන්සී කියන්නේ?) ඕකත් ඉතින් ආච්චිට පැහැදිළි කරලා දෙන්න ගියොත් වැඩක් කරගන්න ලැබෙන්නේ නැහැ!

‍ඒ නිසා මෙන්න කරන්න තියෙන හොඳම වැඩේ. ක්‍රොස්ලූප්. ඕනෑම අයෙකුට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රොස්ලූප් මගින් ලෝකයේ ඕනෑම පරිගණකය දෙකක් පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවනි. ආච්චිලාගේ පරිගණක වල ලෙඩ හදන්න වගේම Tech-Support වැඩ වලට නම් මේක හොඳ මෘදුකාංගයක්. (ඔව්, ඒත් ඉතින් මේක ආච්චිගේ මැෂින් එකට මුලින් දාන්නත් වේවි.)

භාවිතය පහසුයි. තවත් පරිගණකයකට සම්බන්ධ වෙන්න ඕනෑ නම් Join ටැබ් එකට යන්න. අනිත් පරිගණකයේ Access Code එක ඇතුල් කරන්න. එපමණයි. අනිත් පරිගණකයේ සියළු සැකසුම් පහසුවෙන් හදන්න, ඕනෑ දෙයක් කරන්න දැන් ඔබට පුළුවන්. කවුරු හරි ආච්චි කෙනෙක් මේක කියවනවනම් 🙂 ඔබේ පරිගණකයේ ලෙඩක් හදාගන්න ඕන නම් Host ටැබ් එකට ගිහින් Connect බොත්තම ක්ලික් කරලා Access Code එක ඔබේ පුතාට කියන්න. Dial-up, Broadband ඕන එකක්. රූපයේ තත්ත්වය අඩු කිරීම මගින් ඩයල් අප් සම්බන්ධතාවයක හොඳින් වැඩකරන්න පුළුවන්.

ක්‍රොස්ලූප් වල විශේෂත්වය එය භාවිතා කිරීමේ පහසුව තමයි. ‍ෆයර්වෝල් සැකසුම් වගේ කිසි දෙයක් ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ස්ථාපනය කළා, දියත් කළා. එච්චරයි! ආරක්ෂාව ගැනත් බයවෙන්න දෙයක් නැහැ. බිට් 128 Encryption එකක් සහ අහඹු ලෙස සැකසෙන අංක 12 Access Code එක නිසා වෙන කිසිම කෙනෙකුට ඔබේ පරිගණකයට හානියක් කරන්නට බැහැ. පාවිච්චි කර බලන්න.

[ක්‍රොස්ලූප්]

පරිගණකය නැතුව ධාවක මකන්න | Erase Drives without a PC

කො‍හේ හරි පැත්තකට දාලා තියෙන හාඩ් ඩිස්ක් එකක් (දෘඪ තැටියක්!) සුද්ද කරගන්න ඕන නම් මෙන්න උපාංගය. පරිගණකයක් නැතුවම තත්පරයට මෙගාබයිට් 35ක පමණ වේගයකින් දෘඪ තැටි සුද්ද කරන්නට පුළුවන් මේ උපාංගය Wiebetech නම් සමාගම නිකුත් කරන eRazer උපාංගයයි. වර්ග දෙකකින් ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය මාදිලිය ඩොලර් 99 – IDE හා Single Pass සමග. වෘත්තිමය මාදිලිය ඩොලර් 150 – SATA හා Multipass සහය දක්වයි. ලංකාවේ නම් නැතුව ඇති. 😀

ගිස්මෝඩෝ මගිනි.

Have a hard drive lying around and want to wipe it clean? Here’s the thing you need. Wiebetech’s eRazer erases hard drives without a PC at a rate of 35 MB/s. There are two models. Standard $99 model handles IDE drives with a single pass, while the Pro $150 model handles SATA drives with multipass. I don’t think it’s available in Sri Lanka, at the moment. 😀

Via Gizmodo