දෝෂ පණිවිඩ පිටපත් කිරීම


පරිගණකයේ වැඩක් කරමින් සිටින විට මතුවන දෝෂ පණිවිඩ ඉතාමත්ම ලොකු කරදරයක්. මෙවන් අවස්ථාවක ඔබ එතරම්ම තාක්ෂණික පුද්ගලයෙකු නොවෙයි නම් ඒ දෝෂ පණිවිඩය කොපි කර තබාගැනීම අවශ්‍ය වන්නට පුළුවන්. නමුත් ඉතාමත්ම දිග වූ අකුරු අංක පිරුණු දෝෂ පණිවිඩයක් පිටපත් කරගැනීම ලේසි වැඩක් නොවෙයි නේද? නමුත් ඒ සඳහා පහසු ක්‍රියාමාර්ගයක් තිබෙනවා. එම දෝෂ කවුළුවක් මතු වූ විට සාමාන්‍ය පිටපත් කිරීම සඳහා යොදාගන්නා Ctrl+C ඇතුල් කරන්න. එම දෝෂ පණිවිඩයේ සියළු තොරතුරු ක්ලිප්බෝඩ් එකට පිටපත් වී හමාරයි. (මෙය වින්ඩෝස් 2000 වල පටන්ම තිබුණු විශේෂාංගයක්ලු. කවුද දන්නේ?)

(ලයිෆ්හැකර් හරහා)

G2P

අන්තර්ජාලයේදී නොමි‍ලේ එම්පී3 ගොනු ලබාගැනීම සමහර අවස්ථා වලදී අපහසු කටයුත්තක් විය හැකියි. එම්පී3 හැරුණු විට ඊ-පොත්, මෘදුකාංග ආදී බොහෝ දේ සඳහා මෙය පොදුයි. නමුත් අන්තර්ජාලයේ ‍විවිධ ස්ථානවල ගොඩගසා ඇති මෙවන් ‍ගොනු සොයාගැනීම ගූගල් මගින් පහසුවෙන් කළ හැකියි. මේ සඳහා විවිධ commands විශාල සංඛ්‍යාවක් ටයිප් කළ යුතුයි. මේ කටයුත්ත සරල කර, ඕනෑම ගොනුවක් සොයාගත හැකි ආකාරයට සකස් කළ අඩවියකි ජී2පී.org

ජී2පී.org

ටෙරාකොපි

වින්ඩෝස් සඳහා පමණි: නොමිලේ ලබාදෙන ගොනු පිටපත් කිරීමේ උපාංගයකි.


විශේෂතා: වේගවත් ගොනු පිටපත් කිරීම , පිටපත් කිරීම තාවකාලිකව නැවතීම හා
නැවත ආරම්භය, දෝෂ මගින් ගලවාගැනීමේ හැකියාව (පිටපත් කිරීමේදී දෝෂයක්
වුවහොත්, එම ගොනුව අතහැර ඉතිරිය පිටපත් කරයි. වින්ඩෝස් හි මෙන් පිටපත්
කිරීමේ මුළුමනින්ම නවතන්නේ නැත.)


ටෙරාකොපි


(ලයිෆ්හැකර් හරහා)