කෑවා කෑවා

ඔව් ඔව් මේ දැන් කාලා ආවේ. 😀 දඩිබිඩි ගාලා බත් කටවල් දෙකක් ගිලදාලා ආවා. මං මෙච්චර කලින් කන්නෙ නෑ සාමාන්‍යයෙන් හැබැයි. බත් කන්නත් ටිකක් කම්මැලියි ඉතින් මක් කරන්නද, මේ ලංකාවනෙ. අප්පච්චි පත්තර ගෙනල්ලා ඒ ටික බලන්නත් ඕන. ඒක ඉතින් හෙට තමයි මොකද දැන් මැරතන් හින්දා. රෙදෙව්වෙ නම් දැන් යන්නෙ නිදිමත හැදෙන සින්දු සෙට් එකක් හැබැයි.

Wall-E

අනේ ඉතින් මාස ගානක් තිස්සෙ Wall-E ගන්න දඟල දඟල හිටියා. ටවුන් එකේ යාලුවෙකුට adsl හම්බවුණා. පොරටත් අරන් දෙන්න කිව්වා පොරට හැමදාම ඕක දාන්න අමතක වෙනවා. ඉතින් මක් කරන්නද ඔහේ හිටියා.

ඉතින් වෙලාවට මොබිටෙල් එකෙන් අලුත් පැකේජ හඳුන්වා දුන්නට පස්සෙ මාසෙට ගිගාබයිට් හතක් විතර එන හින්දා මොකද කරේ ඕන කෙහෙල්මලක් කියලා මේ මාසෙට ෆිල්ම් එකක් ගමු කියලා බෑවා Wall-E. පැය දෙකහමාරෙන් විතර ආවා.

ඉතින් බැලුවා. නියම චිත්‍රපටයක්. Pixar එකෙන් කරපු අවසන් චිත්‍රපට ඔක්කොටම වගේ මං කැමතියි. Ratatouille එහෙම 😀

ගීත ගැන සටන්

රෙදෙව්වෙන් ගීත ඉල්ලීම් කරන අතරේ ඒ ඒ අය කැමති නැති කැමති ඒවා ආදිය පිළිබඳව ඇතිවෙන කතාබහ හරි ෂෝක්. මාර ජොලි. පුදුමයි නේද විවිධ අය විවිධ ඒවට. විවිධත්වය. 😀

අනේ ඉතින් ලියන්න කිසි දෙයක් ඔළුවට එන්නෙ නෑ. මෙහෙම වෙනවා ඉතින් මක් කරන්නද 😛 වෙලාව අටයි. මං කෑම කනකොට නම් කොහොමත් ඉතින් පරක්කු වෙනවා. මගෙ කාලසටහන් අල වගේ. දවල්ට කන්නෙත් තුනට තුනහමාරට වගේ. හික්

UPS

මගේ UPS එක මේ දවස් වල අල වෙලා තියෙන්නෙ. හේතුව නම් මං දන්නෙ නෑ. වෙනදා විදුලිය නැතිවුණාම විනාඩි විස්සක් විතර දුවන එක දැන් විනාඩියක් යන්න කලින් කඩාගෙන වැටෙනවා. මාර වදයක්. වෙලාවකට නම් විනාඩි දෙකක් විතර තියෙනවා. ඒත් බොහෝ විට වෙන්නෙ දඩිබිඩිං ගාලා ඕෆ් වෙලා යන එක තමා. ඉතින් කරන්ට් ගියාම හනි හනිකට විවෘත කරලා තියෙන ඒවා වහගන්න ඕන. ඒ ටික කරනකොට ඉතින් වෙලාව හරි. 😀

මගේ ඉස්සරහා තියෙන ටීවී එකේ අපි නොදන්න ලයිව් යනවා. මේක ඉස්සර නම් ෂෝක්. දැන් ටිකක් අල වෙලා තියෙන්නෙ 🙁

මේ රේඩියෝව නම් නියමයි. වීඩියෝ බලන්නෙ නෑ ඉතින් බෑන්ඩ්විත් ප්‍රශ්න හින්දා. ඔව් ඉතින් 7GB තියෙනවා තමා ඒත් ඉතින් ඒක රැකගන්න එපැයි 😀

ඊයේ දවස

දැන් ඉතිං ලියන්නම දෙයක් නැති හින්දා ඊයෙ බස් එකේ ටවුමට ගිය හැටි ලියන්න හිතුණා. ඊයෙ ඉතින් ධර්මරාජේ සුනාමිය ගැන මොකක්ද තිබ්බ හින්දා කවදාවත් නැතුව ලේවැල්ලෙන් බස් චෙක් කරනවා. ඒ හරියෙ පාරත් වහලා හින්දා ධර්මාසෝක මාවතෙන් තමා ටවුමට එන්න වුණේ. ඊයෙ හෙණ අමුතු දවසක්. උදේ යන වෙලාවෙ අහසෙ එක වළාකුලක් නෑ. මාර කූල් ගතියක් තිබ්බෙ. ටවුමෙ නම් අම්බානක අව්වා. ATM එක ගාවට ගිහින් ඒකෙ අලයක් හින්දා පිච්චි පිච්චි ඉන්න වුණා විනාඩි දහයක් විතර.

ටවුමට ගිහින් ඉතින් ඉවරවෙලා තිබ්බ ප්‍රින්ටරේ කාට්රිජ් එකකුත් නැවත පුරවන්න දීලා ගියා ඩැනී ශානු සහ ප්‍රභාස් හම්බවෙන්න. ඉතිං ගුරුදෙණියට ඇවිත් එහෙ දවසම ගතකරලා පොරවල් ටිකත් එක්ක දෙගල්දොරුවටත් ඇවිල්ලා තමයි දවස ඉවරවුණේ. අනේ හැබෑට සෙට් එක දෙගල්දොරුවට ඇවිත් පිස්සු හැදිලා වගේ පැයක් විතර ෆොටෝ ගත්තා 😀 ඇත්ත ඉතින්, එතනට ගියාම චිත්‍ර කරපු ඕනම කෙනෙකුට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා.

ඩැනියාගේ කැමරාව නම් එළ. මාත් ගන්න ඕන DSLR එකක්. සාමාන්‍යයෙන් පටන්ගන්න හොඳ කැමරාවකට නිර්දේශයක් තියේද? ලාබෙට ඕන ඉතින් මට එච්චර වියදම් කරන්න හැකියාවක් නෑ 😀