Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more

හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ 😀

ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි ක්‍රමේකින් වැඩියෙන් බාගන්න පුළුවන් විදි ගැන. ඉතින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩේට පොඩ්ඩක් අත තියලා බලන්න හිතුණා. වැඩේ තියෙන්නෙ මෙහෙට ඩයලොග් 3G සිග්නල් නැති එක තමයි.

එහෙම වුණත් ඕන කෙහෙල්මලක් කියලා මං Mobile Partner එකෙන් WCDMA Only දාලා බැලුවා. ඩයලොග් WCDMA සම්බන්ධ වෙනවා හැබැයි signal strength එකක් නෑ 😀 මෙතන තිබ්බ විදියට අවශ්‍ය වැඩ ටික කරලා සම්බන්ධ වෙලා බැලුවා. මෙන්න බොලේ වැඩ.

මං රුපියල් පනහේ එක තමා දාලා බැලුවේ. ඒකෙන් පැය දෙකක් විතර වැඩ ගන්න පුළුවන්නෙ. ඉතින් උබුන්ටු දාලා තිබ්බ එක resume කරලා දැම්මා. කලින් පොඩ්ඩක් බාලා තිබ්බෙ. ඉතින් පැය දෙක ඇතුළත ඒකයි, Guns N’ Roses ලගේ ඇල්බම් එකකුයි බාගත්තා.

Dialog Prepaid Broadband
Dialog Prepaid Broadband

අද මොබිටෙල් නම් හොඳට ගාටනව. ආරංචි කීපයක් ආව SLT එකේ අවුලක් කියලත්. කොහොම වුණත් ඩයලොග් මගින් ලැබුණු වේගය නම් වරදක් නෑ (stable ගතියක් නම් පේන්න නෑ තමයි) ඒත් සිග්නල් ඇත්තෙත් නැති හින්ද ඒකට සමාව දෙන්න පුළුවන්ද? මොඩම් එක නම් අම්බානක රත් වුණා. මොබිටෙල් එකෙනුත් මේ වගේ වේගයක් එනවනම් නියමයි 😀

ඉතින් උබුන්ටුත් දාලා බැලුවා. වරදක් නෑ. E220 එක ආරම්භයේදීම හොයාගෙන අවශ්‍ය සේවා සපයන්නා තෝරගන්න එහෙම අවශ්‍ය පහසුකම් තියෙනවා. Mac වල තියෙන Growl වගේ notification පද්ධතියක් දැක්කා. තව ‍වැඩිපුර තිම් වගයකුත් තිබ්බා. ඉතින් ඔච්චර තමයි. වැඩිය අතපත ගාන්න ගියේ නෑ. ඉන්ස්ටෝල් කරන්න විදියකුත් නෑනෙ. අලුත් හාඩ් ඩිස්ක් එකක් ගන්න වෙයි ව‍ගේ.

මෙන්න අපේ මොබිටෙල් එක අද හැසිරෙන හැටි:

Mac OS ගැන කතා

ඔන්න ඉතිං දීර්ඝ විරාමයකට පස්සෙ ආයෙමත්. පහුගිය දවස් ටිකේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණු නිසා සහ ලියන්න තරම් හිතක් නොතිබුණු නිසා කිසිම දෙයක් ලියවුණේ නෑ. අද ඉතිං මොනවහරි ලියන්න ඕන කියලා හිතුණා.

මගේ අනිත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නෙ නැතුව ගියා. ඒකට හයිකරලා තිබ්බ 40GB දෘඪ තැටියේ තමයි මං මැක් දාලා තිබ්බෙ. ඉතින් ඒක ආයෙමත් මගේ මැසිමට දැම්මා. ඒ හින්දා මේ දවස් දෙක තුනේ මැක් පාවිච්චි වුණා වැඩියි.

මට දැනට ‍තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මැක් වල සිංහල හරියටම වැඩ කරන විදියට හදාගන්න එක. දැනට තියෙන තත්ත්වය නරකම නෑ. නිකලස් හදපු ෆොන්ට් එකේ තිබුණු පොඩි අඩුපාඩු ටිකක් ගැන මමයි දසුන් අයියයි දන්වලා තියෙන්නෙ. ඒකෙ තියෙන අවුල් ටිකත් හැදේවි කියලා බලාපොරොත්තු වෙනවා. යතුරුපුවරුවේ අවුල් වගයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල ටයිප් කරගන්න පුළුවන් වුණත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒක හදන්න දසුන් අයියත් ට්‍රයි එකක් දුන්නා. ඒත් වැඩේ හරියටම හරිගියේ නෑ. ෆොන්ට් එක හරියටම හැදෙනකල් ඒක පරක්කු කරන්න වෙයි වගේ.

ඉතින් ඊයෙ මැක් එකේ රවුම් ගගහ ඉන්නකොට මතක් වුණා බොලේ මං මේකට සිංහල ෆයර්ෆොක්ස් දැම්මෙ නෑ නේද කියලා 😀 මැක් වල මෘදුකාංග ස්ථාපනය කරන එක බොහොම පහසු වැඩක්. ඒ හින්දා මං සිංහල අනුවාදය බාගෙන දාලා බැලුවා. මටම පුදුමයි! මැක් වල අකුරු රෙන්ඩර් කරන විදිය කියන්න බැරි තරම් ලස්සන හින්දා ෆයර්ෆොක්ස් හරිම ලස්සනට පේනවා.

Menus
Menus
Menus
Menus
Preferences
Preferences
Posted in Mac

From the Train

දුම්‍රියේ සිට

මැරතන් එකට වෙලාවට එන්න බැරි වුනත් ඒක අත අරින්න බෑනෙ. ඒ හින්ද ඉතින් කෝච්චියෙ ඉඳන් හරි ලියන්න හිතුව. මේ පලමු ලිපිය. ඉක්මනට ගෙදර යන්නයි ඕන. වෙන ලියන්න දෙයක් නෑ. 😀

Posted in Uncategorized

Mobitel M3 අල සහ තවත් කතා

ඔන්න ඉතින් අද නාගයාත් එක්ක ටවුමෙ රවුම් ගහලා, කකුල් දෙක පණ නැතුව ආවා ගෙදර. කාලෙකින් ඇවිදින්න ගියේ 😀 ඉතිං හවස ‍ජා‍ලෙ සැරිසරමින් ඉන්නකොට අපේ කාලිංග සහෝදරයා දමල ගැහුවෙ නැතෑ speedtest.net රිසල්ට් එකක් M3 එකකින්. හප්පොච්චියෙ මට නිකං පිස්සු වගේ. මේ තියෙන්නෙ ඔය රිසල්ට් එක තමා:

M3 (Kalinga)

M3 (Kalinga)

එතකොට තමයි මට මීටර් වුණේ මට එච්චර වේගයක් ලැබෙන්නෙ නෑ නේද කියලා. ඉතිං නිකමට වගේ ආයෙ පාරක් ටෙස්ට් දෙක තුනක් දාලා බලද්දි තමයි පේන්න ගත්තෙ මේක අල පාත්තියක් කියලා. (මේක 3.6mbps සම්බන්ධතාවය)

මෙන්න ඉතිං ඔය රිසල්ට්ස් කීපයක්:

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

ඉතිං ඔහොම තමා තත්වෙ. වැඩේ කියන්නෙ මොබිටෙල් සිග්නල් උපරිමව තියෙන එක. ඩයලොග් HSDPA නම් අහලකවත් නෑ. හුලංටෙලුත් එහෙම තමා. මොකක්ද මේ වෙන්න යන්නෙ? කොළඹට කිරි ගමට කැකිරිද ???

ඔව් ඉතින් 1mbps ඇති කියලා කියාවි. ඒකත් ඉතින් හැමතිස්සෙම එන එකක් නෙවෙයිනෙ.

මේ පැකේජ් එක 3.6 කියන හින්දා, අඩුම තරමේ 2mbps වලින්වත් මොකක්හරි බාන්න තිබ්බනම් නරකද? (ආසාවට) 😀

Update:

හදිස්සි වුණා වැඩිද මන්දා. අද උදේ බැලුවා වේගයෙන් වෙනස් වෙලා 😀

M3 (Malinthe)

M3 (Malinthe)