Posted by mobile phone:
Yeah guys i’m on my way to galle and writing this from my new phone. Don’t know if you can read this or not but if you do let of know. Installed a plugin for wordpress and using it to write this. More info later 🙂
ෆයර්ෆොක්ස් සඳහා ක්‍රෝම් තේමාව – Chrome Theme for Firefox
ගූගල් ක්‍රෝම් බොහොම ලස්සන බව දැකලා ඇති නේදැ? කොහොම වුණත් මං දැනට ඒක ප්‍රාථමික බ්‍රවුසරය විදියට පාවිච්චි කරන්නෙ නෑ (තවම) ඒත් අපේ සුපුරුදු ෆයර්ෆොක්ස් සඳහා ඒ පෙනුම (බොහෝ දුරට) ගෙන එන්න පුළුවන් තේමාවක් ගැන දැනගන්න ලැබුණා.
ඒ ChromiFox මගින්. මේ තේමාව මගින් ක්‍රෝම් හි තියෙන පෙනුම ෆයර්ෆොක්ස් වෙත ලබාගන්න පුළුවන් (හපොයි ඒක දැන් කිව්වනෙ) නරකම නෑ.
Address Bar එකට ක්‍රෝම් පෙනුම ගන්න Locationbar2 කියන ඇඩෝනය පාවිච්චි කරන්න පුළුවන්. (මං ඒක නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරනවා.)
දැනට නම් මේ තේමාව ලබාගන්න Log in වෙන්න ඕන. ඒකට mozilla.org හි ලියාපදිංචි වෙන්න ඕන. නැතිනම් bugmenot පාවිච්චි කරන්න 😉
[ChromiFox] via Lifehacker
Acid3 Test
මං දැන් Internet Explorer 7, Firefox 3.0.1, Opera 9.51, Safari 3.1 සහ Chrome දාලා තියෙන නිසා ඔක්කොගෙම Acid3 Test එක දුවවලා බැලුවා. (මේ සමහර ඒවයෙ අලුත් අනුවාද තියෙනවා මං තාම ඒවා දැම්මෙ නෑ)
හරිනම් මේ විදියට තියෙන්න ඕන: http://acid3.acidtests.org/reference.html
උණුසුම් පුවත්: Chrome අලයක්!
ඔන්න ඒකට නම් වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)
මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.
මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද? 😀
Google Chrome
ඔන්න මේ දවස් වල අම්බානකට ගූගල් මගින් එන Chrome ගැනයි කතාව තියෙන්නෙ. ඊයෙ මේ ගැන ආරංචි වුණාට පස්සෙ ගන්නකල් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. අද උදේ බලනකොට ඇවිල්ලා, මං එවෙලෙම අරගෙන ස්ථාපනය කරලා බැලුවා.
අනේ ඉතින් බොහොම ලස්සනයි නොවැ බ්‍රවුසරේ. වැඩිය තාම අතපත ගාලා බැලුවෙ නෑ දැන් පන්තියට දුවන්න ඕන.
මං දැනට screenshot ටිකක් දානවා. වැඩි විස්තර සඳහා චිත්‍රකතාවට යන්න. ලබාගන්න http://www.google.com/chrome වෙත යන්න. විශේෂාංග ගැන දැනගන්න මෙතැනට යන්න.
![Chrome Theme for Firefox [ChromFox]](http://blog.malinthe.com/wp-content/uploads/2008/09/chrome_theme-300x225.jpg)


