ෆයර්ෆොක්ස් මගින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන හැටි දැනගන්න

සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට හැකියාව ලබාදෙනවා.

භාවිතය බොහොම සරලයි. Pronounce ස්ථාපනය කළාට පස්සේ අවශ්‍ය වචනයක් තෝරගෙන (highlight කරගෙන) රයිට් ක්ලික් කරලා Pronounce තෝරන්න විතරයි තියෙන්නෙ. ඒ වෙලාවට ස්පීකර් ක්‍රියාත්මක කරලා තියන්න මතක තියාගන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිය ඔබට ඇහේවි.

අවශ්‍ය නම් ඔබේ ටූල්බාර් එක මත රයිට් ක්ලික් කරලා Customize තෝරගෙන, එතැනින් Pronounce කියන බොත්තම එක්කරගන්නත් පුළුවන්. එතකොට ඒ බොත්තම ක්ලික් කළ විට මතුවෙන කවුළුවට අවශ්‍ය වචනය ටයිප් කිරීම මගිනුත් උච්චාරණය අහන්න පුළුවන්.

ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා 🙂

Pronounce
Lifehacker සහ gHacks මගිනි.

මැගී ආච්චි

මැගී ආච්චි දැන් වැඩිපුර ලියන්නයි සූදානම. කාලෙකට පස්සේ අලුතෙන් ලිපියක් දාපු බව දකින්න ඇතිනෙ? නැතිනම් ගිහින් බලන්න. තවත් එකක් ලියලා තියෙන්නෙ. ඒක සඳුදට බලාගන්න පුළුවන් වේවි.

මැගී ආච්චිට ගොඩක් ප්‍රතිචාර ලැබෙන නිසා ආච්චි ඉන්නෙ හරිම සතුටෙන් 😀

තවත් එකක්, මැගී ආච්චිගේ හෑල්ල කාලෙකට කලින් මිණිමුතු නමින් මධ්‍යම පළාතේ පමණක් නිකුත්වුණු පත්තරක පළවුණා. ඒ දවස්වල මේ මැගී ආච්චිගේ චිත්‍රය ඇන්දේ චන්දන කියලා අයියා කෙනෙක්. ඒ අයියා වෛද්‍ය විද්‍යාලයට තේරුණු බව අම්මා කිව්වා. වාසගම නම් මතක නැහැ. කවුරුහරි එයාව දන්න කෙනෙක් මේක කියවනවා නම් අපව අමතන්න කියන්න. 🙂

මැගී ආච්චිගේ හෑල්ල – කිව්වහම මොකද හැබෑටම!

Google’s New Favicon

Favicon කියන ඒවා දැකලා ඇතිනෙ? ෆයර්ෆොක්ස් පාවිච්චි කරනකොට නම් ටැබ් එකෙත්, ලිපින තීරුවෙත් එක එක අඩවි ‍වල වෙනස් අයිකන දැකගන්න පුළුවන්. මේවා තමයි Favicon කියන්නෙ. ඊයේ තමයි මේ ගූගල්හි අලුත් Favicon එක දැකගන්න ලැබුණේ. ඇත්තටම එතරම් වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒත් ලියන්න හිතුණා. 😀

මං එක බ්ලොග් එකක දැක්කා ගූගල් සහ අනිත් සමාගම් අතර තියෙන වෙනස මේක බව. ඒ කියන්නෙ මේ වගේ ගූගල් හි මේ වගේ පොඩි වෙනසක් වුණත් ඒ ගැන ලොකුවට කතාකරන්න පුළුවන් බව 😆 මේ ළඟදි ජීමේල් ප්‍රවේශණ තිරයටත් අලුත් වෙනසක් කරලා තිබුණා. ජීමේල් පාවිච්චි කරන අය මේක දැනටමත් දන්නවා ඇති.

ඉතින් කොහොමද?

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. හේතුවක් කියන්න අමාරුයි. ලියන්න ගොඩක් දේවල් තිබුණත් ලියාගන්න බැරුවයි හිටියෙ. දැන්වත් මොකක්හරි ලියන්න ඕන කියලා හිතුවට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ

ම්… දැන් බස් ගාස්තු වැඩියි. අපේ පාරේ කලින් රුපියල් 14 දැන් 17ක් වෙලා. ටවුමට ගිහින් එන්න ගියාම රුපියල් 34ක් වියදම් වෙනවා දැන්. අන්තර්ජාල භාවිතයත් ප්‍රශ්නයක් වෙලා. මේ මොබිටෙල් එකට යන වියදම දරන්න අමාරුයි. වෙන කරන්න දේකුත් නෑ. adsl ගන්න විදියකුත් නෑ, ‍ඩයලොග් එකේ වයිමැක්ස් ගන්න විදියකුත් නෑ. ඩයල්අප් නම් දැන් අප්පිරියයි.

ඊයේ පෙරේදා යාහූ මැසෙන්ජර් එකේ තිබුණු ගේම්ස් ටිකක් සෙල්ලම් කළා යාලුවොත් එක්ක. Pool තමයි මගේ ප්‍රියතම එක. තවත් තියෙනවා Toki Toki Boom කියලා එකක්. ඒකත් නියමයි 😆

ගොඩ දවසකින් ලියන්න බැරිවුණු නිසා මේක බලන්න එන අයත් අඩුවෙලා වගේ. මොනවා කරන්නද? කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. වර්ඩ්ප්‍රෙස් සිංහල වැඩකටයුතුත් බලන්න බැරිවුණා ගොඩ දවසකින්.

ගැජට් සහ මෘදුකාංග ලෝකයේ මේ දවස්වල ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒත් ඒවා ලියලා වැඩක් නෑ කියලා හිතුණා. හපොයි මොනවා ලියන්නද?

ම්… ෆයර්ෆොක්ස් වෙනුවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවන්නට කට්ටිය ලෑස්ති වෙනවා. පැය 24ක් ඇතුළත වැඩියෙන්ම ලබාගන්නා මෘදුකාංගය විදියට (ඩවුන්ලෝඩ් කරන) ඔබත් එකතුවෙන්න: http://www.spreadfirefox.com/en-US/worldrecord/

චැහ්, දැන් ඉතින් මදෑ මේ… මොනවා හරි ලියන්න අවශ්‍ය දෙයක් තියෙනවානම් කියන්න අමතක කරන්න එපා. ප්‍රතිචාර අඩු වුණාමත් මුකුත් ලියන්න හිතෙන්නෙ නෑනෙ. ඉතින් හොඳ හෝ නරක ඕනෑම අදහසක් මේ පහළ තියෙන පෝරමයෙන් ලියන්න.

දැනට එපමණයි. හෙට අනිද්දා ඉඳලාවත් නැවතත් පරණ විදියට මේක ලියන්න ඕන. මේකත් බොහොම අමාරුවෙන් ලිව්වෙ සූ අක්කා කියපු නිසා 😀

ආ තවත් එකක්, මැගී ආච්චි නැවතත් ලියන්නයි සූදානම. අම්මා අලුත් ලිපි දෙකක් ලියලා දුන්නා. අද හවස වගේ දාන්නයි බලාපොරොත්තුව.

PicLens 1.6

පික්ලෙන්ස් දැන් තවත් අලුත් වෙලා. මං මේ ගැන කාලෙකට කලිනුත් ලියලා තිබ්බා වගේ මතකයි. ඒත් මේ ළඟදි තමයි ආයෙමත් දාලා බලන්න හිතුණෙ. පික්ලෙන්ස් කියන්නෙ ෆයර්ෆොක්ස්, IE ‍හෝ සෆාරි සඳහා සහය දක්වන ත්‍රිමාණ ඡායාරූප දර්ශකයක්. මේක වචන වලින් කිව්වට හරියටම තේරුම්ගන්න අමාරුයි. පින්තූර වලින් පෙන්නුවත් හරියටම තේරුම් ගන්න බැහැ. ඒත් මට වීඩියෝ දාන්න විදියක් නැති නිසා පින්තූර ටිකක් දාන්නම්.

පික්ලෙන්ස් පාවිච්චි කරලා Google Images, Flickr, deviantART, SmugMug, Yahoo, Photobucket සහ Youtube ආදී වෙබ් අඩවි සහ තවත් අඩවි රැසක් මගින් පින්තූර සහ වීඩියෝ සොයන්නටත්, ඒවා අතිශයින්ම අලංකාර සුමුදු ත්‍රිමාණ සජීවීකරණයකින් නරඹන්නටත් පහසුකම් ලබාදෙනවා.

ෆයර්ෆොක්ස් මත නම් මේක ස්ථාපනය කළාට පස්සෙ සහය දක්වන වෙබ් අඩවියක (Google Images) පින්තූරයක් මතට කර්සරය ගෙන ගියාම පික්ලෙන්ස් වෙත සබැඳුමක් පෙන්වනවා. ඒක මත ක්ලික් කළාම කෙලින්ම ත්‍රිමාණ දර්ශකය ප්‍රවේශනය වෙනවා. දැන් සාමාන්‍