මැරතන් මගින් බ්ලොග් ලොව හෙල්ලීම

මැරතන් එක ඊයේ රෑ පටන් අරන් දැන් ඉතින් කෙරීගෙන යනවා. මෙච්චර වෙලා ඇහැරගෙන ඉන්න එක අමාරුයි තමයි. මොනවා කරන්නද ඉතින්. මාත් පොඩ්ඩක් නිදාගෙන ඇවිල්ලයි මේ ලියන්නෙ.

ගියා කොත්තු පැත්තෙ. kottu.org ලංකාවේ ප්‍රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක්. දැනට කොත්තු එකේ පෙනෙන පෝස්ට් 45න් 34ක්ම සිංහල! කොහොමද ඒකෙන් ලැබෙන ආවරණය? දැන් සිංහල ස්ථාපනය නොකරන කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යයෙන්ම බලාවි නේද මොකද මේ ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙන්නෙ කියලා? මේකෙන් සිංහල පරිගණකයට ස්ථාපනය කරගන්න එක තවත් පැතිරෙනවා නේද? මේ තියෙන්නෙ බ්ලොග් මැරතන් එකෙන් වෙන තවත් සේවයක්. මේ කරන වැඩේ තේරුමක් තියෙනවද කියලා අහපු අයටයි මේක 😉

Youtube මගින් කෙලින්ම උසස් තත්ත්වයේ වීඩියෝ ලබාගන්න හැටි

හරි ඉතින් Youtube ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒත් ඒකෙන් වීඩියෝ ලබාගන්න ක්‍රමයක් විදියට දැනට තියෙන්නේ .flv ගොනුව ලබාගන්න එක විතරයි නේද? මේ කියන්නට යන ක්‍රමය මගින් Youtube හි තියෙන වීඩියෝ MP4 ගොනු ලබාගන්න පුළුවන්. ළඟකදී ඉඳන් Youtube මගින් වැඩි තත්ත්වයකින් යුත් වීඩියෝ ලබාදෙන නිසා මේක ක්‍රමය මගින් ගොඩක් හොඳ තත්ත්වයේ වීඩියෝ එකක් කෙලින්ම ලබාගන්න පුළුවන්. කොහොම වුණත් මේ ක්‍රමයෙන් ලබාගන්න වීඩියෝ ගොනුව .flv ගොනුවක් පරිවර්තනයෙන් ලබාගන්න ඒවාට වඩා තත්ත්වයෙන් උසස්.

කරන්න තියෙන්නෙ බොහොම සරල වැඩක්. මෙතැන පහළින් තියෙන සබැඳිය ඔබේ Bookmakrs/Favorites වලට එක්කරගන්න එක විතරයි. ෆයර්ෆොක්ස් වල නම් Bookmark this Link මගින්ද, IE වල නම් Add to Favorites මගින්ද මේක කරන්න පුළුවන්. ඉන්පස්සේ Youtube වීඩියෝ පිටුවකට ගිහින් මේ බුක්මාක් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට Download as MP4 කියලා ලින්ක් එකක් මතුවේවි. මේක මත රයිට් ක්ලික් කරලා Save කිරීමෙන් ඔබට mp4 ගොනුව ලබාගන්න පුළුවන්.

මේක ලැබෙන්නෙ .htm ගොනුවක් විදියට නම් ඩවුන‍්ලෝඩ් වීම අවසන් වුණාට පස්සේ ඒකේ extension එක mp4 ලෙස වෙනස් කරන්න. 🙂

මෙන්න මේ සබැඳිය Bookmark/Favorites වලට එක්කරගන්න

Google Operating System මගිනි

නැවතත් මැරතන්

මදෑ පොඩ්ඩක් නිදාගන්නම් කියලා ගිහින් අන්තිමට ඇහැරුණේ පහට විතර. ඒකට කමක් නෑ. දැන් නම් ඉතින් නිදිමත (almosot) නැති හින්දා ලියන්නයි යන්නේ. දැන් නම් පොඩි සීතල ගතියක් දැනෙනවා. මූණ හෝදගන්න ඕන පොඩ්ඩක්.

නිදිමත!

හපොයි කලින් දැනිලා තියෙන්නෙ නිදිමතද කියලා හිතෙනවා දැන් නම්. හරිම අමාරුයි දැන් නම් වෙන මොනවත් ඕන නෑ පොඩ්ඩක් නිදාගන්න තිබුණා නම් ඇති. ෂැහ් පාන්දර වුණාට සීතලවත් දැනෙන්නෙ නෑ. ඔළුව රිදෙන එකත් තව ප්‍රශ්නයක්. ටිකක් නිදාගෙන ආවනම් වැඩේ හරි කියලා හිතෙනවා. ඉවසන්නම බැරි වුණොත් ගිහින් චුට්ටක් නිදාගන්නවා. ආයේ නැගිටලා ලියන්න බැරියැ 🙂

මැරතන් එකේ තත්ත්වය

මොකට කියනවද මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයිනෙ බලාගෙන යනකොට. කෝ බලමු, අපි දැන් පැය පහමාරක් විතර අවදියෙන්. කලින් නම් මමත් ‍ලොකුවට කිව්වා ලියමු ලියමු සිම්පල්නෙ කියලා. දැන් තමයි තේරෙන්නෙ 😀 හරිම අමාරු වැඩක්. ලොකුම ප්‍රශ්නෙ නිදිමතත් නෙමෙයි. අදහස් එන්නෙ නැති එක. ඇයි දෙයියනේ වෙනදට නම් දවසට එක පෝස්ට් එකයිනෙ. අද ඉතින් ලියන්න එපෑ දවස පුරා – ඒ මදිවට රේඩියෝ එකත් නැවතිලා. හරිම අමාරුයි ඒක නැතුව. නැවත අරඹාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ඇයි කතාවක් තියෙන්නෙ වැරදීම දේව ගතියක් සමාව දීම…. ආ නෑ – වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා 😉

දැන් නම් කෙටි විවේකයක්වත් (විනාඩි පහක වගේ) ගන්න ඕන – හරිම අමාරුයි. කවුරුහරි මේක කියවනවානම් comment එකක්වත් දාන්න – පුදුම නිදිමතක් තියෙන්නෙ. 😀