අයිපොඩ් ටච් හා අයිෆෝන් නව ධාරිතා වලින් | iPod Touch and iPhone new capacities

ඇපල් හි අයිෆෝන් හා අයිපොඩ් ටච් උපාංග දෙක නව ධාරිතා වලින් අද නිකුත් කළා. අයිෆෝන් ගිගාබයිට් 16 මාදිලියක් හා අයිපොඩ් ටච් ගිගාබයිට් 32 මාදිලියක් දැන් ඇපල් මගින් ලබාගත හැකියි. ශ්‍රී ලංකාවේ අයිපොඩ් සහ ඇපල් උපාංග EPSI මගින් ලබාගත හැකියි. නව මාදිලි නම් තවමත් වෙබ් අඩවියට එක් කර නැහැ. නමුත් අයිපොඩ් ටච් ගිගාබයිට් 16 මාදිලිය EPSI හි රු. 55900‍/- පමණ වෙනවා. 😀

Apple released new iPhone and iPod Touch in higher capacities today. iPhone gets 16 gigabytes and iPod Touch gets 32 gigabytes. You can grab some Apple stuff in Sri Lanka from EPSI. The new models aren’t here yet. But you can grab the iPod Touch 16GB version from EPSI at Rs. 55900/- 😀

ඕනෑම ගොනුවක් නෝට්පෑඩ් මගින් විවෘත කිරීම මෙනුවකට එක්කරන අයුරු | Adding ‘Open with Notepad’ to the Context Menu

සාමාන්‍යයෙන් වින‍්ඩෝස් නෝට්පෑඩ් එක ගොඩක් වෙලාවට අවශ්‍ය වන ගොඩක් ‘හැන්ඩි’ මෘදුකාංගයක්. හදිසියකට ඕනෑම ගොනුවක් (html, php, css, ini, inf ආදී) හදිසියට සංස්කරණය කරගන්න අවශ්‍ය වුණොත් මේක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අලුතෙන් ඉන්ස්ටෝල් කරන මෘදුකාංග වලින් මේ ගොඩක් ගොනු වර්ග පාලනය බාරගන්න නිසා හදිසියකට මේවා නෝට්පෑඩ් එකෙන් සංස්කරණය කරගන්න එක ටිකක් කරදරයි. මේකට විසඳුමක් විදියට ගොනුවක් රයිට්-ක්ලික් කරන කොට මතුවන මෙනුවට නෝට්පෑඩ් සමග විවෘත කරන අයිතමයක් එක් කරන හැටියි මේ කියන්න යන්නෙ. මේක අද How-To Geek අඩවියේ තමයි දැක්කේ.

මේ වැඩේට රෙජිස්ට්‍රිය එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්න වෙනවා. ඒ නිසා රෙජිස්ට්‍රිය එක්ක වැඩි පළපුරුද්දක් නැත්නම් පරිස්සමෙන්! 😀

  • Start මෙනුවට ගිහින් Run වෙත ගිහින් regedit ටයිප් කර එන්ටර් කරන්න.
  • රෙජිස්ට්‍රියේ මෙතැනට යන්න: HKEY_CLASSES_ROOT\*\shell
  • Shell මත රයිට් ක්ලික් කර New Key ක්ලික් කරන්න. එය නම් කරන්න Open with Notepad ලෙස.
  • ඒ මත රයිට් ක්ලික් කර New Key තෝරා command ලෙස නම් කරන්න.
  • එහි (Default) අගය මත ඩබල් ක්ලික් කර notepad.exe %1 ලියා එන්ටර් කරන්න.

වෙනස එවෙලේම බලාගන්න පුළුවන්. ඕනෑම ගොනුවක් මත රයිට් ක්ලික් කර බලන්න.

the How-To Geek මගිනි.

මයික්‍රොසොෆ්ට් යාහූ මිලදී ගනීද? | Will Microsoft buy Yahoo!?

මයික්‍රොසොෆ්ට් විසින් යාහූ මිලදී ගැනීමට දැනටමත් කටයුතු සැලසුම් කර අවසන්. ඩොලර් බිලියන 44.6කට! දැනටමත් යාහූ හි අධ්‍යක්ෂ මණ්ඩලයට මේ පිළිබඳව යෝජනා කර ඇති බවය ආරංචිය. දැනට කටයුතු කෙරීගෙන යන ආකාරයට නම් මේ ගණුදෙනුව බොහෝ දුරට සිදුවන්නට හැකි බවයි බොහෝ දෙනා කියන්නේ. යාහූ දැනටමත් ප්‍රශ්න කිහිපයකටම මුහුණ දෙමින් සිටින නිසා මේ අවස්ථාව අත් නොහරිනු ඇතැයි කියන්න පුළුවන්. යාහූ හි කොටස් මිලත් සෙමෙන් පහළ යන නිසාත්, ළඟදී තම 12,000ක කාර්යමණ්ඩලයෙන් දහසක් පමණ ඉවත් කිරීම නිසාත් ඔවුන් දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බවයි පෙනෙන්නේ.

මේ ගණුදෙනුව සිදුවූවොත් දැනට මේ ක්ෂේත්‍රයේ යාහූ, මයික්‍රොසොෆ්ට්, ගූගල් තරගය මයික්‍රොසොෆ්ට් හා ගූගල් වෙත පමණක් මාරු වේවි. එකිනෙකට බොහෝ වෙනස් සමාගම් දෙකක් එකතු වීමේදී මොනවා වේදැයි කියන්නටත් අපහසුයි. දැනටමත් යාහූ හා මයික්‍රොසොෆ්ට් අතර තරගකාරී මෘදුකාංග තිබෙන නිසා (යාහූ මැසෙන්ජර් – MSN මැසෙන්ජර්, යාහූ Maps – Live Maps ආදී) මේ එකතුවීම සිදුකිරීම පහසු වෙන එකක් නැහැ 😀

සුපිරි ආරක්ෂාවකට Trust-No-Exe | Trust-No-Exe for a superb protection

වින්ඩෝස් පාවිච්චි කරන හැමෝම දන්නවා වෛරස් තරම් එපාකරපු දෙයක් තවත් නැති වග. (මමත් වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අත්හැරලා නැති නිසා…) දැන් අපේ වැඩ ඔක්කොම අවුල් කරන්න එන වෛරස් නවත්වන්න අනිවාර්යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් තියෙන්න ඕන. ඒ වුණත් සමහර වෛරස් අල්ලගන්න ඒ මෘදුකාංග වලට නොහැකි වෙන අවස්ථාත් නැත්තෙම නැහැ. ඒ වගේ වෙලාවක ජාමේ බේරගන්න නිපදවපු නියම මෘදුකාංගයක් තමයි මේ Trust-No-Exe කියන්නේ. නිෂ්පාදකයෝ මේ මෘදුකාංගය හඳුන්වා දෙන්නේ An Executable filter for Windows වශයෙන්.

මොකක්ද ඇත්තටම මේකෙන් වෙන්නෙ? .exe, .com, .dll, .drv, .sys, .dpl වැනි ගොනු වර්ග ගණනාවක්ම ‘පෙරන්නට’ හැකියාව මේ මෘදුකාංගයට තිබෙනවා. සාමාන්‍යයෙන් වෛරසයක් එන්නේ .exe ගොනුවක් මගින්. අපි අත්වැරදීමකින් හෝ එවැන්නක් විවෘත කළොත් Trust-No-Exe මගින් එම ගොනුව විවෘත වීම වළක්වා දමනවා. මෙහි විශේෂත්වය අපට අවශ්‍ය ෆෝල්ඩර වල තිබෙන මෘදුකාංග ධාවනය වීමට ඉඩ දී, අප සඳහන් කර නැති අනෙක් සියළු ධාවක හා ෆෝල්ඩර වල සියළු Executable ගොනු ධාවනය වීම වැළැක්වීමයි. සාමාන්‍යයෙන් C:\Windows හා C:\Program Files ෆෝල්ඩර තමයි Access List එකට ඇතුල් වන්නේ.

මම නම් සාර්ථකව මෙය අත්හදා බැලුවා. අත්වැරදීමකින් පෙන් ඩ්‍රයිව් එකකින් ආ වෛරස ගොනුවක් ධාවනය වීම වැළැක්වීම වගේ අවස්ථා දෙක තුනක්. ඒ හින්දා පාවිච්චි කරන්න බය වෙන්න ඕන නැහැ.

කොහොම වුණත්, මේක ප්‍රතිවෛරස මෘදුකාංගයකට විකල්පයක් නෙමෙයි. ඒ නිසා වින්ඩෝස් පාවිච්චි කරනවා නම් ප්‍රතිවෛර මෘදුකාංගයක් ස්ථාපනය කරලා කලට වේලාවට යාවත්කාල කරලා තියාගන්න!!

[Trust-No-Exe]

Better GReader: ගූගල් රීඩරයට නව පණක් | Better GReader: A New Life to Google Reader

සාමාන්‍යයෙන් බ්ලොග් කියවන අය ගොඩක් වෙලාවට ගූගල් රීඩරය පාවිච්චි කරන්න කැමති ඇති නේද? මම නම් පාවිච්චි කරන්නෙ ඉතින් ඒකම තමයි. ඒක තරම් පහසු එකක් මට හමුවෙලා නැහැ. ඒත් එකම සැලසුම හැමදාම දැකලා දැකලා එපා වෙන එක නම් ඇත්ත. වාසනාවට අපේ මගේ ප්‍රියතම ලයිෆ්හැකර් අඩවිය මගින් ෆයර්ෆොක්ස් සඳහා Better GReader එකතු කිරීම හඳුන්වා දුන්නා. කෙටියෙන්ම කියනවා නම්, ගූගල් රීඩරයට නව පණක් දෙන්නට මේ එකතු කිරීමට හැකියාව තියෙනවා.

I’m sure that most of you guys use our beloved Google’s Reader for reading our rss feeds. I use it and I love it. I’ve never used anything comfortable like that. But, seeing the same old interface does make it kinda boring. Luckily, my Favorite tech blog Lifehacker has introduced a Firefox Addon named Better GReader to breathe some new life to Google Reader.

Better GReader මෙවැනි නව පහසුකම් ටිකක් ගූගල් රීඩරයට ලබාදෙනවා; Better GReader Gives some new features like these to the Google Reader:

Skins: Air, Mac OS X, Minimalistic, Optimized
General Features: Auto Add Feature (bypassing iGoogle), Item Previews, Smart Subscribe

[Better GReader Extension from Lifehacker]