නව අයිපොඩ්: ටච් | New iPods: Touch

දැන්, සියළු අයිපොඩ්වල නවතම විප්ලවය හමුවෙන්නට සූදානම් වන්න. ඔව්. අයිපොඩ් ටච්. ඔබට මතක ඇති මීට කිහිප දිනකට පෙර අයිෆෝන් මගින් කළ විප්ලවය. මේ තිබෙන්නේ අයිෆෝන් එකමයි, නමුත් ‘ෆෝන්’ එක නැතුව. නව අයිපොඩ් ටච් මාදිලිය මීට‍ පෙර පැවති සියළුම අයිපොඩ් වලට වඩා වෙනස් මගක් ගන්නක් බව පෙනෙනවා ඇති. 8GB හා 16GB මාදිලි වලින් නිකුත්වෙන මෙම නව අයිපොඩ් මාදිලියේ විශේෂාංග ඇත්තෙන්ම විශේෂයි. බහුස්පර්ශක අඟල් 3.5ක තිරයක් තිබෙන මෙහි වටපිටාවේ ආලෝකය අනුව තිරයේ ආලෝක මට්ටම සැකසීමේ ක්‍රමයක් තිබෙනවා. බහුස්පර්ශක තිරය නිසා ඔබට සියළුම කටයුතු ඇඟිලි වලින් කරන්නට පුළුවන්. (අයිෆෝන් මෙතරම් ජනප්‍රිය වූයේ ඒනිසා තමයි!) මෙහි ඇති ත්වරණමානය ඔබ අයිපොඩ් එක තබාගෙන සිටින්නේ කුමන අතටදැයි (සිරස් හෝ තිරස්) සොයාගෙන ඒ අනුව තිරය සකසන්නට සමත්. වෙනත් අයි‍පොඩ් වලට වඩා විශාල තිරය මගින් වීඩියෝ නැරඹීම විනෝදජනක කටයුත්තක් වන බව කිසිම සැකයක් නැහැ. පින්තූර 20,000 පමණ ගබඩා කරගන්නට සමත් මෙහි වෝල්පේපරයට ඔබට කැමති පින්තූරයක් යොදාගන්නටත් පුළුවන්. සෆාරි බ්‍රවුසරයක් හා යූටියුබ් සහය සමග, වයිෆයි අන්තර්ජාල සබඳතාවයද මෙහි තිබෙන තවත් විශේෂාංගයි. ගණන $299 සිට ඉහළටයි.
Now, meet the revolution. Yep, the iPod Touch. If you can remember the iPhone craze, here’s the iPhone without the Phone. 😀 This model takes the iPod to a whole new level. Released in 8GB and 16GB models, this pod got some serious features. The Multitouch 3.5 inch display adjusts it’s brightness relative to the ambient light. And thanks to the Multitouch screen, you can do almost everything with your fingers. An accelerometer find how you are holding the pod (horizontal or vertical) and adjusts the display accordingly. Since the screen is larger, you can enjoy videos like never before. With ability to store 20,000 photos, you can even chose your own wallpaper to customize this baby. With a Safari Browser, Youtube support and Wi-Fi Internet Access, this rocks like never before. Priced at $299 and higher.

Via Apple

නව අයිපොඩ්: ක්ලැසික් | New iPods: Classic

අයිපොඩ් ක්ලැසික්, ගිගාබයිට් 160ක ඇදහිය නොහැකි තරමේ ධාරිතාවයක්! කොටින්ම කියතොත් ගීත 40,000ක්! වීඩියෝ පැය 200ක්! කලින් ආ මාදිලි වලට වඩා ඝනකමින් තුනී මෙම අයිපොඩ් ක්ලැසික් මාදිලිය, පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්වය අතින්ද අති විශිෂ්ටයි. සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් නිපදවා ඇති මෙහි වර්ණ දෙකක් පමණයි ඇත්‍තේ. නැනෝ මාදිලියේ මෙන්ම මෙහිද ඇල්බම් කවර මගින් ගීත ‍වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය පරිදිම වීඩියෝ හා පින්තූර මෙන්ම නැනෝහි මෙන් අමතර විශේෂාංගද තිබෙනවා. මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙයටම ආවේණික වූ සෙවුම් යන්ත්‍රයක් තිබීමයි. ගීත 40,000කින් ඔබට අවශ්‍ය ගීතය සොයාගන්න පුළුවන්ද සෙවුම් යන්ත්‍රයක් නැතිව? ගණන $249 සිට ඉහළටයි.


The iPod Classic, 160 gigs of extreme capacity! 40,000 songs! 200 hours of video! 😀 Even thinner than previous iPods, this simply kicks @$$! Completely made out of Aluminum, this baby comes in two colors only. Like in the Nano it provides Cover Flow, Video, Pictures and Extra Features. But this needs an additional feature since you can get 40,000 songs in there. Yep, it’s a Search. Priced at $249.

The iPod Classic, 160 gigs of extreme capacity! 40,000 songs! 200 hours of video! 😀 Even thinner than previous iPods, this simply kicks @$$! Completely made out of Aluminum, this baby comes in two colors only. Like in the Nano it provides Cover Flow, Video, Pictures and Extra Features. But this needs an additional feature since you can get 40,000 songs in there. Yep, it’s a Search. Priced at $249.

Via Apple

නව අයිපොඩ්: නැනෝ | New iPods: Nano

ඇපල් සමාගම නව අයිපොඩ් කීපයක් නිකුත් කළා. නව අයිපොඩ් ෂෆල්, නැනෝ, ක්ලැසික් සහ ටච් යන මාදිලි හතර තමයි නිකුත් කර තිබෙන්නේ. පෙර තිබූ අයිපොඩ් වලට වඩා විශේෂාංග වලින් සපිරි මේ නව අයිපොඩ් කිහිපය නම් විශිෂ්ටයි. 😀 නව අයිපොඩ් නැනෝ මාදිලිය: හැඩය මදක් වෙනස් මේ මාදිලිය දැන් වීඩියෝ සහය දක්වනවා. වර්ණ පහකින් එළිදැක්වෙන මෙම මාදිලියේ 4GB හා 8GB මාදිලි දෙකකින් ලබාගත හැකියි. ඝනකම් මිලිමීටර් 6.5ක් පමණයි. නව අතුරුමුහුණත මගින් ඇල්බම් කවර මගින් ගීත වාදනය කළ හැකියි. පෙර මාදිලියට වඩා මෙහි තිරය දීප්තියෙන්ද වැඩියි. ‍මෙහි නව ක්‍රීඩා කිහිපයකුත් තිබෙනවා: Vortex, iQuiz, and Klondike යන නම් වලින්. දින දර්ශනය, ලිපින පොත, තිර අගුල, ලෝක ඔරලෝසුව ආදී විශේෂාංග කිහිපයක්ද එක් කර තිබෙනවා. Stopwatch එකකුත්! ගණන $149 සිට ඉහළටයි.

Okay, Apple has released the All New iPods. Brand new, totally redesigned Shuffle, Nano, Classic, and Touch are the newest generation of the iPod Family. With more and more features than it’s predecessors, these babies are rocking! 😀 The New Nano: It’s redesigned, and it now supports video. With 5 colors and two models of 4 and 8 gigs, these are totally cool. At 6.5mm it’s thin as a wafer. New interface let’s you browse songs from the album. You now got games too: Vortex, iQuiz and Klondike – though I don’t know how they are played 🙂 You can also get a Calendar, Address Book, Screen Lock, World Clock and a Stopwatch! Priced at $149.

via Apple

ඔබේ පෞද්ගලික මෙනුව | Your Personalized Menu

වැඩසටහනක් විවෘත කරගන්න ආරම්භක මෙනුව පුරා ‍දඟලන එක මට නම් එච්චර අල්ලන්නේ නැහැ. ඩෙස්ක්ටොප් එකේ කෙටි මං තොගයක් තියාගන්න එකත් එච්චර ලස්සන නැහැ නේද? ඒත් තමන්ට අවශ්‍යම වැඩසටහන් ටික පහසුවෙන්ම විවෘත කරගන්න ලස්සන මෙනුවක් හදාගත්තනම් කොහොමද? උත්සාහ කරලා බලන්න, මෙන්න ක්‍රමය:

  • My Documents හෝ වෙනත් ඕනෑම තැනක (ඩෙස්ක්ටොප් එකේනම් එපා!) අලුත් ෆෝල්ඩරයක් හදන්න.
  • එම ෆෝල්ඩරයට කෙටි නමක් ලබාදෙන්න. (Programs, Quickie, Bumblebee, Nimal, Sudath වැනි ඕනෑම නමක්)
  • එම ෆෝල්ඩරය විවෘත කරන්න.
  • දැන් ආරම්භක මෙනුවේ Programs හි තිබෙන ඔබට අවශ්‍යම වන වැඩසටහන් සියල්ලේම කෙටි මං Ctrl යතුර ඔබාගෙන මෙම ෆෝල්ඩරයට ඇද දමන්න.
  • දැන් එම ෆෝල්ඩරය වසාදමන්න.
  • ඊළඟට ටාස්ක් බාරය මත දකුණු ක්ලික් කිරීම (Right Click) කර Toolbars වෙත යන්න.
  • එහි New Toolbar… මත ක්ලික් කරන්න.
  • දැන් ඔබ මුලින් සැකසූ ෆෝල්ඩරය තෝරන්න.

සුභපැතුම්, වැඩේ හරි 🙂 දැන් ඔබේ පෞද්ගලික මෙනුව ‍රසවිඳින්න!
අවශ්‍යනම් මෙනුවේ අයිකනයක් මත දකුණු ක්ලික් කර Sort by Name ක්ලික් කිරීම මගින් සියළු වැඩසටහන් අකාරාදි පිළිවෙලට සැකසේවි.

I don’t like to run around the Start menu to launch a program. And I hate having tons of icons cluttered on my desktop. Do you? 🙂 How about having a nice personalized menu, which contains all the frequently used software you need? Wouldn’t it be nice to have clean desktop? Try it, here’s the way to do it:

  • Create a new folder in your Documents folder or anywhere else. (Not on the desktop though!)
  • Name it. (Use a short name like Programs, Quickie, Sudath, Idiot, Jester etc.)
  • Open the folder you created.
  • Now, go to the Start Menu and drag all the shortcuts of the programs you need while holding the Ctrl key to your new folder.
  • Close the folder.
  • Then right-click on the taskbar, go to Toolbars > New Toolbar…
  • Locate the folder you created and click on OK.

Congrats! That’s all 🙂 Now enjoy your personalized menu!
If you want, right click on a menu item and select Sort by Name to Sort it by the Name 😀

ඔබේ පරිගණකයට නිවැරදිම වේලාව | Get the most ‘Accurate’ Time on your PC

වෙලාව බලාගන්න අපි පාවිච්චි කරන්නෙ ඔරලෝසු. බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු ගොඩක් ඕනෑකෙනෙක් ළඟ ඇති. තමන් ළඟ තියෙන ඔරලෝසු දෙක තුනක් අරගෙන වෙලාව බැලුවොත් පෙනේවි විවිධ ඔරලෝසු වල තියෙන්නෙ විවිධ වේලා බව. (ඒ කියන්නෙ නිවැරදිම වේලාව කොතැනකවත් නැති බව?!) එතකොට අපි කොහොමද නිවැරදිම වෙලාව ලබාගන්නෙ?
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙත් ඔරලෝසුවක් තියෙනවා. (තිරයේ පහළ දකුණු කොනේ තමා ඒක තියෙන්නේ 🙂 ) මේ ඔරලෝසුව මගින් තමයි අපි දැන් නිවැරදි වේලාව ලබාගන්න හදන්නෙ. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි:

  • වින්ඩෝස් ඔරලෝසුව මත දෙවරක් ක්ලික් කරන්න.
  • එහි Time Zone වෙත ගොස් එහි නිවැරදි වේලා කලාපය තෝරා ඇති බව සනාථ කරගන්න. (දැන් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ GMT +06:00 නොව GMT +05:30 බව මතක තබාගන්න!)
  • දැන් Internet Time වෙත යන්න.
  • එහි Automatically Synchronize with an Internet Time Server විකල්පය සක්‍රිය කර Update Now බොත්තම ඔබන්න.
  • දැන් වින්ඩෝස් මගින් වේලා සර්වරයට සම්බන්ධ වී ඔබේ පරිගණක ඔරලෝසුවේ වේලාව තත්පරයටම නිවැරදි කරනු ඇත.
  • කාර්යය සාර්ථක නම් මෙවන් පණිවිඩයක් දකින්නට ලැබේවි: The Time has been successfully synchronized with –server– on –date/time–

බැරිවෙලාවත් මේ ලැයිස්තුවේ තිබෙන සර්වර් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්? (මට මේ ගැටළුව ඇතිවුණා. මෙහි සාමාන්‍ය සර්වර දෙකම Timeout දෝෂ ලබාදෙනවා.) ඊටත් විසඳුමක් තියෙනවා.

  • ආරම්භක මෙනුවේ Run වෙත ගොස් Regedit යන්න ටයිප් කර Enter කරන්න.
  • එහි HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ DateTime \ Servers වෙත යන්න.
  • Edit > New > String Value තෝරන්න.
  • එයට නිවැරදි අංකය ලබාදෙන්න. (දැනට තිබෙන්නේ සර්වර දෙකක් නම් දැන් ඇතුල් කරන්නේ තුන්වන සර්වරයයි. එසේනම් 3 ලබාදෙන්න. ඊළඟ සර්වරයට 4, 5 ආදී වශයෙන්.)
  • ඒ මත දෙවරක් ක්ලික් කර සර්වරයේ ලිපිනය ලබාදෙන්න. (වේලා සර්වර ලිපින මෙතැනින් ලබාගත හැකියි.)
  • අවසානයේ (Default) මත දෙවරක් ක්ලික් කර මුළු සර්වර ගණන ලබාදෙන්න. (උදාහරණයේ සර්වර තුනක් නිසා 3 ඇතුළත් කර ඇත.)

සර්වර පරීක්ෂා කිරීම (අවශ්‍යනම්) : ආරම්භක මෙනුවේ Run වෙත ගොස් cmd ටයිප් කර Enter කරන්න. එවිට විවෘත වන කවුළුවේ ping යන්න ටයිප් කර පරීක්ෂා කළ යුතු සර්වරයේ නම ටයිප් කරන්න. (ping time.windows.com ලෙස) එවිට Timeout errors ආදිය නොලැබේ නම් එම සර්වරය භාවිතා කළ හැකියි.

  • දැන් මුල කියූ පරිදි Internet Time වෙත ගොස් ඔබ ඇතුළත් කළ සර්වරය තෝරා Update Now බොත්තම ඔබන්න!

සියළු කටයුතු සාර්ථකයි! දැන් නිවැරදිම වේලාව රසවිඳින්න! 😀

We use Watches and Clocks to check the time, don’t we? Well everyone has at least two or more Clocks or watches hanging around. If you take those and compare them, you’ll see that the times shown on them are different. (That means the most accurate time isn’t there.) So how are we gonna get the most accurate time?
Now we know that Windows has a clock. (Don’t see it? Look, bottom right corner of your screen! 🙂 ) We are going to use this to get the accurate time. Here’s how:

  • Double click on the Windows Clock
  • Go to Time Zone and Select the right time zone.(For Sri Lanka, it’s GMT +05:30 now)
  • Go to Internet Time
  • Check the Automatically Synchronize with an Internet Time Server box and Click on Update Now
  • Now Windows will connect to a time server specified and will synchronize it with the server.
  • If it’s successful you’ll see a message like this: The Time has been successfully synchronized with –server– on –date/time–


What if the servers in this list fail? (I got time out errors with the default servers.) Here’s the solution:

  • Go to Start > Run and type regedit and click on OK
  • In the Registry Editor Navigate to HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ DateTime \ Servers
  • Go to Edit > New > String Value
  • Give it the correct number. (If there’s only 2 servers now, the one we are going to add is 3. Next is 4, 5 etc.)
  • Double click on it give it an Server Address (Get Time Servers from here)
  • Now double click on (Default) and enter the total number of Time Servers
  • Now follow the instructions first mentioned.


That’s all! Now enjoy the most accurate time on your pc! 😀