මැගී ආච්චිගේ හෑල්ල June 11, 2007 අම්මා ලියන මැගී ආච්චිගේ හෑල්ල නම් ලිපි පෙළ මම තවත් වියුණු සටහන් අඩවියකට එක් කරනවා.http://maggie-aachchi.blogspot.com/
G2P June 2, 2007 අන්තර්ජාලයේදී නොමිලේ එම්පී3 ගොනු ලබාගැනීම සමහර අවස්ථා වලදී අපහසු කටයුත්තක් විය හැකියි. එම්පී3 හැරුණු විට ඊ-පොත්, මෘදුකාංග ආදී බොහෝ දේ සඳහා මෙය පොදුයි. නමුත් අන්තර්ජාලයේ විවිධ ස්ථානවල ගොඩගසා ඇති මෙවන් ගොනු සොයාගැනීම ගූගල් මගින් පහසුවෙන් කළ හැකියි. මේ සඳහා විවිධ commands විශාල සංඛ්‍යාවක් ටයිප් කළ යුතුයි. මේ කටයුත්ත සරල කර, ඕනෑම ගොනුවක් සොයාගත හැකි ආකාරයට සකස් කළ අඩවියකි ජී2පී.orgජී2පී.org
ටෙරාකොපි June 1, 2007 වින්ඩෝස් සඳහා පමණි: නොමිලේ ලබාදෙන ගොනු පිටපත් කිරීමේ උපාංගයකි.විශේෂතා: වේගවත් ගොනු පිටපත් කිරීම , පිටපත් කිරීම තාවකාලිකව නැවතීම හානැවත ආරම්භය, දෝෂ මගින් ගලවාගැනීමේ හැකියාව (පිටපත් කිරීමේදී දෝෂයක්වුවහොත්, එම ගොනුව අතහැර ඉතිරිය පිටපත් කරයි. වින්ඩෝස් හි මෙන් පිටපත්කිරීමේ මුළුමනින්ම නවතන්නේ නැත.)ටෙරාකොපි(ලයිෆ්හැකර් හරහා)
USB බැටරි May 29, 2007 අද ලයිෆ්හැකර් කියවන විටදී දුටු විශේෂ දෙයක්. ඔබේ යූඑස්බී කවුළුව මගින් නැවත ආරෝපණය කළ හැකි බැටරි! ඉතා හොඳ සංකල්පයක්. නමුත් ලංකාවේ නම් තවමත් නැතුව ඇති. යූඑස්බීසෙල්.කොම්
රොකට්ඩොක් May 29, 2007 වින්ඩෝස් සඳහා මැක් පෙනුම ගෙන එන රොකට්ඩොක් මෘදුකාංගය ඉතා විශිෂ්ටයි. මමත් දැන් එය කාලයක සිට භාවිතා කරනවා. ඒ සඳහා සිංහල පරිවර්තනයකුත් මම ඒ වෙත යවා තිබෙනවා. ඒ පරිවර්තනය ඊළඟ අනුවාදයේ සිට ලබාගන්නට තිබේවි. Rocketdock