මගේ වෙබ් අඩවිය

මගේ වෙබ් අඩවියක්ද දැනට ක්‍රියාත්මක වනවා. එය කාලයකින් යාවත්කාල කිරීමට නොහැකි වුවත් ඒ ගැන සමාව අයැද සිටිනවා. එය යාවත්කාල කිරීමට නොහැකි වුනේ මගේ වෙබ් පිටු නිර්මාණ මෘදුකාංග සීඩී තැටිය හානි වීම නිසයි.
http://malinthe.awardspace.com
මලින්ත෴

සිංහල වින්ඩෝස් Welcome තිරය

සිංහල logonui එක මෙතැනින් ලබාගන්න: http://senduit.com/d77207
මෙය c:\windows ෆෝල්ඩරයට කොපි කරන්න.
ඉන්පසු Registry Editor එකට ගොස්
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon වෙත ගොස් UIHost වෙනස් ‍කරන්න logonui_si.exe ලෙස.
පරිගණකය රීස්ටාර්ට් කරන්න. වෙනස්කම් දැකිය හැකිවේවි.
ප්‍රශ්නයක් වුනොත් UIHost නැවත logonui.exe ලෙස සකසන්න.
‍කෝකටත් Restore Point එකක් සකසන ඇඟට ගුණයි!

Warning: Use at your own Risk!
System Requirements: Windows XP Service Pack 2 and Sinhala Enabling Pack, Don’t use if you don’t meet these requirements.

මලින්ත෴

සිංහල වින්ඩෝස් Welcome තිරය


සිංහල වින්ඩෝස් Welcome තිරයක් සැකසීමට සමත් වුනෙමි.
තවමත් පරීක්ෂණ මට්ටමේය.
ළඟඳීම Installer එකක් සැකසීමට බලාපොරොත්තු වෙමි.
මලින්ත෴

දෘඪතැටියක කතාවක්

මගේ මිතුරෙක් වන අකලංකගේ පරිගණකයේ දෘඪ තැටියට වෛරසයක් ඇතුළුවී නැවත වින්ඩෝස් ඇතුල් කරන්නට සිදුවිය. වින්ඩෝස් ඇතුල් කිරීම සිදුකළේ දෘඪ තැටිය ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයකිනි. එය ඔහුගේ පරිගණකයට සවිකළ පසු පරිගණකය ක්‍රියාත්මක ‍නොවූ නිසා ඔහු දෘඪ තැටිය මගේ තවත් මිතුරෙකු වන හිරෝෂන් හට දී තිබිණ. ඔහුටද එය සකස් කරගන්නට නොහැකි විය. ඉන්පසුවයි එම දෘඪ තැටිය මට ලැබුණේ.

අකලංක කී පරිදි එහි වටිනා වීඩියෝ දර්ශන හා ගීත රැසක්ම තිබේ. මට ඒවා ලබාගන්නටද අවශ්‍ය වී තිබිණ. ඉතින්, එම දෘඪ තැටිය මට ලැබීමෙන් පසු මම එය මගේ පරිගණකයට සවිකළෙමි. වැඩක් වූයේ නැත. එය හඳුනාගන්නේද නැත. මා නැවත අකලංකට කතා කළ විට ඔහු කීවේ එහි පරිපථය පිළිස්සී ඇති බවයි.

පරිපථය පිළිස්සී නම් එය අතහැරිය හැක. නමුත් මට එහි තිබූ ගොනු අත්‍යාවශ්‍ය විය. වාසනාවකට මෙන් මා සතුව එම වර්ගයේම තවත් දෘඪ තැටියක් තිබිණි. මම එක්වරක් යම් වෙබ් අඩවියක දුටු ලිපියකට අනුව හොඳින් ක්‍රියාකරන දෘඪතැටියේ පරිපථය, අකලංකගේ දෘඪ තැටියට සවිකළෙමි. පරිගණකයට සම්බන්ධ කළෙමි. කාර්යය සාර්ථකය! පරිගණකය එම දෘඪ තැටිය හඳුනාගත් අතර එහි ගොනුද ඉතා හොඳින් සුරැකිව තිබිණි. මම ඒවා පහසුවෙන්ම මගේ පරිගණකයට පිටපත් කරගත්තෙමි. එයින් කියවෙන්නේ දෘඪ තැටියක් ක්‍රියාවිරහිත වුවද, එය බේරාගැනීමට සුළු හෝ අවස්ථාවක් තිබෙන බව‍ නොවේද?

මලින්ත෴