මලින්තගේ සටහන | Malinthe’s NoteTips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Google Talk Contacts අලය
 

Google Talk Contacts අලය

by Malinthe Samarakoon » click here for full post

ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ එකතු වුණේ නෑ. දැන් ඉතින් ට්විටර් එකෙයි, ෆේස්බුක් එකෙයි පණිවිඩ දමමින් කට්ටියට මාව එකතු කරන්න කියමින් හිටියෙ.

ඉතින් කාටහරි මාව Google Talk එකේ පේන්නෙ නැත්තං පටස් ගාලා පහළ තියෙන Add බොත්තම ක්ලික් කරලා මගේ ඊමේල් ඇඩරස් එක දාලා එකතු කරන්න. මගෙන් ඉල්ලීමක් ඇවිල්ල තියෙනව නම් ඒත් ඉතින් පිළිගන්න. :)

දැනට එපමණයි. තැන්කු වේවා! ජයවේවා! :D

2.8 තවමත් යාවත්කාල කරන්න කියනවද?

by Malinthe Samarakoon » click here for full post

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි :)

වර්ඩ්ප්‍රෙස් 2.8 සහ විශේෂ පුවත්!

by Malinthe Samarakoon » click here for full post

ඔන්න කාලෙකට පස්සෙ වර්ඩ්ප්‍රෙස් වෙත අලුත් අනුවාදයක් ඇවිල්ල තියෙනව. 2.8 තමයි ඒ. අද උදේ තමයි දැක්කෙ අලුත් එක නිකුත් කරලා කියලා. එතකොට තමයි පත්තු වුණේ. මොකද එතකොටත් පරිවර්තන වැඩ ඉවර වෙලා තිබ්බෙ නෑ. තව තුන්සිය ගානක් ඉවර කරන්න තිබ්බ. ඉතින් මං ටවුමට දුවලා ගිහින් කොණ්ඩෙත් කපාගෙන ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා ඉවරකරලා නිකුත් කරන්න කටයුතු කළා.

පෙනෙන හැටියට නම් 2.8 ගොඩක් හොඳයි. කලින් තිබ්බට වඩා හොඳට විජට්ටු කළමනාකරණය පිළිවෙලකට සකසලා තියෙනව. ප්ලගින කළමනාකරණයත් ටිකක්‍ වෙනස්.

සිංහල අනුවාදය ගන්න ඕන නම් http://si.wordpress.org වෙත යන්න. කෙලින්ම යාවත්කාල කරන්නත් පුළුවන්. දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනව යාවත්කාල කරත් යාවත්කාල කිරීමක් තියෙන බවට පණිවිඩයක් එන එක. ඒක ගැන තවමත් හොයමින් ඉන්නෙ. ඒත් භාවිතයට නම් ඒක ගැටළුවක් වෙන එකක් නෑ. අවුල් තියෙනව නම් වහාම දැනුම් දෙන්න ;)

ඒ වගේම තවත් වීශේෂ දැනුම්දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ගොඩක් අය කාලයක් බලාගෙන ඉඳපු wordpress.com සඳහා සිංහල නිකුත්කිරීම! http://si.wordpress.com

දැනට ටික දවසක් වෙනව මේක සිද්ධ වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නම් නෑ තවම. හේතුව .org සඳහා සකසපු ගොනු වලින් තමයි මේක දැනට යාවත්කාල කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන වචන වලට පරිවර්තන කටයුතු ඉවර කරන්න ඕන. කොහොම වුණත් පාලක පැනලයේ ගොඩක් කොටස් සිංහලෙන් දකින්න පුළුවන්. දැන් ඉතින් සිංහල පාවිච්චි කරන්න ඕන නම් Profile එ‍කට ගිහින් Interface Language එක සිංහල බාසාවට මාරු කරගන්න. :)

All Hail WordPress! :D

මගේ පොටෝ බ්ලොග් එක

by Malinthe Samarakoon » click here for full post

මං ඉතිං ඡායාරූප ගන්න හරිම ආසයිනෙ. ඒ හින්ද ඉතින් යාලුවො කිහිප දෙනෙකුත් කිව්ව දේවල් වලට සවන් දීලා තීරණය කළා ඡායාරූප බ්ලොග් එකක් පටන්ගන්න. තාම ඉතින් ‍ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නෙ. හරිහමන් කැමරාවකුත් නෑ. අර හොරෙකුට පින්සිද්ද වෙන්න ගත්තු ෆෝන් එකෙන් තමයි දැනට පින්තූර දාන්නෙ.

දැනටමත් පින්තූර කිහිපයක් දාලා තියෙන්නෙ. බොහෝ දුරට දිනපතාම අප්ඩේට් වේවි. ඉතින් ඒ පැත්තට ගිහින් බලන්න. අදහස් කියන්නත් අමතක කරන්න එපා. :)

Malinthe’s Photoblog

ජංගම දුරකථන කතා

by Malinthe Samarakoon » click here for full post

ඔන්න ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුණා. පහුගිය දවස් ටිකේ ගොඩක් සිදුවීම් වුණත් ඒවා ගැන ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ. ඉතින් ඔන්න අද පරණ කතා සමගම සම්පූර්ණ සටහනක් :D

G502

G502

ඉතින් දැන් මාසෙකට විතර කලින් මගේ සදාදරණීය G502 දුරකථනයට මහා සන්තෑසියක් වුණා. බස් එකේ යන අතරතුර ඒක හොරකමකට ලක්වුණා :) අප්පච්චිත් එක්ක මොකක්හරි වැඩකට යන්න‍ පේරාදෙණිය බස් එකක නැග්ග අතරතුර තමයි ඕක වුණේ. බස් එකේදි හිටගෙන ඉඳිද්දිත් සාක්කුවේ ෆෝන් එක තිබ්බ බව මතකයි. කොහොමහරි බස් එකෙන් බැහැලා ටික වෙලාවකට පස්සෙ අම්මගෙ නම්බර් එක බලන්න කියලා ෆෝන් එක හොයද්දි තමයි ඒක නැති බව තේරුණේ.

ඒ වෙලාවට එන හැඟීම මාර අමුතුයි. හදගැස්ම වැඩිවෙනව. ෆෝන් එක ඉවරයි නේද කියල හිතෙනව. හපොයි කියල හිතෙනව. ඔහොම තමයි ඉතින් :D මං ඉතින් අප්පච්චිගෙ ෆෝන් එක ඉල්ලගෙන කෝල් කරලා බැලුවා. වෙනක කරන්න දේකුත් නෑනෙ. රිංග් වෙනව. ඒත් ගන්නෙ නෑ. ඔහොම කිහිප සැරයක්ම ට්‍රයි කරලා බැලුවා ඒත් ඒක ගත්තු භූතයා ඕෆ් කරන්න ඇති.

දැන් ඉතින් ඒක ඉවරටම ඉවරයි කියලා හිතුණු හින්ද මං මුලින්ම කරේ නෙට් කැෆේ එකකට දුවපු එක. ගිහිල්ලා මගේ ඊමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ඔක්කොගෙම මුරපද ටික වෙනස් කළා. ඊටපස්සෙ කෙලින්ම මොබිටෙල් එකට දිව්ව. එවෙලෙම සිම් එක අක්‍රිය කරලා දාලා රුපියල් සීයක් දීලා එවෙලෙම ඒ අංකයටම සිම් එකක් ගත්ත. ඊටපස්සෙ ෆෝන් කඩ දෙක තුනකට ගිහිල්ල බැලුව K850 එකක් හොයාගන්න තියෙයිද කියලා. තිබ්බෙ නෑ. ඉතින් ඔහොම කැරකි කැරකි ඉඳලා අප්පච්චිගෙ යාලුවෙක් ගාවට ගියා. එයා දන්න තැනකට කතාකරල ඒ පැත්තට ගිහින් බලද්දි වෙලාවට තිබ්බ බඩු. ඉතින් K850 එකත් අරගෙන ආවා ගෙදර.

ඉතින් දුකයි සතුටයි මිශ්‍ර වුණු හැඟීමක් තමයි තිබ්බෙ. කලින් එක නැතිවුණු එක ගැන නම් ගොඩක් දුකයි. හොඳ ෆෝන් එකක්. හොඳට වැඩ කරා. එතරම් හොඳ කැමරාවක් නොතිබුණත් ගොඩක් හොඳ පින්තූර ගොඩක් ගත්ත. අවශ්‍ය හැම මොහොතකම හොඳින් සේවය ලබාදුන්නා.

ඉතින් අලුත් එක ගෙදර ගෙනත් MyPhoneExplorer එකේ පිහිටෙන් පරණ පණිවිඩ, දුරකථන අංක ආදිය ආයෙමත් අලුත් එකට හුවමාරු කළා. Sony Ericsson වලට මං ගොඩක් කැමති වෙන්න හේතුවක් තමයි මේ වැඩසටහනත්.

මේකෙ 5mp කැමරාවක් සහ xenon ෆ්ලෑෂ් එකක් තියෙන හින්ද මං මේකට දැන් ගොඩක් කැමතියි. ඡායාරූප වුණත් නරකම නෑ. හැබැයි කලින් එකේ තරම් saturation නැති හින්ද වෙන camdriver එකක් දැම්ම. දැන් නම් අවුලක් නෑ.

ඉතින් ඊයෙ මේකෙත් පොඩි ලෙඩක් ආව. ඉස්සරහ ස්පීකරේ වැඩ කරන්නෙ නැතුව ගියා. දන්න සෙල්ලම් ඔක්කොම දාලා බැලුවත් හරියන පාටක් නෑ. ඉතින් හවස් වෙලා ගියා ගත්තු තැනටම හදාගන්න පුළුවන්ද බලන්න. එතනට යනකොට ගොඩක් හවස් වුණු හින්දා එතන අය කිව්වෙ නැතෑ හෙට උදේට එන්න කියලා. ඉතිං කොරන්න දෙයක් නෑනෙ. ආයෙමත් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් අතපත ගගා ඉන්නකොට මෙන්න ඒක වැඩ කරන්න ගත්ත!

හික් බස් එකේ අම්බානක හිරවෙලා දාඩිය පෙරාගෙන පැයක් විතර කාලේ නාස්ති කරේ අපරාදෙ කියලා හිතුණා. මොනව කරන්නද ඉතින් ඔහොම තමා ජීවිතේ. :D

අදට මෙච්චරයි.

Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more

by Malinthe Samarakoon » click here for full post

හික් ඔන්න ආයෙමත්. දැන් මං ලියන හැම එකකම වගේ ‘සහ තවත් කතා’ කියලා කොටසක් එන්නෙ ඇයි දන්නෙ නෑ :D

ඉතින් අද ලියන්න යන්නෙ ඩයලොග් ගැන. මේක කියවන අය දන්නවා ඇති මට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් අපලය ගැන. ඉතින් මං හොය හොය ඉන්නෙ මොකක්හරි ක්‍රමේකින් වැඩියෙන් බාගන්න පුළුවන් විදි ගැන. ඉතින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩේට පොඩ්ඩක් අත තියලා බලන්න හිතුණා. වැඩේ තියෙන්නෙ මෙහෙට ඩයලොග් 3G සිග්නල් නැති එක තමයි.

එහෙම වුණත් ඕන කෙහෙල්මලක් කියලා මං Mobile Partner එකෙන් WCDMA Only දාලා බැලුවා. ඩයලොග් WCDMA සම්බන්ධ වෙනවා හැබැයි signal strength එකක් නෑ :D මෙතන තිබ්බ විදියට අවශ්‍ය වැඩ ටික කරලා සම්බන්ධ වෙලා බැලුවා. මෙන්න බොලේ වැඩ.

මං රුපියල් පනහේ එක තමා දාලා බැලුවේ. ඒකෙන් පැය දෙකක් විතර වැඩ ගන්න පුළුවන්නෙ. ඉතින් උබුන්ටු දාලා තිබ්බ එක resume කරලා දැම්මා. කලින් පොඩ්ඩක් බාලා තිබ්බෙ. ඉතින් පැය දෙක ඇතුළත ඒකයි, Guns N’ Roses ලගේ ඇල්බම් එකකුයි බාගත්තා.

Dialog Prepaid Broadband

Dialog Prepaid Broadband

අද මොබිටෙල් නම් හොඳට ගාටනව. ආරංචි කීපයක් ආව SLT එකේ අවුලක් කියලත්. කොහොම වුණත් ඩයලොග් මගින් ලැබුණු වේගය නම් වරදක් නෑ (stable ගතියක් නම් පේන්න නෑ තමයි) ඒත් සිග්නල් ඇත්තෙත් නැති හින්ද ඒකට සමාව දෙන්න පුළුවන්ද? මොඩම් එක නම් අම්බානක රත් වුණා. මොබිටෙල් එකෙනුත් මේ වගේ වේගයක් එනවනම් නියමයි :D

ඉතින් උබුන්ටුත් දාලා බැලුවා. වරදක් නෑ. E220 එක ආරම්භයේදීම හොයාගෙන අවශ්‍ය සේවා සපයන්නා තෝරගන්න එහෙම අවශ්‍ය පහසුකම් තියෙනවා. Mac වල තියෙන Growl වගේ notification පද්ධතියක් දැක්කා. තව ‍වැඩිපුර තිම් වගයකුත් තිබ්බා. ඉතින් ඔච්චර තමයි. වැඩිය අතපත ගාන්න ගියේ නෑ. ඉන්ස්ටෝල් කරන්න විදියකුත් නෑනෙ. අලුත් හාඩ් ඩිස්ක් එකක් ගන්න වෙයි ව‍ගේ.

මෙන්න අපේ මොබිටෙල් එක අද හැසිරෙන හැටි:

Mac OS ගැන කතා

by Malinthe Samarakoon » click here for full post

ඔන්න ඉතිං දීර්ඝ විරාමයකට පස්සෙ ආයෙමත්. පහුගිය දවස් ටිකේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණු නිසා සහ ලියන්න තරම් හිතක් නොතිබුණු නිසා කිසිම දෙයක් ලියවුණේ නෑ. අද ඉතිං මොනවහරි ලියන්න ඕන කියලා හිතුණා.

මගේ අනිත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නෙ නැතුව ගියා. ඒකට හයිකරලා තිබ්බ 40GB දෘඪ තැටියේ තමයි මං මැක් දාලා තිබ්බෙ. ඉතින් ඒක ආයෙමත් මගේ මැසිමට දැම්මා. ඒ හින්දා මේ දවස් දෙක තුනේ මැක් පාවිච්චි වුණා වැඩියි.

මට දැනට ‍තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මැක් වල සිංහල හරියටම වැඩ කරන විදියට හදාගන්න එක. දැනට තියෙන තත්ත්වය නරකම නෑ. නිකලස් හදපු ෆොන්ට් එකේ තිබුණු පොඩි අඩුපාඩු ටිකක් ගැන මමයි දසුන් අයියයි දන්වලා තියෙන්නෙ. ඒකෙ තියෙන අවුල් ටිකත් හැදේවි කියලා බලාපොරොත්තු වෙනවා. යතුරුපුවරුවේ අවුල් වගයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල ටයිප් කරගන්න පුළුවන් වුණත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒක හදන්න දසුන් අයියත් ට්‍රයි එකක් දුන්නා. ඒත් වැඩේ හරියටම හරිගියේ නෑ. ෆොන්ට් එක හරියටම හැදෙනකල් ඒක පරක්කු කරන්න වෙයි වගේ.

ඉතින් ඊයෙ මැක් එකේ රවුම් ගගහ ඉන්නකොට මතක් වුණා බොලේ මං මේකට සිංහල ෆයර්ෆොක්ස් දැම්මෙ නෑ නේද කියලා :D මැක් වල මෘදුකාංග ස්ථාපනය කරන එක බොහොම පහසු වැඩක්. ඒ හින්දා මං සිංහල අනුවාදය බාගෙන දාලා බැලුවා. මටම පුදුමයි! මැක් වල අකුරු රෙන්ඩර් කරන විදිය කියන්න බැරි තරම් ලස්සන හින්දා ෆයර්ෆොක්ස් හරිම ලස්සනට පේනවා.

Menus

Menus

Menus

Menus

Preferences

Preferences

From the Train

by Malinthe Samarakoon » click here for full post

දුම්‍රියේ සිට

මැරතන් එකට වෙලාවට එන්න බැරි වුනත් ඒක අත අරින්න බෑනෙ. ඒ හින්ද ඉතින් කෝච්චියෙ ඉඳන් හරි ලියන්න හිතුව. මේ පලමු ලිපිය. ඉක්මනට ගෙදර යන්නයි ඕන. වෙන ලියන්න දෙයක් නෑ. :D

For those who left us

by Malinthe Samarakoon » click here for full post

Mobitel M3 අල සහ තවත් කතා

by Malinthe Samarakoon » click here for full post

ඔන්න ඉතින් අද නාගයාත් එක්ක ටවුමෙ රවුම් ගහලා, කකුල් දෙක පණ නැතුව ආවා ගෙදර. කාලෙකින් ඇවිදින්න ගියේ :D ඉතිං හවස ‍ජා‍ලෙ සැරිසරමින් ඉන්නකොට අපේ කාලිංග සහෝදරයා දමල ගැහුවෙ නැතෑ speedtest.net රිසල්ට් එකක් M3 එකකින්. හප්පොච්චියෙ මට නිකං පිස්සු වගේ. මේ තියෙන්නෙ ඔය රිසල්ට් එක තමා:

M3 (Kalinga)

M3 (Kalinga)

එතකොට තමයි මට මීටර් වුණේ මට එච්චර වේගයක් ලැබෙන්නෙ නෑ නේද කියලා. ඉතිං නිකමට වගේ ආයෙ පාරක් ටෙස්ට් දෙක තුනක් දාලා බලද්දි තමයි පේන්න ගත්තෙ මේක අල පාත්තියක් කියලා. (මේක 3.6mbps සම්බන්ධතාවය)

මෙන්න ඉතිං ඔය රිසල්ට්ස් කීපයක්:

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

ඉතිං ඔහොම තමා තත්වෙ. වැඩේ කියන්නෙ මොබිටෙල් සිග්නල් උපරිමව තියෙන එක. ඩයලොග් HSDPA නම් අහලකවත් නෑ. හුලංටෙලුත් එහෙම තමා. මොකක්ද මේ වෙන්න යන්නෙ? කොළඹට කිරි ගමට කැකිරිද ???

ඔව් ඉතින් 1mbps ඇති කියලා කියාවි. ඒකත් ඉතින් හැමතිස්සෙම එන එකක් නෙවෙයිනෙ.

මේ පැකේජ් එක 3.6 කියන හින්දා, අඩුම තරමේ 2mbps වලින්වත් මොකක්හරි බාන්න තිබ්බනම් නරකද? (ආසාවට) :D

Update:

හදිස්සි වුණා වැඩිද මන්දා. අද උදේ බැලුවා වේගයෙන් වෙනස් වෙලා :D

M3 (Malinthe)

M3 (Malinthe)