iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!
by Malinthe Samarakoon on January 15, 2010
කාලයක් බලාගෙන ඉඳල ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන. කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා.
ඉතින් සති කීපයක්ම මේ වැඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර වෙලා අන්තිමේදි වැඩේ අත්හරින තත්ත්වයටම ආවා. අන්තිමේදි මොකද කරේ, ඇපල් වලට සිංහල ෆොන්ට් එකක් හදපු නිකලස්ට කතාකරා. මං නික්ගෙ ෆොන්ට් එකෙන් Arial එකට කොපි කරල හදපු ෆොන්ට් එක එයාටම දුන්නා. නික් ඒකට අවශ්‍ය script එක දාල දුන්නා. මේ ෆොන්ට් එක ෆෝන් එකට දාල බැලුවම වැඩේ ගොඩ! පුදුම සතුටක් තමයි එවෙලෙ ඇතිවුණේ. මං ඒක දැකපු ගමන් කෑගහපු හැටි ඇහුණනම් කට්ටිය බිම පෙරලි පෙරලි හිනාවේවි
කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න
මේ තියෙන්නෙ අයිෆෝන් එකේ දැන් සිංහල පේන විදිය තමයි. සමහර තැන් වල තාම පොඩි පොඩි අවුල් එනවා. ඒවා ඉදිරියේදි හදාගන්න පුළුවන් වේවි.
යතුරුපුවරුවක් හදාගන්නත් ඕන සිංහල ටයිප් කරන්න. කරන විදිය ගැන තාම අදහසක් නෑ. කන්වර්ටර් එකකින් නම් කරගන්න පුළුවන්. ටිකක් එහෙම කරල බැලුවා. සාර්ථකයි.
ඉතින් මේ තොරතුරු අස්සෙ අද සූර්යග්‍රහණයකුත් වුණානෙ. දවල් ට්විටර් එකේ සද්දෙ ඇහෙනකොට තමයි ගිහින් බැලුවෙ. ඊටපස්සෙ මල්ලිත් එක්ක කැමරාවක් අටවලා ෆොටෝ ටිකක් ගත්තා. වටපිටාව බොහෝ දුරට අඳුරු වුණා. උෂ්ණත්වයත් අඩුවුණා. නියම අත්දැකීමක්.
කැමරාව අටවගත්තෙ පරණ කැසට් එකක් කඩලා ගත්ත ටේප් වලින්
මගේ ෆොටෝ බ්ලොග් එක ආයෙමත් පටන්ගත්ත. ගිහිල්ල බලන්න: malinthe.info
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත



25 comments
අනේ නොකියාවලටත් නික්ලස් කෙනෙක් හිටියා නම්….
by ~බිன்ku~ on 2010 January 16 at am 1:44. #
ela ela
by upul on 2010 January 16 at am 2:00. #
දැන් නං මටත් අයිපෝං එකක් ගන්න හිතෙනව….
by ඉන්දරේ on 2010 January 16 at am 7:45. #
මැක්සානේ..,
by Thilina on 2010 January 16 at am 8:05. #
will be possible to get this app to try out? i hv an iphone3g
by sasika on 2010 January 16 at am 9:49. #
Do you want the Font or the typing thing? You need to Jailbreak in order to install the font.
by Malinthe Samarakoon on 2010 January 16 at am 9:53. #
i already jailbroke it. will the font enable me to view sinhala sites on the browser?
by sasika on 2010 January 16 at pm 3:07. #
ආ මරු මරු…එත් අපිට කොහෙන්ද අයිෆොන්.සුර්යග්‍රහනේ නම් තිබුනා…
මාත් ආසම ෆොන් එකක් තමයි කවද හරි ගන්නවා…..
by සසික නානායක්කාර on 2010 January 16 at am 10:31. #
“කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න”
අනේ පිං සිද්ද වෙච්චාවෙ, මටත් ඔය ෆෝන්ට් එක එව්වානම්…
kasunchandana@yahoo.com
by kasun on 2010 January 16 at am 11:01. #
මමත් පාවිච්චි කරන්නේ Apple iPhone 2G එකකි.එයට සිංහල දාන විදිය කියනවද?සරල ආකාරයෙන් කියන්න.
rukshan302@gmail.com
by Rukshan on 2010 January 16 at pm 1:13. #
2G එකකට නම් දාලා බලල නෑ. ඒ හින්ද හරියටම කියන්න අමාරුයි වැඩ කරයිද කියලා.
by Malinthe Samarakoon on 2010 January 16 at pm 7:44. #
thank you for sharing this.
I have some questions if you can please answer them.
1) does the iphone 3g work in sri lanka?
2) can it be unlocked in Sri Lanka if i get one?
by B.I* on 2010 January 16 at pm 2:41. #
1. Yes
2. Should be possible, haven’t unlocked one yet
by Malinthe Samarakoon on 2010 January 16 at pm 7:46. #
නියම වැඩක්! අයිපෝං එකක් ගත්තු කාලෙක ඉල්ලගන්නංකො
by thameera on 2010 January 16 at pm 6:41. #
Hi Malinthe,
Can you send me the font and instruction, if you mind.
Sujith
by Sujith on 2010 January 16 at pm 8:50. #
දාගන්න විදිය කියන්න පුලුවන්ද?
by Rukshan on 2010 January 16 at pm 9:46. #
කාලිංග ලිපියක් ලියනව කරන විදිය ගැන. ලියපු ගමන් කියන්නම්.
by Malinthe Samarakoon on 2010 January 16 at pm 10:11. #
එල එල! අපිට කොයින්ද අයි ෆෝන්?
by patha on 2010 January 16 at pm 10:12. #
[...] ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ. මුලින් අපි [...]
by Kalinga Athulathmudali's Blog » Blog Archive » Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake on 2010 January 17 at am 12:52. #
මේක කරන විදිය ගැන පියවරෙන් පියවර ලිපියක් කාලිංග ලියලා තියෙනවා. ඒක මෙතනින් බලාගන්න පුළුවන්: http://sinhala.kalingasblog.com/2010/01/17/installing-sinhala-on-a-iphone-3g-jailbrake
by Malinthe Samarakoon on 2010 January 17 at am 9:47. #
මලින්ත මට ෆොන්ට් එක එවන්න පුලුවන්ද? ravinsp@gmail.com
මම මගෙ iPhone2G එකේ දාල වැඩ කරනවද කියන්නම්. මේක officially distribute කරන්න විදිහක් හොයාගන්න බැරි වෙයිද?
by Ravin Perera on 2010 January 17 at am 11:13. #
එව්වා.
කාලිංගයි මමයි කතාකරා ඕක කරන්න පුළුවන් විදියක් ගැන. අපට මුල ඉඳන්ම කරන්න පුළුවන් නම් හරියයි. ඒත් ලේසි නෑ වැඩේ මොකද ඒ ෆොන්ට් එකේ වෙන භාෂා වල අකුරුත් ගොඩක් තියෙන නිසා.
by Malinthe Samarakoon on 2010 January 17 at am 11:15. #
Thank you මචං.. මේක iPhone2G එකෙත් වැඩ (3.1.2). මේ project එකට සහභාගි වුනු සියලුම දෙනාට තුති!
by Ravin Perera on 2010 January 17 at pm 12:01. #
wada nam ella
malaga iphone 2G akak tiyanawa jalbrake karala tiyannay
mata makata sinhala dagana help karanna
by Dinuka on 2010 December 6 at pm 12:14. #
මට ෆොන්ට් එක එවන්න පුලුවන්ද?dinumadushan@gmail.com
by Dinuka on 2011 April 6 at pm 1:49. #