නොදන්නා ගීත හඳුනාගන්න Tunatic | Identify Music with Tunatic
Tunatic කියන්නේ මට ළඟදී හොයාගන්න ලැබුණු නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ අපට ඇසෙන ඕනෑම ඉංග්‍රීසි ගීතයක නම හා ගායකයා කවුදැයි සොයා දීමයි. මහ ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට රේඩියෝ එකේ හදිසියකට ඇහෙන ගීතයක් කියන්නේ කවුද, ගීතය මොකක්ද කියලා හොයාගන්න අවශ්‍ය වුණොත් මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. අවශ්‍ය වෙන්නේ මයික් එකකුත් අන්තර්ජාල සම්බන්ධයකුත් විතරයි. පරිගණකයේ රේඩියෝ ටියුනර් එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට Recording සැකසුම් වල Stereo Mix හෝ Mono Mix තෝරාගන්නට වෙනවා.

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම මැක් වල ධාවනය කරන්නට පුළුවන්.
[Tunatic]
2 Comments to “නොදන්නා ගීත හඳුනාගන්න Tunatic | Identify Music with Tunatic”