ට්විටර්කරණය
by Malinthe Samarakoon on March 5, 2008
ට්විටර් ගැන මීට කලින් අහලා තිබුණත් එච්චර ගණනකට ගත්තේ නැහැ. ඊයේ පෙරේදා තමයි හිතුණේ ට්‍රයි එකක් දාලා බලන්න ඕන කියලා. විකිපීඩියාවේ ට්විටර් ගැන සඳහන් කරලා තියෙන්නෙ Free Social Networking and Microblogging Service එකක් හැටියට. මොනවා වුණත් මේක මාර ජොලි! ඇත්තටම මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි ඕනෑම වෙලාවක යාළු මිත්‍රයො කරන්නෙ මොනවද කියලා දැනගන්න ලැබෙන එක. දැනට Instant Messaging හා SMS මගිනුත් මේ සේවයට යාවත්කාල කිරීම් කරන්න පුළුවන්. අනික් අය කරන දේවල් IM හා SMS මගින් අපට දැනගන්නත් පුළුවන්. ලංකාවෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව SMS වැඩ කරනවා. මම පාවිච්චි කරලා බැලුවේ මොබිටෙල් විතරයි. මං හිතන්නෙ අනිත් ඒවත් වැඩ කරනවා ඇති. මීට අමතරව ඉතින් ඕපදූප කතා කරන්න, යාලුවො හැමෝටම එකවර පණිවිඩයක් දෙන්න, කම්මැලි වෙලාවට මොනවාහරි දොඩවන්න එහෙම කියාපු සේවයක්!
නිකමට උත්සාහ කරලා බලන්න.
Warning: It’s highly addictive!
3 comments
twitter සැබවින්ම highly addictive!
මා twitterහි registerවී වසරක් පමන ඇති.
Dialog භාවිතයෙනුත් twitter වෙත SMS යොමුකල හැකියි.
නමුත් පොඬි ප්රශ්නයකට තියෙන්නේ අප SMSයක් twitter වෙත යැවු විට twitter ආපසු එම අංකයට, spam (advertising) SMS එකක් පමන එවීමයි.
මා මිත්රයන් twitter වෙත යොමු නොකලේ මේ හේතුව නිසයි.
අප රටවල තවම SMS ad campaign එතරම් ප්රචලිත නොමැති වුවද බටහිර රටවල මෙය මීට වැඬි ප්රශ්නයක් වියහැක.
by Ranatunga on 2008 March 5 at am 9:15. #
ලංකාවටත් advertising sms එනවද? මට නම් මෙතෙක් ලැබිලා නැහැ.
by Malinthe Samarakoon on 2008 March 5 at am 9:28. #
[...] දැන් අලුත්ම ලිපි ලබාගන්නට පුළුවන්. මං කලිනුත් ලියලා ඇති ට්විටර් ගැන. ට්විටර් මගින් අලුත්ම [...]
by සිංහල බ්ලොග් මැරතන් බලන හැටි | මලින්තගේ සටහන | Malinthe's Note on 2008 April 11 at am 10:30. #