මගේ මීඩියා සෙන්ටරේ
by Malinthe Samarakoon on August 7, 2009
මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් ලියන්න හිතුණා.
මේක බොහොම සරල එකක් විදියට තමයි වැඩ කරන්නෙ. අලුතෙන් මොනවත් ගත්තෙ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලම තමයි.
පරිගණකය: AMD Sempron 2500+ එකක්. (1.4GHz) – 1GB RAM, 40GB HDD (ඒකත් පරණ එකක්. හැබැයි දැනට පාවිච්චි වෙන්නෙ විස්සයි. අනිත් පාටිෂන් එකේ මැක් දාලා තියෙන්නෙ), NVIDIA GeForce FX 5200 ග්‍රැෆික් කාඩ් එකක්, සීඩී ඩ්‍රයිව් එකක් (DVD ඩ්‍රයිව් එකක් දාගන්න ඕන වෙලාවක)
අනික් උපාංග: Creative 2.1 එකක් සද්ද වලටමෘදුකාංග: වින්දොස් එක්ස්පී සහ XBMC
මං දැනට පාවිච්චි කරල තියෙන මීඩියා සෙන්ටර් මෘදුකාංග වලින් මං කැමතිම XBMC වලට තමයි. පහසුකම් ගොඩක් හොඳයි. ලස්සන තීම් වගයකුත් තියෙනව. ඒත් ගොඩක් ඒව හදලා තියෙන්නෙ HD වලට. ඒත් එක තීම් එකක් හම්බවුණා SD වලට හරියන විදියට හදපු. ඒ හින්ද අවුලක් නෑ. HD ඩිස්ප්ලේ එකක් තිබ්බනම් හැබැයි නියමෙට තියේවි.
ටීවී එකට මේක හයි කරල තියෙන්නෙ නිකං Composite Video කනෙක්ෂන් එකකින්. ටීවී එක කොහොමත් SD හින්ද ඉතිං අවුලක් නෑ.
කරන්න පුළුවන් වැඩ: ෆිල්ම් බලන්න පුළුවන් කරදරයක් නැතුව. සිංදු අහන්නත් පුළුවන්. දැන් තියෙන කම්පියුටරේ එක්ක නෙට්වර්ක් කරල තියෙන හින්ද මේකෙ තියෙන ඒවත් කිසි කරදරයක් නැතුව බලන්න අහන්න පුළුවන්. තාම ඩීවීඩී ඩ්‍රයිව් එකක් දාලා නැති හින්ද අනික් මැසිමෙ ඩීවීඩී ඩ්‍රයිව් එකෙන් තමයි තැටි බලන්නෙ.
XBMC වලට හරියන්න හදපු HID Profile එක දැම්මට පස්සෙ ෆෝන් එකෙන් බ්ලූටූත් හරහා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි. XBMC වලට ප්ලගින්, ස්ක්‍රිප්ට් අම්බානක් එන හින්ද YouTube, Last.fm සහ විවිධ සේවා ගොඩක් ලබාගන්න පුළුවන්.
ඔන්න වීඩියෝ එකකුත් දැම්මා. මේක තියෙන තැන නම් සුද්ද කරලා දාන්න ඕන. කැලෑවක් වගේ
පින්තූර:
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත


22 comments
මොකද්ද අප්‍පා මේ ප්ලේ වෙන ට්‍රැක් එක. ? මරුනේ.
by අනූ on 2009 August 7 at pm 2:10. #
ආ ඒක නම් යූටියුබ් එකෙන් දැම්මෙ. ඔරිජිනල් එකේ කටහඬවල් වගයක් ඇහෙන හින්ද
by Malinthe Samarakoon on 2009 August 7 at pm 2:29. #
ආ.. ජයවේවා ! මෙන්න ලිපි !
) බර ගණන් වියදම් නොකර ඉවතලන ද්‍රව්‍ය වලින් සාදාගත් මීඩියා සෙන්ටර් එකක් 
(K වගේ
අඩේ මේක දැක්කාම මටත් හිතෙනවා එකක් අටවන්න !
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 August 7 at pm 2:20. #
එළ එළ අටවමු එකක්
by Malinthe Samarakoon on 2009 August 7 at pm 2:29. #
ෂහ්! පට්ට නෙව… කියලා වැඩක් නෑ…
මේක නං මරුවැඩක්. මටත් එකක් අටවගන්න හිතෙනවා… හැබැයි ඉතින් උසස් පෙළ ගොඩදාගන්න එක හීනයක් වේවි
by සුපුන් සුදාරක on 2009 August 7 at pm 3:04. #
උඹට උසස්පෙල ගොඩදාගන්න එක හීනයක් වෙන්නෙ Media Center එකෙන් නම් නෙමෙයි, උඹේ අනංග කුලප්පුව හොඳ කර නොගත්තොත්
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 August 7 at pm 3:06. #
එළ එළ. මට නං ඉවතලන කොම්පියුටරයක් නෑ. ඒ නිසා තියෙන එක all in one PC එකක්.
by Thilina on 2009 August 7 at pm 4:17. #
ඔන්න දැන් මීඩියා සෙන්ටර් වලටත් නරක කාලයක් එන්නයි යන්නේ….. ඒ වගේම පරන කොම්පීටර වල ගානත් ඉහල යයි
by සහන් on 2009 August 7 at pm 5:04. #
I installed XBMC.when i run XBMC following error msg display
“MS default OpenGL drivers detected.please get OpenGL drivers From your video crd vendor”
How to get OpenGL drivers for ATI Radeon X300/X550???
by Imal on 2009 August 7 at pm 8:24. #
Try this: http://ati.amd.com/support/driver.HTML
by Malinthe Samarakoon on 2009 August 7 at pm 8:28. #
හ්ම්ම්ම්… මටත් අඩුවකට තියෙන්නෙ ටිකක් හොඳ VGA එකක් විතරයි. මගෙත් පරණ Sempron 2400+ එකක් තියෙනවා. පරණ AGP කාඩ් එකක් හොයාගත්ත නම් ගොඩම තමයි… Wi-fi එකකුත් ගහගෙන network කරගෙන බලන්න ඕනා… නියම අදහස මලින්ත
by Chathura W on 2009 August 7 at pm 9:53. #
අඩෙ අප්පා පට්ටනේ
බැරිද පොඩි ටියුටෝරියල් පාරක් දාන්න ඔහොම එකක් හදන හැටි ගැන
මගෙත් පරණ මැසිම තියනවා
by අමිල on 2009 August 8 at am 8:13. #
එළ මං දාන්නං
by Malinthe Samarakoon on 2009 August 8 at am 10:24. #
මලින්ත කොලුවා ඉතින් හපනානේ
by කාලිංග on 2009 August 8 at am 10:23. #
හික්
by Malinthe Samarakoon on 2009 August 8 at am 10:24. #
Testing Open Id….
by Supun Sudaraka on 2009 August 9 at am 11:47. #
වැඩ වැඩ
by Malinthe Samarakoon on 2009 August 9 at pm 12:33. #
හරියන්නෑ බං. චාටර්
by සුපුන් සුදාරක on 2009 August 9 at pm 4:09. #
සමාවෙන්න, නැවතත් OpenID එක පරික්ෂා කරමින්…
by Supun Sudaraka on 2009 August 11 at pm 7:47. #
machan what’s this track your playing on this video?
by champi on 2009 August 13 at pm 12:32. #
Dreamscape by 009 Sound System
by Malinthe Samarakoon on 2009 August 14 at am 11:56. #
මට නම් තියෙන එකම අවුල ටී.වී එකට වබ මොනිටරේ හොද වීම,හි හි
මාත් ඕකක් ඇටෙව්වා ඉස්සර
ඒත් දැන් පරිගණකෙ හොදයි ටීවී එකට වඩා…
ඒ නිසා දැන් ටීවී බලන්නෙත් මේකෙන්ම තමා DTH එහෙමත්
by බුද්ධික on 2009 August 18 at pm 1:56. #