මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Opera Mini 5 Beta

සැප්තැම්බර් 16 2009 - In: Gadgets, Mobile, Software Malinthe Samarakoon

12 comments

මං දැනට ජංගම දුරකථනයේ අන්තර්ජාල ගවේෂණයට පාවිච්චි කරන්නෙ Opera Mini තමයි. ෆෝන් එකත් එක්ක එන එක එතරම් වේගවත් බවක් දැනෙන්නෙ නෑ. පහසුකම් අතින් ගොඩාක්ම හොඳ නැහැ. ඒ හින්ද Opera Mini තමයි ප්‍රියතම බ්‍රවුසරය වෙලා තියෙන්නෙ.

මේක කොච්චර හොඳ වුණත් අඩුපාඩුකම් නැතුවම නෙමෙයි. ඉතින් මේ අඩුපාඩු ටිකක් හදපු අලුත් බීටා අනුවාදයක් තියෙනව කියල දැනගත්ත. ඉතින් මොකද කරේ අනිත් වැඩ පැත්තකින් තියල ඒක දාගෙන බැලුව.

පෙනුම නම් ගොඩක් හොඳයි. කොටින්ම කියනවනම් iPhone එකේ සෆාරි වල පෙනුමට සමානයි. කලින් අනුවාදයට වඩා ගොඩක් දියුණු කරල තියෙනව. සාමාන්‍ය ඔපෙරා අනුවාදයේ එන Speed Dial එකක්, මුරපද කළමනාකරණ වැඩසටහනක්, ටැබ්ස්!!! ඒ විතරක්ම නෙවෙයි. ස්පර්ශක තිර තියෙන දුරකථන වලට තවත් පහසුකම් ලැබෙනවා.

ඉතින් අදම දාගෙන බලන්න. Opera Mini 5 Beta :D

මෙන්න ඔබේ ආස්වාදය උදෙසා ගත්තු පින්තූර ටිකක්:

මෙන්න අලුත්ම තත්ත්වය. පහුගිය දවස් වල කළ පැමිණිලි කිරීම් සහ මිතුරන්ගෙන් ලැබුණු ස‍හයෝගය නිසා මොබිටෙල් සමග පැවති අවුල් විසඳා තියෙන බවක් තමයි පේන්නෙ. මොබිටෙල් මගින් දන්වපු විදියට එහි යාවත්කාල කිරීම් කර තියෙන නිසා දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙන්න ඕන.

අද උදේ ෆෝන් එකෙනුත් මොඩම් එකෙනුත් පරීක්ෂා කරලා බැලුවා. කිසිම අවුලක් නැතුව සම්බන්ධ වුණා. වේගයත් පේන විදියට හොඳයි.

Speedtest 1
Speedtest 2
Speedtest 3
Speedtest 4
Speedtest 5

කාලෙකට පස්සෙ තමයි මෙහෙම වේගයක් දැක්කෙ. ඉතින් සතුටුයි :D

මේකෙන් ඉතින් ගන්න පුළුවන් ආදර්ශය තමයි සේවාවේ අවුලක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ඒ ගැන පැමිණිලි කරන්න.

Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/

මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව උහුලන්නෙ නැති බිලක් ඇවිල්ල තියෙන්නෙ. ඒත් ඒක වෙනම ප්‍රශ්නයක්.

මේ කියන්න යන්නෙ ඉතාම ඉහළ මිලක් අය කරලා අපට ‍ලබාදෙන සේවාවේ තත්ත්වය ගැන. ඒක ගැන නම් කතාකරන්න වචන නැහැ. අන්තිමයි. මං ආසම වචනෙ = pathetic!

දැන් මාස කීපයකට කලින් නම් YouTube එක්ක ලොකු ගැටලුවක් ‍තිබුණා. ඒක නම් දැන් බොහෝ දුරට හරි ගිහිල්ලා. ඒත් දැන් තියෙන අවුල තමයි මේක එකදිගට සම්බන්ධ කරලා තියාගන්න එකේ අමාරුව. සමහර වෙලාවට වැඩක් කර කර ඉන්න අතරතුරත්, සමහර වෙලාවට වැඩක් නොකර Idle තියෙන වෙලාවටත් සම්බන්ධතාවය නැතිවෙලා යනවා.

විසන්ධි වුණාම තමයි නියමම වැඩේ. බොහොම කලාතුරකින් එකපාරින් සම්බන්ධ කරගන්න පුළුවන් වුණත් අනික් හැම වෙලාවකදිම වගේ වෙන්නෙ මොකක්හරි දෝෂ පණිවිඩයක් එන එක. (628, 619 – මට හරියට මතක නෑ.) ඉතින් මොනව කරන්නද, මවුස් එක කැඩෙනකල් Redial ඔබන එක තමයි කරන්න වෙන්නෙ. මේ අවුල් හින්ද අපේ පරණ වචනයකුත් ආයෙ භාවිතා වුණා: එනවා යනවා ආචරණය!

මොකක්හරි විශේෂ වැඩක් කරන වෙලාවක මේ වැඩේ වුණාම හිතට එන ආවේගය! මවුස් එක කැඩෙනකල් ක්ලික් කරන එකයි මොබිටෙල් එකට අම්බානක බනින එකයි හැර වෙන කරන්න දෙයක් නෑ.

මේ ගැන කියලා ඊමේල් හතරක් පහක්ම යැව්වා. දෙකකට පිළිතුරු ආවත් විසඳුමක් නම් පේන්න නෑ තවමත්.

මේ ප්‍රශ්නය තියෙන්නෙ මොඩම් එකෙන් සම්බන්ධ වෙනකොට විතරක් නෙවෙයි. ජංගම දුරකථනයෙන් මොකක්හරි කරන්න ගියත් මේ ලෙඩේම එනවා. වෙලාවකට මොකක්හරි වැඩසටහනක් දාලා තියෙද්දි (eBuddy, Gmail, Opera Mini, Skype…) අතරමගදි සම්බන්ධතාවය නැතිවුණාම පුදුම තරහක් එන්නෙ. ඒ වෙලාවටත් ඉතින් කියවෙන දේවල් මම තමයි දන්නෙ!

ආරංචියි සමහර පැතිවලට නම් මෙහෙම අවුල් නෑ කියලා. අගනුවරින් බැහැර හින්දද මෙහෙම අඩු සැලකිල්ලක්?? මගේ තියෙන්නෙ 3.6mbps පැකේජය වුණත් ආසාවටවත් එච්චර වේගයක් දැකලා නෑ. අඩුම තරමේ 2mbps වත් ජීවිතේට දැකලා නෑ.

මං දැන් කලාතුරකින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් සම්බන්ධතාවය පාවිච්චි කරනව චිත්‍රපටයක් එහෙම ලබාගන්න ඕන වුණාම. ඒකට සිග්නල් ඇත්තෙත් නැති තරම්. ඒත් කවදාවත් සම්බන්ධ වෙන්න කරදරයක් නෑ. එකපාරින් කනෙක්ට් වෙනව. සාමාන්‍ය මට්ටමේ වේගයකුත් ලැබෙනව. සංඥා නැති හින්ද ඒ වේගය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.

ඒත් මොබිටෙල් එකේ උපරිම සංඥා තිබිලත් මෙහෙම නම්…

මේ අන්තර්ජාල අල ගැන ලියන කීවෙනි ලිපියද කියලා මට ගානක් නැහැ. කිසිම සේවා සපයන්නෙක්ට අපට හොඳ සේවාවක් දෙන්න ඕනකමක් ඇත්තෙත් නෑ. මහලොකුවට දැන්වීම් දැම්මට ඉල්ලුවම දෙන්නත් බෑ. ඔච්චර දැන්වීම් වලට වියදම් කරන එකේ තමන්ගෙ සේවාව තව ටිකක් දියුණු කරන්න විදියක් හෙව්වනම් මොකද වෙන්නෙ? මේක හැම සේවා සපයන්නෙකුටම පොදුයි. Dialog, SLT, Mobitel, Airtel, Bell… ‍ඔක්කොම එකයි. ඩයලොග් එකෙන් තවමත් 3G සිග්නල් ළාවට හරි ලැබෙන්නෙ මොඩම් එකට විතරයි. මොබිටෙල් එකට කොච්චර සිග්නල් තිබ්බත් වැඩක් නෑ. ගණනුත් වැඩියි. SLT එකට ලූප් නැහැලු. එයාටෙල් එකට තවමත් 3G නෑ. ඒක නම් අලුත් හින්දා කියමුකො.

දැන් මේ ඇති. තව ලියන්න ගියොත් මොනව ලියවෙයිද කියලා කියන්න බැරි හින්ද නවත්තනව. :D

මං කාලෙකට කලින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කරද්දි කලින් තිබුණු එක පැත්තකට දැම්මා. ඒත් ඒක නිකං තියෙන එක අපරාදෙ හින්ද තමයි ඒක ටීවි එකට හයිකරගෙන මොනවහරි කරන්න හිතුවෙ. දැන් ටික දවසකට කලින් අපේ කාලිංගත් මීඩියා සෙන්ටර් එකක් හදපු හින්ද මගෙ එක ගැනත් ලියන්න හිතුණා.

මේක බොහොම සරල එකක් විදියට තමයි වැඩ කරන්නෙ. අලුතෙන් මොනවත් ගත්තෙ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලම තමයි.

පරිගණකය: AMD Sempron 2500+ එකක්. (1.4GHz) – 1GB RAM, 40GB HDD (ඒකත් පරණ එකක්. හැබැයි දැනට පාවිච්චි වෙන්නෙ විස්සයි. අනිත් පාටිෂන් එකේ මැක් දාලා තියෙන්නෙ), NVIDIA GeForce FX 5200 ග්‍රැෆික් කාඩ් එකක්, සීඩී ඩ්‍රයිව් එකක් (DVD ඩ්‍රයිව් එකක් දාගන්න ‍ඕන වෙලාවක)

Bluetooth Remote

Bluetooth Remote

අනික් උපාංග: Creative 2.1 එකක් සද්ද වලට :D කීබෝඩ් නැතුව පහසුවෙන් පාලනය කරන්න Bluetooth ඩොන්ගල් එකක් සහ ජංගම දුරකථනය සමග මං හදාගත්තු HID Profile එකක්

මෘදුකාංග: වින්දොස් එක්ස්පී සහ XBMC

මං දැනට පාවිච්චි කරල තියෙන මීඩියා සෙන්ටර් මෘදුකාංග වලින් මං කැමතිම XBMC වලට තමයි. පහසුකම් ගොඩක් හොඳයි. ලස්සන තීම් වගයකුත් තියෙනව. ඒත් ගොඩක් ඒව හදලා තියෙන්නෙ HD වලට. ඒත් එක තීම් එකක් හම්බවුණා SD වලට හරියන විදියට හදපු. ඒ හින්ද අවුලක් නෑ. HD ඩිස්ප්ලේ එකක් තිබ්බනම් හැබැයි නියමෙට තියේවි. :D

ටීවී එකට මේක හයි කරල තියෙන්නෙ නිකං Composite Video කනෙක්ෂන් එකකින්. ටීවී එක කොහොමත් SD හින්ද ඉතිං අවුලක් නෑ.

කරන්න පුළුවන් වැඩ: ෆිල්ම් බලන්න පුළුවන් කරදරයක් නැතුව. සිංදු අහන්නත් පුළුවන්. දැන් තියෙන කම්පියුටරේ එක්ක නෙට්වර්ක් කරල තියෙන හින්ද මේකෙ තියෙන ඒවත් කිසි කරදරයක් නැතුව බලන්න අහන්න පුළුවන්. තාම ඩීවීඩී ඩ්‍රයිව් එකක් දාලා නැති හින්ද අනික් මැසිමෙ ඩීවීඩී ඩ්‍රයිව් එකෙන් තමයි තැටි බලන්නෙ.

XBMC වලට හරියන්න හදපු HID Profile එක දැම්මට පස්සෙ ෆෝන් එකෙන් බ්ලූටූත් හරහා කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි. XBMC වලට ප්ලගින්, ස්ක්‍රිප්ට් අම්බානක් එන හින්ද YouTube, Last.fm සහ විවිධ සේවා ගොඩක් ලබාගන්න පුළුවන්.

ඔන්න වීඩියෝ එකකුත් දැම්මා. මේක තියෙන තැන නම් සුද්ද කරලා දාන්න ඕන. කැලෑවක් වගේ :D

පින්තූර:

XBMC SVN Repo Installer

XBMC SVN Repo Installer

XBMC Music

XBMC Music

මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් ‍වැඩි වෙනසක් නෑ. ඉතින් ඒ ගැන ලියන්න කියලා තමයි මේ කල්පනා කරේ.

මීට මාසෙකට විතර කලින් මොබිටෙල් වලින් Youtube එහෙම බලන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ගොඩක් බරපතලයි කියන්නෙ කිසිම දෙයක් හරියකට බලාගන්න බෑ, තත්පර දෙක තුනෙන් බෆර් වෙන්න ගන්නවා. මේක ලොකු වදයක් වුණා. පැමිණිලි කරලා ටික කාලෙකට පස්සෙ ඒක හරිගියා. ඊටපස්සෙ වාසනාවට (හෝ අවාසනාවට) YouTube හොඳට වැඩ කරන්න ගත්තා. දැන් ඉතින් ඒ හින්දා ඕනවට වැඩිය දත්ත භාවිතා වෙච්ච හින්ද මේ දවස්වල නාහෙන් අඬ අඬ තමයි ඉන්නෙ :D අදත් පොඩි පොඩි අල ටිකක් ආවා ඒත් ඒක නම් එතරම් ගණන් ගත යුතු දෙයක් නෙවෙයි.

කොහොමහරි මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සම්බන්ධ වෙන එක සහ අතරමැදදි සම්බන්ධතාවය නැතිවෙන එක. වෙලාවකට සම්බන්ධ වෙන්න සියපාරක් විතර ට්‍රයි කරන්න ඕන. ඉතින් Mobile Partner දාලා මොකක් හරි දෝෂයක් මතුවුණාම Redial ඔබ ඔබ ඉන්න ඕන දත්මිටි කන ගමන්. ඒ වගේම මොකක්හරි වැඩක් කරන අතරතුර එහාමෙහා වෙලා Idle වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේකෙ සම්බන්ධතාවය නැතිවෙනව. එතකොට රීඩයල් චක්‍රය කරන්න ඕන ආයෙ මුල ඉඳන්. මේක ලොකු කරදරයක්. පැමිණිල්ලක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා විස්තරත් ඇහුවා. ඒත් තාම විසඳුමක් නෑ.

මොබිටෙල් අල

මොබිටෙල් අල

මේක ලොකුම කරදරයක් වෙන්නෙ ‍ෆෝන් එකෙන් සම්බන්ධ වෙනකොට තමයි. මොකද මොඩම් එකේ වගේම සම්බන්ධ නොවී තියෙන හින්ද හදිසියකට ඊමේල් එකක් යවාගන්න හැදුවත් වැඩේ අප්සට් කියලා රැඳිලා තියෙනව. චැට් වැඩසටහනක් දැම්මත්, ගූගල් එක්ක සින්ක් කරන්න හැදුවත් මේ වැඩේ වෙනකොට පුදුම තරහක් තමයි එන්නෙ. ඉස්සර නම් මෙහෙම වුණේ නෑ. දැන් මේක කියන්න බැරි තරම් වදයක්. හැබැයි මේ ලෙඩේ එන්නෙ නෑ නිකං GSM වල ඉඳිද්දි. ඒත් ඒක 3G වලට වඩා වේගයෙන් අඩු හින්දා කරදරයි.

(මේ යවන්න හදපු එක විනාඩි දහයක් විතර ට්‍රයි කරලා දැන් යවාගත්තා) :D

ඉතින් ඔහොම තමයි මොබිටෙල් එකේ වැඩ මේ දවස්වල.

කොහොම කොහොම හරි මොබිටෙල් එකේ නුවර අලුත් ශාඛාවක් විවෘත කරා. අලුත් එක තියෙන්නෙ KCC එකේ. ළඟාවෙන්න පහසුයි, ඉඩකඩත් වැඩියි. කිසිම කරදරයක් නෑ දැන් නම්. කලින් තිබුණු තැනට යන්න ගියාමත් එපාවෙනව. ඒ මදිවට උපහාර හින්ද බිල් ගෙවන්න එන පෝලිම් ගොඩක් දිගට තිබුණු හින්ද පොඩි ඉඩක් තිබුණු කලින් තැන හරිම තදබදයි.

ඉතින් ඔහොම තමයි මේ දවස්වල විස්තර. අදට ඇති :D

ඇන්ඩ්‍රොයිඩ් ගැන දැන් කවුරුත් දන්නව ඇතිනෙ. ගූගල් මගින් හදපු මේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දැන් කාලෙකට කලින් Tmobile G1 එක්ක තමයි ආවෙ. මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් තොගයක්ම නිකුත් වෙන්න සූදානමිනුයි තියෙන්නෙ. ඒ අතර HTC සමාගමේ Hero කියන දුරකථනය විකල්ප UI එක නිසා ගොඩක් කතාබහට ලක්වුණා. සෝනි එරික්සන් මගින් ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු UI එකත් දැන් ටික දවසකට කලින් දැකගන්න ලැබුණා.

ඉතින් මේව දැක්කම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රියාත්මක වෙන දුරකථනයක් ගන්න පුදුම ආසාවක් තමයි ඇතිවෙන්නෙ. ඒත් ගන්න විදියක් නෑනෙ. මොනව කරන්නද :D

ඉතින් අද ෆීඩ් කියව කියව ඉන්න අතරේ දැක්කා නියම වැඩක්. ඒ තමයි Android Live! ඉතින් මේ iso එක ලබාගෙන අපට ඒකෙ තැටියකට දාලා ඇන්ඩ්‍රොයිඩ් පරික්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලිනක්ස් ලයිව් බලනවා වගේ තමයි. ඉතින් මාත් දඩිබිඩි ගාලා iso එක අරගෙන Virtualbox මගින් දාලා බැලුවා. අවුලක් නෑ ඉතින්. වැඩ :D

මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කරලා බලන එක විතරයි කරන්න පුළුවන් ඒත්. දුරකථන විශේෂාංග එහෙම කිසිදෙයක් වැඩ කරන්නෙ නෑ (obviously :P ) කොහොම හරි මෙහෙයුම් පද්ධතියවත් අතපත ගාලා බලන්න බැරියැ. ඔන්න තිරපිටපත් කීප‍යකුත් තියෙනව. කැමතිනම් ට්‍රයි එකක් දීලා බලන්න.

[Live Android]

ඉතින් ඊයෙ නාගයත් එක්ක ටවුමේ පොඩි රස්තියාදුවක් ගැහුව. ගියේ නම් නාග‍යගෙන් තැටියක් ඉල්ලගන්න. තාම දාලා බැලුවෙත් නෑ හැබැයි ඒක :D මේක ලියන්න පටන්ගන්නකොට තමයි ඒක මතක් වුණේ. ඉතින් බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගන්නත් එක්ක ගිය ගමනෙ විස්තර ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

කාලෙකට කලින් හම්බවුණු Walkmate කියල වැඩසටහන හින්ද දැන් වැඩියෙන් ඇවිදින්න හිතෙනව. මේකෙන් අපි කොච්චර අඩි ගණනක් ඇවිද්දද කියල හොයාගන්න පුළුවන්. (Pedometer) මේ වැඩසටහන 4shared වගේ අඩවියකින් හොයාගන්න පුළුවන් වේවි. Accelerometer එකක් තියෙන සෝනි එරික්සන් ෆෝන් වල මේක වැඩකරයි. ඉතින් ඊයෙ දොළොස්දාහක් විතර ඇවිද්ද. කලින් වා‍ර්තාව තිබුණෙ පහළොස්දාහක විතර. මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ සතිපතා පරණ දත්ත මැකෙන එක තමයි. ඒත් සාමාන්‍යයක් නම් බලාගන්න පුළුවන්. මගේ දැනට සාමාන්‍යය පන්දාස් ගාණක්.

ඉතින් ඊයෙ මෙච්චර ඇවිද්දෙ කොහෙද කියලා බලනවා ඇති. වෙන කොහෙද ඉතින් ටවුම පුරාම තමයි. නාගයට බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී හොයමින් ගොඩක් වෙලා කාලය ගත කළා. තිබුණු ගොඩක් ඒවා ඇල්ලුවෙ නෑ. ඒ හින්ද ඉතින් තව තවත් ඇවිදිමින් කාලය ගත කරපු එක තමයි කරේ.

ඉතින් මේ බ්ලූටූත් ගැජට් ගැන හොයමින් යන අතරේ ‍පරිගණක අලෙවිසැල් කීපයකට ගොඩ වදින්නත් අපි අමතක ‍කරේ නෑ. ඉතින් අපි සුපුරුදු පරිදි විවිධ දේවල් වල මිල ගණන් විමසලා බැලුවා. මේ පාර උපාංගය තමයි නෙට්බුක්!

මේකට නියම ප්‍රතිචාර තමයි ලැබුණෙ. අපි නෙට්බුක් කියල ඇහුවම සාමාන්‍යයෙන් ලැබුණු ප්‍රතිචාර තමයි ‘ආ නෝට්බුක්ද?’, ‘ඒ මොනවද?’, ‘ඒව නම් නෑ මල්ලි’ – සමහරුන්ගෙ මූණු වල අමුතු හිනාවක් තිබ්බ :D සමහරු එහෙම ඒව ගැන අහලවත් තිබුණෙ නෑ. චන්ද්‍රසේකර එකේ චීන නෙට්බුක් එකක් තිබ්බ, ඒකත් පනහක් විතර වුණා. ඒකට තව ටිකක් එකතු කරලා සාමාන්‍ය ලැප්ටොප් එකක්ම ගන්න පුළුවනි. වෙන තැන් වල නම් හොයාගන්න තිබ්බෙම නෑ. Eee එකකුත් පනහකටද කොහෙද තියෙනව කියල තව තැනකින් කිව්ව. ඉතින් නෙට්බුක් එකක් ගැන අදහස අතඇරල දැම්ම.

ඊටපස්සෙ ගියා DSLR කැමරා වල මිල ගණන් හොයන්න. හිතපු හැටියටම ඉතින් ‍හෙණ ගණන් තමයි. ඒත් ආසාවට බැලුව. නිකොන් ඒව තමයි ගොඩක්ම තිබ්බෙ. වෙන කිසිම එකක් නෑ. සමහර ඒව නම් ගොඩක්ම professional – ඒවයෙ ගණන් ඇහුවම නම් පිස්සු වගෙයි :D

ඉතින් ඔය අස්සෙ ඇවිදල ඇවිදල මහන්සියට ඩෙවොන් එකෙන් සිසිල් බීම දෙකක් දාගත්තා. එතන හිටපු අයට මූට පිස්සුද කියල බලන්නත් ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. :D

ඉතින් ඒ වැඩේ ඉවර වෙලා තව ටිකක් වෙලා ටවුමෙ හිටිය යාලුවෙක් කතාකරනකල්. ආයෙමත් රවුමක් ගැහුව. ආයෙමත් යක්ස තිබහක් ආව. ඒ පාර නම් කූල් වතුර බෝතලයක් අරගෙන ගිලලා දැම්ම. මේ මිනිස්සු කූල් කරපු වතුර වලට රුපියල් පහක් වැඩියෙන් අය කරනව. :P

ගෙදර ආවම තමයි දොලොස්දාහෙ ර‍ඟේ තේරුණෙ. කකුල් රිදෙනව නියමෙට. ඒකෙත් පොඩි ගතියක් තියෙනව. කොහොම කොහොම හරි ඊයේ රෑ හොඳට නින්ද ගියා. දැන් නින්ද යනව ටිකක් හොරයි.

ඔන්න ඉතිං අද contacts එක්ක පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට පොඩි මැටි වැඩක් කරන්න ගිහින් මගේ මුළු කන්ටැක්ට් ලිස්ට් එකම මැකිලා ගියා. වෙලාවට නිතර කතාකරන කන්ටැක්ට් වල බැකප් එකක් තිබ්බ. ඒක නැවත එකතු කරාට ගූගල් ටෝක් එකේ අයින් වුණු ඒව ආයෙ එකතු වුණේ නෑ. දැන් ඉතින් ට්විටර් එකෙයි, ෆේස්බුක් එකෙයි පණිවිඩ දමමින් කට්ටියට මාව එකතු කරන්න කියමින් හිටියෙ.

ඉතින් කාටහරි මාව Google Talk එකේ පේන්නෙ නැත්තං පටස් ගාලා පහළ තියෙන Add බොත්තම ක්ලික් කරලා මගේ ඊමේල් ඇඩරස් එක දාලා එකතු කරන්න. මගෙන් ඉල්ලීමක් ඇවිල්ල තියෙනව නම් ඒත් ඉතින් පිළිගන්න. :)

දැනට එපමණයි. තැන්කු වේවා! ජයවේවා! :D

ඔබ 2.8 වෙත යාවත්කල කළ පසුවත් යාවත්කාල කිරීමක් ඇති බව පෙන්වන පණිවිඩය දකින්නට ඇත්නම්, ඒ ගැටළුව විසඳාගැනීම සඳාහා එය නැවත වරක් ස්වයංක්‍රීයව යාවත්කාල කරන්න. මෙම දෝෂය අද උදෑසන විසඳනු ලැබුවා. ඒ නිසා දෝෂය නොමැති නව අනුවාදය ලබාගැනීමෙන් එම කරදරයෙන් මිදිය හැකියි :)

ඔන්න කාලෙකට පස්සෙ වර්ඩ්ප්‍රෙස් වෙත අලුත් අනුවාදයක් ඇවිල්ල තියෙනව. 2.8 තමයි ඒ. අද උදේ තමයි දැක්කෙ අලුත් එක නිකුත් කරලා කියලා. එතකොට තමයි පත්තු වුණේ. මොකද එතකොටත් පරිවර්තන වැඩ ඉවර වෙලා තිබ්බෙ නෑ. තව තුන්සිය ගානක් ඉවර කරන්න තිබ්බ. ඉතින් මං ටවුමට දුවලා ගිහින් කොණ්ඩෙත් කපාගෙන ගෙදර ඇවිත් දඩි බිඩි ගාලා ඉවරකරලා නිකුත් කරන්න කටයුතු කළා.

පෙනෙන හැටියට නම් 2.8 ගොඩක් හොඳයි. කලින් තිබ්බට වඩා හොඳට විජට්ටු කළමනාකරණය පිළිවෙලකට සකසලා තියෙනව. ප්ලගින කළමනාකරණයත් ටිකක්‍ වෙනස්.

සිංහල අනුවාදය ගන්න ඕන නම් http://si.wordpress.org වෙත යන්න. කෙලින්ම යාවත්කාල කරන්නත් පුළුවන්. දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනව යාවත්කාල කරත් යාවත්කාල කිරීමක් තියෙන බවට පණිවිඩයක් එන එක. ඒක ගැන තවමත් හොයමින් ඉන්නෙ. ඒත් භාවිතයට නම් ඒක ගැටළුවක් වෙන එකක් නෑ. අවුල් තියෙනව නම් වහාම දැනුම් දෙන්න ;)

ඒ වගේම තවත් වීශේෂ දැනුම්දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ගොඩක් අය කාලයක් බලාගෙන ඉඳපු wordpress.com සඳහා සිංහල නිකුත්කිරීම! http://si.wordpress.com

දැනට ටික දවසක් වෙනව මේක සිද්ධ වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා නම් නෑ තවම. හේතුව .org සඳහා සකසපු ගොනු වලින් තමයි මේක දැනට යාවත්කාල කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන වචන වලට පරිවර්තන කටයුතු ඉවර කරන්න ඕන. කොහොම වුණත් පාලක පැනලයේ ගොඩක් කොටස් සිංහලෙන් දකින්න පුළුවන්. දැන් ඉතින් සිංහල පාවිච්චි කරන්න ඕන නම් Profile එ‍කට ගිහින් Interface Language එක සිංහල බාසාවට මාරු කරගන්න. :)

All Hail WordPress! :D

Having trouble reading?

Seeing question marks or squares instead of text? Please visit the Sinhala Setup Guide at sinhalabloggers.com for information on enabling Sinhala Unicode on your computer
Skype Me™!
ගැටලුවක්ද ? අසන්න

Stats

Copyright © 2009 මලින්තගේ සටහන | Malinthe’s Note.

Powered by Wordpress. Theme by WordpressCenter.com.