Caps භාවිතය

කැප්ස් කිව්වෙ මම තොප්පි නෙමෙයි. අර Caps Lock එක දාලා ටයිප් කිරීමට. සමහර වෙලාවට හදිසියට caps lock එක පාවිච්චි වෙනවා තමයි. ඒත් ඒකෙන් අනිත් අයට ‍හිතෙන්නෙ ‘මේ යකාට අසූහාරදාහට තදවෙලා’ වගේ අදහසක්. ඒ හින්දා චැට් වලදී එහෙම caps පාවිච්චි කරන්න එපා! ඒක බොහොම නරක වැඩක් නොවැ! 😆

Sinhala Bloggers Radio

Sinhala Bloggers
Live Web Radio

WMP Winamp

අහා අපේ කාලිංග අයියණ්ඩි රේඩියෝ චැනලයක් කරමින් ඉන්නේ මැරතන් එක වෙනුවෙන්. ඒක නම් මල් හතයි! දැන් ටිකකට කලින් ආනන්දවර්ධනවත් සම්බන්ධ කරගත්තෙ. 😀 තව ටිකකින් සුදාරක මලයාට කතාකරන්න වගේ ලෑස්තිය!

අහන්න මැරතන් රේඩියෝ දැන්ම – FM er… ආ නෑ ඒක එෆ්එම් නෙමෙයි. 😆

නියම සිංදු ටිකක් අහගන්න පුළුවන්. 32Kbps නිසා ප්‍රශ්නයක් නැතුව අහන්න පුළුවන් වේවි.

විශිෂ්ට වෝල්පේපර සඳහා Interfacelift

අනේ වෙලාවකට ටවුමෙ ඇවිදිද්දි සමහරුන්ගෙ කම්පියුටර් දකිනකොට දුක හිතෙනවා. ඇයි හැම තැනම දකින්න තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සමග එන සාමාන්‍ය කසිකබල් Bliss වෝල්පේපරය විතරයි. ගොඩක් අය වෙන එකක් දාගන්න වැඩි කැමැත්තක් නැති පාටයි. ඔව් ඉතින් හොඳ වෝල්පේපර හොයාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. අන්තර්ජාලයේ ඕනෑතරම් වෝල්පේපර තිබ්බට ගොඩක් ඒවා කසිකබල්. දැක්කම එපාවෙනවා. ගොඩක් ඒවා දැක්කම අර තියෙන එක හොඳයි කියලා හිතෙන්නෙ.

දැන් ඉතින් මදෑ මේ කියෙව්වා. මෙන්න නියම වෝල්පේපර අඩවියක්. ඇත්තටම ගොඩක් හොඳ වෝල්පේපර තොගයක් මෙතැනින් ලබාගන්න පුළුවන්. මේක නිකං කිව්වට හරියන්නෙ නෑ. ගිහිල්ලම බලන්න ඕන. 😀

වෝල්පේපර විතරක් නෙවෙයි. මෙතැනින් අයිකන්, තීම්ස් හෙවත් තේමා තොගයක්ම ලබාගන්න පුළුවන්.

ඔන්න ඒකෙ වෝල්පේපරයක එක thumbnail එකක් දැම්මා. ගිහිල්ලා බලන්න තව කොච්චර ඒවා හොයාගන්න පුළුවන්ද බලන්න 😉

Interfacelift

චැහ් දැන් නම් ඇස් දෙක රිදෙනවා. LCD මොනිටරයක් ගත්තනම් හොඳයි කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

මයික්‍රොසොෆ්ට් මහත්වරු

මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. අද ගියා කම්පියුටරේජ් එකට වෙබ්කැම් එක ගන්න. ඒගොල්ලො දැන් ව්‍යාජ මෘදුකාංග විකුණන්නේ නැහැ. ඔරිජිනල් ඒවා පමණයි. ඒ නිසා එතැන ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිං‍හලෙන් ගහන්න ගියාම එපාවෙනවා) එකේ ලොකු පෝස්ටරයක්. පෝස්ටරේ ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පාවිච්චි කිරීමේ වාසි.

හරියටම මතක නැහැ. මෙහෙම එකක් තිබුණා: ව්‍යාජ මෘදුකාංග ඔබේ දත්ත විනාශ කරයි! අපොයි භයානකයි නේද? 😀 ඒකෙ දාලා තියෙනවා ඉතින් තවත් විස්තර ගොඩක්. අප්ඩේට් කරන්න ලේසියි, හොඳ සපෝට් එකක් තියෙනවා ආදී වශයෙන්. ඒත් මට හොඳටම මතක හිටියේ මෙන්න මේක: විනාශකාරී වෛරස් වලින් ආරක්ෂාව!

හපොයි කවදා ඉඳන්ද මයික්‍රොසොෆ්ට් ‍එකේ මෘදුකාංග වලට වෛරස් වලින් ආරක්ෂාව ලැබුණේ? දන්නෝ දනිත්! 😆

මැරතන් දිවිල්ල

ෂැක් ලියන්න ගත්තට කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැනෙ! 😀 දැන් නම් බඩගින්නකුත් එනවා. නිදිමත නම් එතරම් තද නැහැ ඒ හින්දා ගාණක් නැහැ. කාලිංග අයියා දාලා තියෙන්නෙ රේඩියෝ එකක් – ඒකෙ සින්දු අහමින් ලියනවා ඔළුවට එන එක එක ඒවා. චැහ් විනාඩි 15 මදියි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් අපේ IRC චැනලය නම් මාර ජොලි. හැමෝම වගේ ජොලි කතා කිය කියා පිස්සු නටමින් ඉන්නෙ! සුදාරක මලයා විහිළු කර කර ඉන්නෙ ඔය. අනේ ලියන්න දෙයක් නෑනේ!!! මොකද කරන්නෙ?