යුනිකෝඩ් -> අභය පරිවර්තකය

LTRL මගින් සැකසූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය මගින් අභය සිට යුනිකෝඩ් දක්වා පරිවර්තනයක් තිබුණත්, යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් තිබුණේ නැහැ. ඒ නිසා එතැනින් ගත් කේතය මදක් වෙනස් කර යුනිකෝඩ් සිට අභය දක්වා පරිවර්තකයක් සැකසුවා.

FMAbhaya සහ ඒ ආකාරයේ ෆොන්ට් සියල්ල දැනට ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම ෆොන්ට් එකතුව. ලිනක්ස් වලදී මේ ෆොන්ට් වලින් ටයිප් කිරීම කලින් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් මේ මගින් ලිනක්ස් වලදී අභය වැනි ෆොන්ට් යොදාගෙන ටයිප් කිරීමත් පහසු වෙනවා. ඒ වගේම යුනිකෝඩ් වලින් ලියූ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් මුද්‍රණ කටයුතු වලට යොදාගන්නට පුළුවන් වේවි. මේක අටවගන්න හිතුණෙ පහුගිය දවස්වල මාත් කුබුන්ටු දාගත්ත නිසා 😀

මෙතැනින් පිවිසෙන්න: https://projects.malinthe.com/converter

මෙය FMAbhaya ආකා‍රයේ වෙනස් ෆොන්ට් සඳහාත් (FMMalithi, FMBindumathi, FMBasuru ආදිය) සඳහාත් පහසුවෙන්ම පාවිච්චි කරන්නට පුළුවන්. අකුරු ටික කොපි කරගෙන ෆොන්ට් එක මාරු කළාම හරි.

iPhone 3G

Yup, the long awaited iPhone 3G was announced yesterday (or is it today?) However, this 3G baby will be coming on July 11. It’s not gonna be coming to Sri Lanka soon I guess, too bad. Ah but it will be coming to India. Here is the list of countries

So the iPhone will be low in price this time. 8GB=$199 and 16GB=$299. Wow. Buyers will have to sign a 2 year agreement. The consumer data plan will be $30 per month with unlimited data 👿

Well there’s UMTS, HSDPA, GSM, Wi-Fi, EDGE, GPS, and Bluetooth 2.0. Everything you need. 🙄

Hope it comes to Sri Lanka. I’d love to get my hands on one. No point of explaining the details ‘coz everything can be found at the Apple website. But beware, you might drool all over the keyboard 😉

Apple iPhone

Writing in Frustration

මේ දවස්වල මං ඉන්නෙ ලොකු අසහනයකින්. හේතුව මේ අන්තර්ජාල සම්බන්ධතාවය තමයි. දැනට පාවිච්චි කරන මොබිටෙල් සම්බන්ධතාවයේ වියදම දරන්න අමාරුයි. මේ මාසයේ බිල හයදහසකටත් වැඩියි. මේක ගෙවන්නෙ කොහොමද කියලා කල්පනා කරන්න ගිහින් ඔළුවත් අප්සට් වෙලා වගේ.

පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට භාවිතය පාලනය කරන එක බොහොම අමාරුයි. ඒ නිසා මට මාත් එක්කම පුදුම තරහක් ඇතිවෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ වැඩ ඔක්කොම දමලා ගහලා නිකං ඉන්න. එතකොටවත් පාලනය වෙන්නෙ නැතෑ?

මං ජීවත්වෙන්නෙ පුදුම පළාතක. CDMA, ජංගම දුරකථන, රූපවාහිනී වැඩකළාට ADSL හෝ වයිමැක්ස් වැඩ නොකරන එක පුදුමයක්. ADSL ගැන විමසා බැලුවත් දැනගන්න ලැබුණේ මේ පළාතට ඒක ගන්න බැරි බව. ඩයලොග් මගින් වයිමැක්ස් ගැන විමසුවාම දැනගන්න ලැබුණා ආවරණයෙන් පිට බව.

ලංකා බෙල් මගිනුත් වයිමැක්ස් සේවාවක් ආරම්භ කරලයි තියෙන්නෙ. ඒ සේවාව ගැන මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ. කොහොමහරි නිවසටම ඇවිත් පරීක්ෂාවක් කරන්න තරම් ඒ අය කාරුණික වීම සන්තෝෂයට කරුණක්. ඒ කණ්ඩායමක් පහුගිය දවසක ඇවිත් උත්සාහ කළත් කිසිම සංඥාවක් ලබාගන්න බැරිවුණා. ඇයි මං මෙච්චර අවාසනාවන්ත?

දැන් නම් හිතෙන්නෙම මොබිටෙල් අතඇරලා දාන්න. ඒත් ආපහු ඩයල්අප් වෙත යනවා කියන එක බොහොම අමාරු වැඩක්. දැන් සන්ටෙල් ඩයල්අප් සම්බන්ධයේ වේගය මුල් කාලයට වඩා ගොඩක් අඩුයි.

මට මං ගැනම තරහයි.

නුවර ටවුමේ ඉඳන් අපේ ගමට තියෙන්නෙ කිලෝමීටර් හත අටක පොඩි දුරක්. ඇයි මේ දුරට adsl සම්බන්ධතාවයක්වත් ගන්න බැරි?

ෆයර්ෆොක්ස් 3 RC2

ඔන්න දැන් ෆයර්ෆොක්ස් 3 RC2 නිකුත් වෙලා තියෙන්නෙ. ලොකුම විශේෂත්වය සිංහල භාෂාවත් තියෙන එක තමයි. ඊයේ අලුත් දෘඪ තැටියක් ගත්තු නිසා අද උබුන්ටු ස්ථාපනය කළා. වෙන ඒවා ගන්න විදියක් නෑ 😉 ෆෙඩෝරා තැටියක් නම් ළඟදි ලැබෙන්න තියෙනවා. සිංහල ෆයර්ෆොක්ස් දාලා බැලුවා. ලස්සනයි. නියමයි. ආසාවෙ බෑ. 😀

මෙන්න ස්ක්‍රීන්ෂොට් එකක්:

ස්ථාපනය කරගෙන බලන්න. මේක අන්තිම අනුවාදය නොවුණත් පාවිච්චි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා අනුවාද තියෙනවා.

මෙතැනින් ගන්න: http://www.mozilla.com/en-US/firefox/all-rc.html
Update: Link Fixed
Update: මදෑ පාවිච්චි කරලා බලන්නත් කලින් ෂෝක් කිව්වා. බලාගෙන යනකොට ලෙඩ කිහිපයක්. SCIM මේකත් එක්ක වැඩ කළේ නෑ. ඊටපස්සෙ gnome එපාවුණු හින්දා KDE වලට මාරු වුණා. ඒකෙදි මේක පේන්න වස කැත විදියට. හරිම ප්‍රශ්නයක්. 😆

ෆයර්ෆොක්ස් මගින් ඉංග්‍රීසි වචන උච්චාරණය කරන හැටි දැනගන්න

සමහර අලුත් ඉංග්‍රීසි වචන දැනගත්තම ඒක හරියට උච්චාරණය කරන විදිය හොයාගන්න අමාරුයි නේද? ඒ කටයුත්ත දැන් ෆයර්ෆොක්ස් සමග කරන්න පුළුවන්. ඒ Pronounce කියන අමතර එක්කිරීම (addon) මගින්. Pronounce මගින් Merriam-Webster ශබ්දකෝෂ අඩවියේ ඒ ඒ වචන සඳහා නියමිත උච්චාරණ අපට අහන්නට හැකියාව ලබාදෙනවා.

භාවිතය බොහොම සරලයි. Pronounce ස්ථාපනය කළාට පස්සේ අවශ්‍ය වචනයක් තෝරගෙන (highlight කරගෙන) රයිට් ක්ලික් කරලා Pronounce තෝරන්න විතරයි තියෙන්නෙ. ඒ වෙලාවට ස්පීකර් ක්‍රියාත්මක කරලා තියන්න මතක තියාගන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිය ඔබට ඇහේවි.

අවශ්‍ය නම් ඔබේ ටූල්බාර් එක මත රයිට් ක්ලික් කරලා Customize තෝරගෙන, එතැනින් Pronounce කියන බොත්තම එක්කරගන්නත් පුළුවන්. එතකොට ඒ බොත්තම ක්ලික් කළ විට මතුවෙන කවුළුවට අවශ්‍ය වචනය ටයිප් කිරීම මගිනුත් උච්චාරණය අහන්න පුළුවන්.

ෆයර්ෆොක්ස් 3 සමගත් ක්‍රියාත්මක වෙනවා 🙂

Pronounce
Lifehacker සහ gHacks මගිනි.