iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!

කාලයක් බලාගෙන ඉඳල  ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන.  කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා.

ඉතින් සති කීපයක්ම මේ වැ‍ඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර වෙලා අන්තිමේදි වැඩේ අත්හරින තත්ත්වයටම ආවා. අන්තිමේදි මොකද කරේ, ඇපල් වලට සිංහල ෆොන්ට් එකක් හදපු නිකලස්ට කතාකරා. මං නික්ගෙ ෆොන්ට් එකෙන් Arial එකට කොපි කරල හදපු ෆොන්ට් එක එයාටම දුන්නා. නික් ඒකට අවශ්‍ය script එක දාල දුන්නා. මේ ෆොන්ට් එක ෆෝන් එකට දාල බැලුවම වැඩේ ගොඩ! පුදුම සතුටක් තමයි එවෙලෙ ඇතිවුණේ. මං ඒක දැකපු ගමන් කෑගහපු හැටි ඇහුණනම් කට්ටිය බිම පෙරලි පෙරලි හිනාවේවි 😀

කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න 😉

මේ තියෙන්නෙ අයි‍ෆෝන් එකේ දැන් සිංහල පේන විදිය තමයි. සමහර තැන් වල තාම පොඩි පොඩි අවුල් එනවා. ඒවා ඉදිරියේදි හදාගන්න පුළුවන් වේවි.

යතුරුපුවරුවක් හදාගන්නත් ඕන සිංහල ටයිප් කරන්න. කරන විදිය ගැන තාම අදහසක් නෑ. කන්වර්ටර් එකකින් නම් කරගන්න පුළුවන්. ටිකක් එහෙම කරල බැලුවා. සාර්ථකයි.

ඉතින් මේ තොරතුරු අස්සෙ අද සූර්යග්‍රහණයකුත් වුණානෙ. දවල් ට්විටර් එකේ සද්දෙ ඇහෙනකොට තමයි ගිහින් බැලුවෙ. ඊටපස්සෙ මල්ලිත් එක්ක කැමරාවක් අටවලා ෆොටෝ ටිකක් ගත්තා. වටපිටාව බොහෝ දුරට අඳුරු වුණා. උෂ්ණත්වයත් අඩුවුණා. නියම අත්දැකීමක්.

කැමරාව අටවගත්තෙ පරණ කැසට් එකක් කඩලා ගත්ත ටේප් වලින් 😀

මගේ ෆොටෝ බ්ලොග් එක ආයෙමත් පටන්ගත්ත. ගිහිල්ල බලන්න: malinthe.info

29 thoughts on “iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!

  1. “කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න”

    අනේ පිං සිද්ද වෙච්චාවෙ, මටත් ඔය ෆෝන්ට් එක එව්වානම්…
    kasunchandana@yahoo.com

  2. thank you for sharing this.

    I have some questions if you can please answer them.

    1) does the iphone 3g work in sri lanka?
    2) can it be unlocked in Sri Lanka if i get one?

  3. මලින්ත මට ෆොන්ට් එක එවන්න පුලුවන්ද? ravinsp@gmail.com

    මම මගෙ iPhone2G එකේ දාල වැඩ කරනවද කියන්නම්. මේක officially distribute කරන්න විදිහක් හොයාගන්න බැරි වෙයිද?

    1. එව්වා.

      කාලිංගයි මමයි කතාකරා ඕක කරන්න පුළුවන් විදියක් ගැන. අපට මුල ඉඳන්ම කරන්න පුළුවන් නම් හරියයි. ඒත් ලේසි නෑ වැඩේ මොකද ඒ‍ ෆොන්ට් එකේ වෙන භාෂා වල අකුරුත් ගොඩක් තියෙන නිසා.

      1. Thank you මචං.. මේක iPhone2G එකෙත් වැඩ (3.1.2). මේ project එකට සහභාගි වුනු සියලුම දෙනාට තුති!

Leave a Reply to sasika Cancel reply

Your email address will not be published. Required fields are marked *