ගූගල් ජීමේල් 2.0 නිකුත් කරන්නටද සූදානම? | Is google rolling out Gmail 2.0?

අද උදේ ජීමේල් ලෝඩ් කරනකොට තමයි මේ අලුත්ම වෙනස දුටුවේ. ආරංචි හැටියට නම් මේ ජීමේල් 2.0 නිකුත් කිරීම මේක වෙන්නට පුළුවන්. කොහොම වුණත් එතරම් වෙනසකම් මුලදි පේන්න නැහැ. නමුත්, මෙම නව ජීමේල් අනුවාදයත් සමග පණිවිඩ ප්‍රවේශනය කිරීම නම් ඉතාමත් වේගවත් වෙලයි තියෙන්නේ. සාමාන්‍යයෙන් වේගවත්ම සම්බන්ධතාවයක වුණත් පණිවිඩයක් ලෝඩ් කරනකොට වේගයේ පොඩි අඩුවක් ‍තියෙනවා නේද? දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. තවත් අලුත් වෙලා තියෙන එකක් තමයි Contacts Managment – මේකට සිංහල වචනයක් හොයාගන්න බොහොම අමාරු වුණා. 🙂 දැන් ඒකත් භාවිතය ගොඩක් පහසුයි.
නව ජීමේල් අනුවාදය සහය දක්වන්නේ ෆයර්ෆොක්ස 2 සහ ඉන්ටර්නේට් එක්ස‍ප්ලෝරර් 7 වලට පමණයි (දැනට!) ඉදිරියේදී අනිත් මාදිලිත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබටත් සමහරවිට නව අනුවාදය ලැබී ඇති. ලැබිලානම්, උඩ දකුණු කෙළවරේ Old Version නම් සබැඳුමක් ඇති. ඒත් ඉතින් අලුත් මාදිලිය ආවම පරණ එක ඕන කාටද? 😀 ඉදිරියේදී තවත් විශේෂාංග ලබාදෙන බවට ගූගල් සහතික වෙලා තියෙනවා. අපිත් ඉතින් බලාපොරොත්තුවෙන් ඉමු!

ප්ලේස්ටේෂන්3 ඉවත්කිරීම නිසා මව්පියන් මැරීමට තැත් කළ අයෙක් | A guy who tried to kill parents for removing a Playstation3!

කෝරි රයිඩර් නැමැති 16 හැවිරිදි අයෙක් තම ප්ලේස්ටේෂන් 3 යන්ත්‍රය ඉවත්කිරීම හා රූපවාහිනිය තහනම් කිරීම හේතුවෙන් තම මව්පියන් මරා දැමීමට කොන්ත්‍රාත්තුවක් ලබාදීමට උත්සාහ කර ඇත! වාසනාවට මෙන් මෙම කොන්ත්‍රාත්තුව භාර ගැනීමට සිට ඇත්තේ ඔහුගේ මව විසින් කලින් දැනුම් දී සූදානම් වූ පොලිස් නිලධාරියෙකි. පොලිසිය පවසන අන්දමට මොහු මේ සඳහා ගෙවීම වශයෙන් සුළු පියාගේ පිකප් රථය දෙන්නට සූදානම් වී ඇති අතර, ‘මේ වැඩේට බුලට් (උණ්ඩ) දෙකක් පමණයි’ යැයි කිවූ බවද වාර්තා වේ. මේ පිළිබඳව නඩු විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

ගිස්මෝඩෝ මගිනි

A 16 year old boy named Cory Ryder has tried to kill his parents by contacting an hitman. Cory has made the decision because his parents removed his Playstation3 and and forbid watching TV. Luckily, the hitman was a police officer hired by Cory’s mother. According to the police Cory had said that all it will take is two bullets for the job. He had offered his stepfather’s pickup truck as payment. Cory is currently standing trial.

Via Gizmodo

බෝංචි කනවා වගේ ලෝන්ච් කරන්න: ලෝන්චි | Launch like a pro with Launchy!

ඩෙස්ක්ටොප් එකේ අයිකන් තොග පුරවගෙන නැත්නම් ආරම්භක මෙනුව පුරා දුව දුව, ඒත් නැත්නම් අර මං කලින් කිව්වා වගේ ප්‍රෝග්‍රෑම් දහයක් දොළහක් විතරක් දාන්න පුළුවන් ඩොක් එකක් දාගෙන වැඩසටහන් දියත් කරපු කාලය ඉවර කරන්න ලෑස්ති වෙන්න. ලෝන්චි, තවත් එක වැඩසටහන් දියත්කරණයක් නෙවෙයි. වැඩසටහන් දියත් කිරීම වගේම තවත් වැඩ තොගයක් එකවර කරන්න පුළුවන් නියම මෘදුකාංගයක්! ඇපල් පරිගණක භාවිතා කරන අය ඉන්නවනම් දන්නවා ඇති ක්වික්සිල්වර් ගැන. ඇපල් වලට ක්වික්සිල්වර් වගේ වින්ඩෝස් වලට තියෙන මෘදුකාංග වලින් එකක් තමයි මේ ලෝන්චි කියන්නේ.

මොකක්ද ඇත්තටම මේ ලෝන්චි වලින් වෙන්නේ? සරලයි. ලෝන්චි ස්ථාපනය කළාට පස්සේ වින්ඩෝස් ඇරඹෙන හැම වතාවකම එය පසුබිමින් ප්‍රවේශනය වේවි. ප්‍රවේශනය වී ඔබේ පරිගණකයේ ප්‍රධානම මෘදුකාංග, කෙටි මං, ෆයර්ෆොක්ස් පොත් යොමු (Bookmarks), පාලක පැනලයේ වැඩසටහන් සියල්ලම සූචිගත කරගනීවි. ඉන්පස්සේ එහි සාමාන්‍ය යතුරුපුවරු කෙටි මග වන Alt+Space ඇතුල් කළ විගස දිස්වේවි. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔබට අවශ්‍ය දේ යතුරුලියනය කිරීම පමණයි. ඔබට අවශ්‍ය දේ දන්නා ලෝන්චි ක්ෂණිකවම දියත් කර දේවි!

මෘදුකාංග දියත් කිරීම පමණක් නෙවෙයි. ෆයර්ෆොක්ස් පොත් යොමු (කලින් කිව්වා නේද?), දෘඪ තැටියේ ෆෝල්ඩර හා ගොනු, අපට අවශ්‍ය ගොනු, අපට අවශ්‍ය විධාන දියත් කිරීමත්, සරල ගණක යන්ත්‍රයක් ලෙස කටයුතු කිරීමත් ලෝන්චි හි තවත් විශේෂ හැකියාවන්. හැඩ වැඩ වැඩිකරගන්න ලස්සන පැළඳුම් (Skins) ටිකකුත් තියෙනවා. ටික දිනක් පාවිච්චි කරලා දැන් නම් ලෝන්චි නැතුවම බැරි මෘදුකාංගයක් වෙලයි තිබෙන්නේ. ඔබටත් එහෙම වෙයිද? උත්සාහ කරලා බලන්න. [ලෝන්චි]

The time when you placed hundreds of icons on your desktop, the time when you ran through menus in the start menu, the time you used docks that hold a few programs is going to end. Launchy: it’s not another launcher. It’s cool program that’ll launch programs and do many stuff for your convenience. If there’s any Apple users, they’ll know Quicksilver. Launchy is like Quicksilver for Windows. Believe me, it’s a wonderful little program.

What does launchy do, anyway? Simple. After you install launchy it’ll load automatically everytime when you load Windows (or Windoez, whatever you like 😀 ) After loading it’ll index your program shortcuts, Firefox Bookmars, Control Panel Applications etc. Then comes the magic. Just hit Alt+Space (it’s the default, you can change it later) and type away what you need. Launchy will know what you need and it’ll launch it right away!

Not just launching programs. As I said before Launchy launches Firefox Bookmarks, Common Websites (like Google) Files and Folders, Commands etc. You can specify what you need to index anytime. Plus it gives a simple calculator to do calculations. Need more eyecandy? Launchy gives you skins support. At the moment, Launchy is becoming a program I can’t live without. Will you? Try it out. [Launchy]

Gmail IMAP

ජීමේල් මගින් දැන් POP වලට අමතරව IMAP සේවාවද ඇතුළත් කර ඇත. ඔබගේ ගිණුමේත් IMAP ඇත්දැයි පරික්ෂා කර බැලීමට Settings වෙත යන්න. එහි Forwarding and POP වෙනුවට Forwarding and POP/IMAP ලෙස සඳහන් වී ඇත්නම් ඔබගේ ගිණුමේත් IMAP සහය සක්‍රිය කර ඇත. ඔබගේ ඊමේල් මෘදුකාංගය සඳහා IMAP සැකසුම් ලබාගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.

Gmail has enabled IMAP support to most of it’s accounts. If you want to check if it’s available or not, go to Settings in Gmail. If there is a tab named Forwarding and POP/IMAP instead of Forwarding and POP congrats, you now have IMAP support in your gmail account. To get info on configuring your email client for IMAP, please visit this page.