මොන බාර්? ෆූබාර්! | What Bar? Foobar!

මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ විනැම්ප්. ෆූබාර්2000 ගැන කලින් අහලා තිබුණත් පාවිච්චි කරන්න හිතුණේ නැහැ. ඊයේ දැකපු ස්ක්‍රීන්ෂොට් එකකින් තමා ෆූබාර් පාවිච්චි කරලා බලන්න හිතුණේ. හිතුවටත් වැඩිය හොඳයි. අමතර එකතුකිරීම් ගොඩක් ලබාගන්න පුළුවන්. ප්‍රමාණයත් ඉතාම කුඩායි. උත්සාහ කර බලන්න: ෆූබාර්2000

I normally use Winamp for my music. I’ve heard about foobar2000 before. But never used it becaused it looked ‘poor’ in eye-candy. After seeing some dainty screenshots of foobar2000 in action, I thought I’ll give it a try. It’s extremely fast since it has a small memory footprint. And it’s highly customizable. Give it a try: foobar2000

වෛරස් මේනියාව | Virusmania!

මං ළඟදි පෙන්ඩ්‍රයිව් එකක් ගත්තා කියලා කිව්වා නේද? ඔන්න ඒකෙ පිහිටෙන් දැන් සීඩී නාස්ති කරන්නෙ නැතුව ෆයිල්ස් එහා මෙහා ගෙනියනවා. ඒත් ඉතින් සීඩී වගේ නෙමෙයි. මේ පෙන්ඩ්‍රයිව් පාවිච්චි කරන ගොඩක් පරිගණක වල වෛරස් තොග පිටින් හැමදාම ඩ්‍රයිව් එකට එනවා. සීඩී වලට ගොඩක් වෙලාවට ආයෙම මුකුත් Write කරන්නෙ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය කැමති නැහැ මේ වගේ වෛරස් මැෂින් එකට එනවට. ඒ වුණාට මට දැන් ළඟකදි ඉඳන් වෛරස් එන එක සතුටක් වෙලා! 😀 විහිළුවක් නෙමෙයි.

දැන් මං සාමාන්‍යයෙන් ෆොටෝස් ප්‍රින්ට් කරගන්න ගෙනියන්නෙ නුවර ෆොටෝ ප්‍රින්ටින් ආයතනයකට. එතන මැෂින් වල පෙන්ඩ්‍රයිව් හරහා පැතිරෙන වෛරස් ගොඩක් තියෙනවා. (විශේෂයෙන්ම W32/Autorun.bd Worm එක.) පළමු වතාවටම මේ කරදරේ ආවම පුදුම තරහක් ආවේ. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ති‍බුණු නිසා ඒකට අහුවුණත්, Registry එකේ පොඩි සැකසුමක් වෙනස් වුණා. ඒකත් හදාගත්තට පස්සේ සියළුම ධාවක වලින් Autoplay ක්‍රියාවිරහිත කළා. දැන් නම් ප්‍රශ්නයක් නෑ. මේ සිදුවීම වුණාට පස්සේ ආයෙමත් පරණ විදියට සීඩී වලින් ෆයිල්ස් ගෙනියන්න කියලා අවවාද ලැබුණත් එහෙම කරන්න හිතුණේ නෑ. දැන් හැමදාම ගෙනියන්නේ පෙන්ඩ්‍රයිව් එක. වෛරස් එකකුත් අනිවාර්යයෙන්ම වගේ තියෙනවා. ඒ වුණාට ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් ඒක අල්ලගන්නකොට හිතට දැනෙන්නේ අමුතුම සතුටක්! 😀

I bought a pendrive recently. I told you, didn’t I? Well thanks to my obedient device I move files around without wasting cd’s. But unlike cd’s, it gets infected with viruses whenever I plug it in to another pc. Most people don’t like it. (Yeah, who likes viruses wiping out their whole hard drive? :D) But hell, I happen to like these viruses! 😀 I’m not joking.

I usually Print photos from a photo printing shop in Kandy city. Most of the pc’s running there holds tons of viruses. Mostly notorious little brats which spread through Pendrives. (Specially W32/Autorun.bd Worm) When I first got (almost) infected, it pissed me off. Well the AV caught it – but it changed some registry settings that took a long time to fix. After fixing that, I’ve disabled autoplay from all drives to keep it secure. I got advices to take files on cd’s like the good old days – but I didn’t. I take the pendrive every time and when I bring it home with a virus, when the Antivirus program catches it – it just feels good! 😀

රවුම් එල්සීඩී තිරයක් | A Round LCD Screen

ටොෂිබා මට්සුෂිටා සමාගම විසින් නිපදවන ලද නවතම එල්සීඩී තිරයයි මේ. සාමාන්‍ය ඍජුකෝණ හැඩැති තිර වලට වඩා නවතම මගක් ගත් මෙම තිරය රවුම් තිරයක්! වාහන වල භාවිතය සඳහා විශේෂයෙන්ම නිපදවා ඇති මෙහි විෂ්කම්භය අඟල් 2.95 ද, ඝනකම අඟල් 0.43 ද, දැකිය හැකි ප්‍රමාණය අඟල් 2.44 ද වන අතර වර්ණ 260,000 සහය දක්වයි.

සොයාගත්තේ technabob මගිනි.

This is the Toshiba Matsushia’s newest LCD Screen. Yup, it’s round. A diversion from the standard rectangular screen, this LCD is intended for vehicle instrumental panels. The whole thing is 2.95″ in diameter with a thickness of 0.43″. Viewable area is 2.44″ and it supports 260,000 colors.

Found via technabob

පරාජිතයන්ගේ සමාජය | Community for Loosers

ජීවිතේ කවදාහරි අසීමිත විදියට ලජ්ජාවට පත‍්වෙලා තියෙනවද? අකරතැබ්බ වලට මුහුණ පාලා තියෙනවද? එහෙම වෙලා තියෙනවනම්, ඒ ගැන අනිත් අයට කියන්නත්, වෙනත් අයගේ ඒ වගේ කතා අහන්නත් මෙන්න දැන් අලුත් සමාජයක්! Loosr.com – පහළින් ඇති උපුටාගත් සටහනක්.

Have you been embarassed in your life? Have you faced unexpected incidents that made you look like a dork? If you have, tell others about it, read other ‘Life Sucks’ stories at Loosr.com – a community just made for guys like us. Yeah, For Loosers! 😀

Here’s an excerpt: I was saving money for months for my trip to China. On the second day of the vacation I had dinner which made me so sick that I spent the rest of the two weeks in bed, throwing up continously.

Loosr.com

ගූගල් මගින් වේලාව සොයන්න | Find Time with Google

ගූගල් මගින් වේලාව සොයාගන්න පුළුවන් බව දන්නවාද? ලෝකයේ ඕනෑම තැනක වේලාව ඉතාමත් පහසුවෙන් හොයාගන්න දැන් ගූගල් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා ගූගල් සෙවුම් කොටුවේ Time යන්න සඳහන් කර ඉන්පසු ඔබට වේලාව අවශ්‍ය නගරයේ හෝ රටේ නම ඇතුල් කරන්න සෙවීම ක්ලික් කරන්න. Time යන්න පමණක් සඳහන් කළොත් ඔබ අයත් රටේ වේලාව දැකගන්නට හැකිවේවි. 😀

ලයිෆ්හැකර් මගිනි

Do you know you can find time with Google? Yep, you can find the time of any place in the world with Google. Simply enter ‘Time’ and enter the City or Country after that. You’ll get the current time of the place you entered. If you just enter Time without any Country or City, you’ll get the current time of your country, probably 😀

From Lifehacker