ඩ්‍රොප්බොක්ස් | DropBoks

ප්‍රමාණයෙන් විශාල ගොනු හුවමාරු කරන වෙබ් අඩවි සිය ගණනක් ඇති. නමුත් මේ තියෙන්නේ ගොනු හුවමාරු ක්‍රමයක්ම නෙවෙයි. ඩ්‍රොප්බොක්ස් මගින් ඔබට අවශ්‍ය ගොනුවක් ආරක්ෂා සහිතව අන්තර්ජාලයේ ගබඩා කර තබන්නට පුළුවන්. දැනට ගිගාබයිට් එකක ඉඩක් ලබාදෙන මෙහි භාවිතා කළ හැක්කේ මෙගාබයිට් පනහක (50MB) ගොනු පමණයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ HTTPS හා සංකේතනය මගින් ඔබේ ගොනු ඉතා ආරක්ෂිතව තබාගැනීමයි. ඉදිරියේදී ගොනු හුවමාරු පහසුකම්ද ලබාදෙන බව ඔවුන්ගේ බ්ලොග් අඩවියෙහි සඳහන් කර තිබුණා. ඩ්‍රොප්බොක්ස්

There must be hundreds of File Sharing Sites all over the Internet. But this is not another File Sharer. Dropboks lets you Store your files on the Internet with high security. It currently provieds 1GB of storage and there’s a file size limit of 50MB. It’s specialty is it switches to HTTPS when you log in. Your files are encrypted so they have maximum security. Dropboks will offer File Sharing in the near future. Dropboks

“HTTPS is used to indicate a secure HTTP connection. It refers to the combination of a normal HTTP interaction over an encrypted Secure Sockets Layer (SSL) or Transport Layer Security (TLS) transport mechanism. In a nutshell, HTTPS ensures protection from eavesdroppers and man-in-the-middle attacks.” -Dropboks

ගූගල් රීඩර් දෘෂ්‍ය වෙනස්කම් | Google Reader Visual Upgrade

ගූගල් රීඩර් හි දෘෂ්‍ය වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව දුටුවා. සෙවුම් යන්ත්‍රයක් එක්කර ඇති අතර කලින් තිරය මැද තිබූ Loading… සංවාද කොටුව වෙනුවට එය ඉහළට ගෙන කුඩා කර තිබෙනවා. වැඩි දෙයක් නම් නෙමෙයි ඒත් වාර්තා කරන්න හිතුණා.
Google Reader’s got some visual upgrades. Now there’s a Search Box in the Top, and the Loading Dialog Box which appeared in the middle has been taken to the Top, and the Size has been reduced. It’s nothing much though I though should report.

නව අයිපොඩ්: ටච් | New iPods: Touch

දැන්, සියළු අයිපොඩ්වල නවතම විප්ලවය හමුවෙන්නට සූදානම් වන්න. ඔව්. අයිපොඩ් ටච්. ඔබට මතක ඇති මීට කිහිප දිනකට පෙර අයිෆෝන් මගින් කළ විප්ලවය. මේ තිබෙන්නේ අයිෆෝන් එකමයි, නමුත් ‘ෆෝන්’ එක නැතුව. නව අයිපොඩ් ටච් මාදිලිය මීට‍ පෙර පැවති සියළුම අයිපොඩ් වලට වඩා වෙනස් මගක් ගන්නක් බව පෙනෙනවා ඇති. 8GB හා 16GB මාදිලි වලින් නිකුත්වෙන මෙම නව අයිපොඩ් මාදිලියේ විශේෂාංග ඇත්තෙන්ම විශේෂයි. බහුස්පර්ශක අඟල් 3.5ක තිරයක් තිබෙන මෙහි වටපිටාවේ ආලෝකය අනුව තිරයේ ආලෝක මට්ටම සැකසීමේ ක්‍රමයක් තිබෙනවා. බහුස්පර්ශක තිරය නිසා ඔබට සියළුම කටයුතු ඇඟිලි වලින් කරන්නට පුළුවන්. (අයිෆෝන් මෙතරම් ජනප්‍රිය වූයේ ඒනිසා තමයි!) මෙහි ඇති ත්වරණමානය ඔබ අයිපොඩ් එක තබාගෙන සිටින්නේ කුමන අතටදැයි (සිරස් හෝ තිරස්) සොයාගෙන ඒ අනුව තිරය සකසන්නට සමත්. වෙනත් අයි‍පොඩ් වලට වඩා විශාල තිරය මගින් වීඩියෝ නැරඹීම විනෝදජනක කටයුත්තක් වන බව කිසිම සැකයක් නැහැ. පින්තූර 20,000 පමණ ගබඩා කරගන්නට සමත් මෙහි වෝල්පේපරයට ඔබට කැමති පින්තූරයක් යොදාගන්නටත් පුළුවන්. සෆාරි බ්‍රවුසරයක් හා යූටියුබ් සහය සමග, වයිෆයි අන්තර්ජාල සබඳතාවයද මෙහි තිබෙන තවත් විශේෂාංගයි. ගණන $299 සිට ඉහළටයි.
Now, meet the revolution. Yep, the iPod Touch. If you can remember the iPhone craze, here’s the iPhone without the Phone. 😀 This model takes the iPod to a whole new level. Released in 8GB and 16GB models, this pod got some serious features. The Multitouch 3.5 inch display adjusts it’s brightness relative to the ambient light. And thanks to the Multitouch screen, you can do almost everything with your fingers. An accelerometer find how you are holding the pod (horizontal or vertical) and adjusts the display accordingly. Since the screen is larger, you can enjoy videos like never before. With ability to store 20,000 photos, you can even chose your own wallpaper to customize this baby. With a Safari Browser, Youtube support and Wi-Fi Internet Access, this rocks like never before. Priced at $299 and higher.

Via Apple

නව අයිපොඩ්: ක්ලැසික් | New iPods: Classic

අයිපොඩ් ක්ලැසික්, ගිගාබයිට් 160ක ඇදහිය නොහැකි තරමේ ධාරිතාවයක්! කොටින්ම කියතොත් ගීත 40,000ක්! වීඩියෝ පැය 200ක්! කලින් ආ මාදිලි වලට වඩා ඝනකමින් තුනී මෙම අයිපොඩ් ක්ලැසික් මාදිලිය, පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්වය අතින්ද අති විශිෂ්ටයි. සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් නිපදවා ඇති මෙහි වර්ණ දෙකක් පමණයි ඇත්‍තේ. නැනෝ මාදිලියේ මෙන්ම මෙහිද ඇල්බම් කවර මගින් ගීත ‍වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය පරිදිම වීඩියෝ හා පින්තූර මෙන්ම නැනෝහි මෙන් අමතර විශේෂාංගද තිබෙනවා. මෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙයටම ආවේණික වූ සෙවුම් යන්ත්‍රයක් තිබීමයි. ගීත 40,000කින් ඔබට අවශ්‍ය ගීතය සොයාගන්න පුළුවන්ද සෙවුම් යන්ත්‍රයක් නැතිව? ගණන $249 සිට ඉහළටයි.


The iPod Classic, 160 gigs of extreme capacity! 40,000 songs! 200 hours of video! 😀 Even thinner than previous iPods, this simply kicks @$$! Completely made out of Aluminum, this baby comes in two colors only. Like in the Nano it provides Cover Flow, Video, Pictures and Extra Features. But this needs an additional feature since you can get 40,000 songs in there. Yep, it’s a Search. Priced at $249.

The iPod Classic, 160 gigs of extreme capacity! 40,000 songs! 200 hours of video! 😀 Even thinner than previous iPods, this simply kicks @$$! Completely made out of Aluminum, this baby comes in two colors only. Like in the Nano it provides Cover Flow, Video, Pictures and Extra Features. But this needs an additional feature since you can get 40,000 songs in there. Yep, it’s a Search. Priced at $249.

Via Apple

නව අයිපොඩ්: නැනෝ | New iPods: Nano

ඇපල් සමාගම නව අයිපොඩ් කීපයක් නිකුත් කළා. නව අයිපොඩ් ෂෆල්, නැනෝ, ක්ලැසික් සහ ටච් යන මාදිලි හතර තමයි නිකුත් කර තිබෙන්නේ. පෙර තිබූ අයිපොඩ් වලට වඩා විශේෂාංග වලින් සපිරි මේ නව අයිපොඩ් කිහිපය නම් විශිෂ්ටයි. 😀 නව අයිපොඩ් නැනෝ මාදිලිය: හැඩය මදක් වෙනස් මේ මාදිලිය දැන් වීඩියෝ සහය දක්වනවා. වර්ණ පහකින් එළිදැක්වෙන මෙම මාදිලියේ 4GB හා 8GB මාදිලි දෙකකින් ලබාගත හැකියි. ඝනකම් මිලිමීටර් 6.5ක් පමණයි. නව අතුරුමුහුණත මගින් ඇල්බම් කවර මගින් ගීත වාදනය කළ හැකියි. පෙර මාදිලියට වඩා මෙහි තිරය දීප්තියෙන්ද වැඩියි. ‍මෙහි නව ක්‍රීඩා කිහිපයකුත් තිබෙනවා: Vortex, iQuiz, and Klondike යන නම් වලින්. දින දර්ශනය, ලිපින පොත, තිර අගුල, ලෝක ඔරලෝසුව ආදී විශේෂාංග කිහිපයක්ද එක් කර තිබෙනවා. Stopwatch එකකුත්! ගණන $149 සිට ඉහළටයි.

Okay, Apple has released the All New iPods. Brand new, totally redesigned Shuffle, Nano, Classic, and Touch are the newest generation of the iPod Family. With more and more features than it’s predecessors, these babies are rocking! 😀 The New Nano: It’s redesigned, and it now supports video. With 5 colors and two models of 4 and 8 gigs, these are totally cool. At 6.5mm it’s thin as a wafer. New interface let’s you browse songs from the album. You now got games too: Vortex, iQuiz and Klondike – though I don’t know how they are played 🙂 You can also get a Calendar, Address Book, Screen Lock, World Clock and a Stopwatch! Priced at $149.

via Apple