වෙබ් අඩවි වල පින්තූර නැරඹීම සඳහා හඳුන්වා දෙන මෘදුකාංගයකි. ඉතාමත් පහසුවෙන් ෆ්ලිකර්, ගූගල් පින්තූර, යාහූ පින්තූර, ෆ්‍රෙන්ඩ්ස්ටර්, පිකාසා වෙබ් ඇල්බම්, ෆේස්බුක් ආදියේ පින්තූර තිරය පුරා රසවිඳීමට හැකියාව ලැබේ. ෆයර්ෆොක්ස් හා සෆාරි සඳහා පමණයි දැනට නිකුත් කර ඇත්තේ. පික්ලෙන්ස්
උබුන්ටු 7.04
මා ටික දිනකට කලින් ඉල්ලූ උබුන්ටු සීඩී තැටි ලැබුණේ ඊයේ. හිතුවටත් වඩා ඉක්මණින්! දැන් ඉන්ස්ටෝල් කරන්නයි ලෑස්තිය. ටිකක් භාවිතා කර බැලුවා. මම කලින් පාවිච්චි කරපු ෆෙඩෝරා වලට වැඩිය නම් ගොඩක් හොඳයි වගේ.
ගූගල් ටෝක් සැමවිටම මතුපිට තබාගන්න
ගූගල් ටෝක් හි විශේෂාංගයකි. ඔබට සැමවිටම එය සියළු කවුළු වලට මතුපිටින් තබාගැනීමට (Always On Top) අවශ්‍ය නම් කළ යුත්තේ ඉතා සරල කටයුත්තකි. Registry Editor වෙත ගොස් HKEY_CURRENT_USER\Software\Google\Google Talk\Options වෙත යන්න. එහි නව DWORD අගයක් show_pin යන නමින් සකසා, එහි දත්තය 1 ලෙස සකස් කරන්න. මෙමගින් ගූගල් ටෝක් හි කුඩා පින් එකක් පෙන්වනු ඇත. මෙය ක්ලික් කිරීම මගින් එය සියළු කවුළු වලට මතුපිටින් තබාගැනීමේ පහසුව ලැබෙනු ඇත.
විවෘත කිරිමේ කවුළුව මගින් ගොනු වර්ග තේරීම
විවිධ ගොනු වර්ග විශාල සංඛ්‍යාවක් පිරුණු බහාලුමකින් එක් වර්ගයක ගොනු තේරීම ලේසි පහසු කටයුත්තක් නොවන්නටත් ඉඩ තිබෙනවා. අවශ්‍යනම් ගොනු වර්ග තේරීමේ Dropdown ලැයිස්තුව මගින් තේරීම කළ හැකි වුවත්, ඊටත් වඩා පහසු ක්‍රමයක් තිබෙනවා. කළ යුතු වන්නේ asterisk සලකුණක් (වින්ඩෝස් වලදී වයිල්ඩ්කාඩ් ලෙස යොදාගැනෙන *) ටයිප් කර අවශ්‍ය ගොනු වර්ගයේ extension එක ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් ලෙස ඔබ *.png ටයිප් කර එන්ටර් කළහොත් ඔබට යම් බහාලුමක තිබෙන පින්ගා ගොනු වෙන්කරගත හැකියි.
තවත් දුර මෙය ගෙනයනවානම් යම් ගොනුවක තිබෙන නමෙන් කොටසක් පවා asterisk එකක් යොදා ගනිමින් වෙන්කරගත හැකියි. උදාහරණයක් ලෙස *trip* යන්න සටහන් කළහොත් Trip යන වදන තිබෙන සියළුම ගොනු වෙන්කරගත හැකියි. මෙය වින්ඩෝස් වල පැවති පහසුකමක් වුවත්, දැනගන්නට ලැබුණේ ලයිෆ්හැකර් මගිනුයි 😀
(ලයිෆ්හැකර් හරහා)
ගූගල් මුහුණු සෙවුම
ගූගල් පින්තූර සෙවුමට එක්කළ නව විශේෂාංගයකි. උත්සාහ කර බලන්න. මෙන්න ක්‍රමය:
1. කාගේ හෝ නමක් සොයන්න. (උදා: පැරිස්)
2. සෙවුම් ප්‍රතිඵල URL අගට &imgtype=face එක්කරන්න
3. දැන් ඔබට ලැබෙන්නේ පැරිස් හිල්ටන්ගේ පින්තූර පමණයි! (වෙනත් අයගේද තිබිය හැකියි. නමුත් මුහුණු පමණයි.)
(ලයිෆ්හැකර් හරහා)