Another ‘ala’ day

ඔන්න තවත් දවසක් උදාවුණා විදුලිය නැතුව. ඊයෙ දවසත් මේ වගේම තමයි. ඉතින් කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ඉන්නකොට තමයි මේක ලියන්න හිතුණෙ.

ෆෝන් එකෙන් සිංහල ලියන එක දැන් ටිකක් පුරුදුයි. ෆෝන් බ්‍රවුසරය හෙමින් වැඩ කරන නිසා ඔපෙරා වලට හරියන්න ටිකක් වෙනස් කරා. ඒත් ඉතින් මේකෙන් ටයිප් කරන එක ගොඩක් වෙලා යන වැඩක්.

ඊයෙ විදුලිය නැති හින්දා පිස්සුවෙන් වගේ හිටියෙ. මම විදුලි බලයෙන් වැඩ කරන රොබෝ කෙනෙක් වෙලාද මන්දා. මොනිටර් එකකින් එලියක් පේන්න නැතිනම් හරිම අමාරුයි. එක නිකන් ජීවිතේට නැතුවම බැරි දෙයක් වෙලා. අන්තිමයි.

ලියන්න දෙයක්වත් හිතාගන්න බෑ. මොළේ නිකං හයිබර්නේට් වෙලා වගේ.

Posted in Uncategorized

Airtel, SLT ‍නිමා නොවන චාරිකාව සහ තවත් කතා

ඔන්න ඉතින් අද ගියා ටවුමට. මේ පාර මොබිටෙල් එකේ දත්ත භාවිතය සතියකට විතර කලින් පැනපු හින්ද හරිම අවුලක් වෙලා තියෙන්නෙ. ඉතින් එයාටෙල් එකේ අන්ලිමිටඩ් පාරක්වත් දාගන්න ඕන කියලා කල්පනා කරා. සම්බන්ධතාවය නම් එච්චරම stable නැති කතාවකුත් ඇහුණා. ඒත් ඉතින් අන්ලිමිටඩ්නෙ 😀

කොහොම වුණත් ඉතින් මෙහෙට අනිවාර්යයෙන්ම සංඥා ප්‍රශ්න එන බව දන්න හින්දා සහ network search එකක් දැම්මම එයාටෙල් එක පේන්නෙවත් නැති හින්දා මුලින්ම prepaid එකක් ගන්න කල්පනා කරා.

ඉතින් ගියා Airtel එක පැත්තට. ගත්තා ප්‍රීපේඩ් සිම් එකක්. මෙතන පාරිභෝගික සේවාව නම් ගොඩක් හොඳ පාටක් පෙනුණා. කලින් පාරක් ඩයලොග් එකට ගිහින් හිටපු එක්කෙනෙක්ගේ බෙරි වුණු අල සේවාවත්, එතනම හිටපු තවත් කෙනෙක්ගේ උසස් සේවාවත් අත්විඳල තියෙනවා. මොබිටෙල් එකේ නම් සේවාවේ අවුලක් නෑ ඒත් මූණු වල හිනාව මදි.

මගේ කොණ්ඩෙත් අම්බානක වැවිලා තිබ්බෙ. කොච්චර වැවුණත් හැබැයි ඉතින් කපන්න කම්මැලියි. 😀 ඒත් ඉතින් ගොඩක් වැවුණමත් හරිම අමාරුයි. මල වදයක්. ඉතින් වැනි වැනි ගිහිල්ල කොණ්ඩෙත් කපාගත්තා. හික්, ඔළුවෙන් බරක් අයින් කරා වගේ. මාර කූල් 😛

සිම් එක දාලා බැලුවා ෆෝන් එකට කොණ්ඩෙ කපන්න කලින්. අවුලක් නම් පේන්න තිබ්බෙ නෑ. ඒත් HSDPA සිග්නල් අඩුයි වගේ.

ඉතිං මේ වැඩේට පස්සෙ ගියා නුවර SLT එකට. ADSL වැඩේට මොකක්හරි කරගන්න කියලා හිතාගෙන. කොහෙද… ඒකත් හැමදාම අල. නිමා නොවන චාරිකාවක්ම තමා. මෙහෙට ලූප් නැතිලු. මොන කෙහෙල්මලක්ද කියලා හිතෙන් බැන බැන ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා දසුන් අයියත් එක්ක SLT එකට අම්බානක බැන්නා.

ගෙදර ඇවිත් Airtel සිම් එක දාලා බලද්දි 2G නම් වැඩ. ඒත් 3G පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං ඒ වැඩෙත් ඉවරයි.

A Short Note

ඔන්න ඉතින් අද ෆෝන් එකෙන් ලියන්නේ. අම්බානක වහිනවා. විදුලි කොටනවා. ඉතින් කොම්පියුතරේ ඕෆ්.

ආයෙමත් කන රිදෙනවා. දවල් වරුවෙම නිදාගත්තත් වෙනසක් නෑ.

හික්. ලියන්න ගත්තට ලියන්න දේකුත් නෑ. ඒ මදිවට මේකෙන් ටයිප් කරන්නත් අමාරුයි. මේක කෙටි සටහන් වලට තමයි හරියන්නෙ. ඉතින් මේ ඇති. 😀

Sent using a Sony Ericsson mobile phone

Posted in Uncategorized

Test Post

Sony Ericsson Email
Sony Ericsson Email

මේක පොඩි පරීක්ෂණ සටහනක්. ලියන්නෙ මොබයිල් එකේ ඉඳන්. ටයිප් කරන්න ටිකක් අමාරුයි ඒත් වැඩේ ගොඩ.

පසුව ලියමි: හික් වැඩේ හරිගිහිල්ල. මේ ටික ලියාගත්තෙත් බොහොම අමාරුවෙන් හැබැයි. ෆෝන් එකෙන් තමයි එව්වේ. අපේ නාගයා පොඩි පරීක්ෂණ ටිකක් කරලා තිබ්බා එසැනින් පරිවර්තක එහෙම පාවිච්චි කරලා. ඉතින් මමත් ට්‍රයි කරලා බැලුවා. වැඩේ හරි. ඊටපස්සේ ලියපු එක එහෙමම ඊමේල් මගින් බ්ලොග් එකට එව්වා. ඔය උඩින්ම තියෙන වාක්‍ය කිහිපය තමා එව්වෙ.

පිස්සුව වැඩි වුණාවත්ද?

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත්. අලුත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. මුලින්ම පරිගණකයට අප්ග්‍රේඩ් එකක් දුන්නා. ඇත්තටම ඒක අප්ග්‍රේඩ් එකක්මත් නෙවෙයි. අලුතෙන්ම එකක් ගත්තා වගේ වැඩක් තමයි. මොකද පරණ මැසිමෙන් මේකට ගත්තෙ ඩීවීඩී ධාවකයයි, දෘඪ තැටි දෙකයි, මවුසය සහ යතුරුපුවරුව විතරයි. ටෙක්කතා ඇහුවනම් මේ ගැන ආරංචි වෙන්නත් ඇති 😀

මේක පිළිවෙලකට අලුත් කරගන්නකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ. කොහොමහරි ඒකත් ඉවරයි. ඉතින් ඊටපස්සෙ මොකද කළේ? දැම්මා මැකින්ටොෂ්. ඕක කරගන්න තමයි ගොඩක්ම මග බලාගෙන හිටියෙ. ඒ වැඩෙත් ලස්සනට වුණා. නෑ. එහෙමමත් නෙවෙයි 😀 දෙතුන් පාරක් දාන්න වුණා පොඩි මැටි වැඩ ටිකක් කරන්න ගිය නිසා. 10.5.2 දැම්මට පස්සෙ වීඩියෝ වැඩ කළේ නෑ හරියට. ඒ කියන්නෙ කාඩ් එකේ ඩ්‍රයිවර් අවුලක්. හොයලා හොයලා අන්තිමට හම්බවුණු විසඳුමට 10.5.5 තියෙන්න ඕනලු. ඉතින් අන්තර්ජාලෙන් හොයාගත්ත පරණ ක්‍රමයකට 10.5.6 වලට යාවත්කාල කරන්න ගිහින් ඔක්කොම අලවුණා. මං ඉතින් නිකං හිටියෙ නෑ. ආයෙත් ට්‍රයි කළා. දෙතුන් පාරක් ඔහොම වුණාට පස්සෙ ආයෙ පොඩ්ඩක් හොයල බලද්දි 10.5.6 වලට යන්න පැච් වගයක් හම්බවුණා. ඒ ටික දැම්මට පස්සෙ වැඩේ හරිගියා. ඒකට වීඩියො ඩ්‍රයිවරේ දැම්මම ඒකත් වැඩ. Resolution මාරු කරද්දි පොඩි අලයක් එනවා. ඒක නම් රීස්ටාට් කරාම හරියනවා. එවෙලෙ මවුස් එකයි යතුරුපුවරුවයි වැඩ නොකර ගිය හින්දා ටිකක් තදවුණා. ඒකටත් පැච් එකක් දැම්මා 😀

ඉතින් මට දැන් වින්ඩෝස් එක්ස්පී ඇති වෙලා තියෙන හින්දා ඒකටත් මොකක්හරි කරන්න ඕන කියලා ඊයෙ විස්ටා දැම්මා. මල්ලි නම් ඕක දාන්න එපා මොකද එදාම අයින් කරන්න ඉඩ තියෙනවා කියලා. මාත් ඉතින් නෑ එහෙම වෙන්නෙ නෑ කිය කිය දැම්මා. මොකද වුණේ? කොහොමත් පැය කීපයක් ඇතුළත ඒක ඇතිවුණා 😀 ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා වින්ඩෝස් 7. මල්ලි ඒක දානවටත් කැමති වුණේ නෑ මොකද මේක බීටා එකක් හින්ද. මං ඉතින් නිදහසට කරුණු ගොඩක් ඉදිරිපත් කරා. පොර convince වෙන්නෙම නෑ. හික්. කොහොම වුණත් මං වින්ඩෝස් 7 වලට කැමතියි. එකම අවුලකට තියෙන්නෙ මේක බීටා හින්දා අගෝස්තු වල අල වෙන එක.

ඉතින් පහුගිය දවස් ටිකේ මෙහෙයුම් පද්ධති 4 දැන් තුනකට බැහැලා තියෙන්නෙ. මැක්, වින්ඩෝස් 7 සහ මින්ට්. මින්ට් නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ දැන්. හදිසියකට මිසක්.

ඔහොම තමයි ඉතින් මේ දවස් වල.

අද ටවුමට ගිහින් ආව. මේ දවස් වල දළදා ප්‍රදර්ශනේ හින්දා පුදුම සෙනගක් ඉන්නෙ. උදේ දහය එකොළහ වෙනකොට පෝලිම් පිරිලා ඉවරයි. මහා දිග පෝලිම්. ටවුමෙ වාහන තදබදයත් මේ දවස් වල ටිකක් වැඩියි. අද ඊයෙ එහෙම උදේ හොඳට පායනවා. මාර රස්නෙයි. ‍ඒත් හවස් වෙනකොට අනිවාර්යයෙන් වහිනවා.

ඉතිං ඔච්චර තමයි. ආයෙ වෙලාවක තව මොනහරි ලියන්නම්. 🙂