මලින්තගේ සටහන අද පටන් ටිව්ටර් මගිනුත්

ඔන්න ඉතින් ඔයගොල්ලොත් දැනටම ට්විටර් පාවිච්චි කරනවා නම් මේ බ්ලොග් එකේ ලිපි ලියවෙන විටම ට්විටර් මගින් ඒ ගැන දැනගන්නට ඔබටත් පුළුවන්. මාවත් ඔබේ ට්විටර් එකට එකතුකරගන්න: twitter.com/malinthe 8)

සිංහල බ්ලොග් මැරතන් බලන හැටි

ඔන්න දැන් මැරතන් එක බලන්න සියලුම දේවල් සූදානම්. 😀

1. මැරතන් සින්ඩිකේටරය – සින්ඩිකේටරය මගින් අලුත්ම ලිපි එවෙලේම දැකගන්නට පුළුවන්. එකම තැනකින්.

2. Combined Feed – මේ යාහූ Pipes 😆 මගින් ක්‍රියාත්මක වෙන වෙනමම එකක්. මේ feed එක මගිනුත් මැරතන් එකට එන සියලුම බ්ලොග් කියවන්නට පුළුවන්. ඔ‍බේ feed reader එකට දාගෙන. (Google Reader, Bloglines etc.)

3. ක්ෂණික පණිවිඩ මගින් – ගූගල් ටෝක් සඳහා ක්‍රියාත්මක වෙන මේ සේවාව මගින් අලුත්ම ලිපි එවෙලේම ලබාගන්නට පුළුවන්. marathon@sinhalabloggers.com ඔබේ ගූගල් ටෝක් මිතුරු ලැයිස්තුවට එක්කරගන්න.

4. Twitter මගින් – ඔබටත් Twitter ගිණුමක් තියෙනවා නම් එමගිනුත් දැන් අලුත්ම ලිපි ලබාගන්නට පුළුවන්. මං කලිනුත් ලියලා ඇති ට්විටර් ගැන. ට්විටර් මගින් අලුත්ම ලිපි ලබාගන්න http://twitter.com/blogmarathon මගින් පුළුවන්.

තාම බ්ලොග් එකතු කරලා ඉවර නැහැ. ඔ‍බත් බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ සහභාගි වෙන්න, දැන්ම ගිහින් sinhalabloggers.com වෙත ඔබේ බ්ලොග් එකත් එකතු කරන්න. 🙂

මේ දවස්වල නොලියන්නෙ මොකද?

අනේ ඉතින් ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. ඇයි දෙයියනේ අම්බානක වැඩනේ. මැරතන් එකට සතියයි. පොඩි පොඩි වැඩ තොගයක්ම තියෙන නිසා මේක ගැන එච්චර අවධානයක් නෑ මේ දවස්වල. ඇයි ඒ මදිවට වැස්ස. වහින්න ගත්තම විදුලි කොටමින් වහිනවා. හවස් වෙනකොට නම් මෙලෝ දෙයක් කරන්න විදියක් නෑ. 😀

ඒකට කමක් නෑ. තව සතියකින් බ්ලොග් මැරතන් එක දුවනකොට නියමෙට තියේවි. ලිපි 96ක්! ඒකට ලියන්න දේවල් හොයාගන්නත් ඕන. ඔන්න ඉතින් මැරතන් එක නරඹන්න වැඩ කටයුතු ගොඩක් සූදානම් කරලයි තියෙන්නෙ. ඒ සියලුම ක්‍රම ගැන තව මොහොතකින් දැනුම් දෙන්නම් 🙂

සූදානමින් ඉන්න!

Firefox 3 Beta 5 Easter Egg!

මේක නම් ඇත්තටම නියම Easter Egg එකක්. Firefox 3 Beta 5 විතරයි වැඩ කරන්නේ. දැනටමත් ඒක ස්ථාපනය කරගෙන නම් ඉන්නේ පරීක්ෂා කරන්න, ට්‍රයි කරලා බලන්න.

ඇඩ්‍රස් බාර් එකේ about:robots ටයිප් කරලා එන්ටර් කරන්න. කොහොමද වැඩේ? 😉

තවත් පරණ ඒවා තියෙනවා, හැමෝම දන්න එකක් තමයි about:mozilla – දන්නෙ නැතිනම් ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.

මේක නම් easter egg එකක් නෙමෙයි ඒත් නියම එකක්: ඇඩ්‍රස් බාර් එකේ about kitchensink කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. 😆

Lifehacker මගිනි.

අද බසයේ ගෙදර ආපු හැටි

අහ් මේක නම් කියන්නම ඕන 😉 සාමාන්‍යයෙන් අපේ ගෙවල් පැත්තට එන බස් එන්නෙ වැව රවුම, ලේවැල්ල, සිරිමල්වත්ත හරහා. මේ දවස් වල වැව රවුමේ පාර හදන නිසා අද බස් එකේ කොන්දොස්තර කිව්වා ‘අද යන්නෙ වැව රවුමෙන් නෙමෙයි, ධර්මාශෝක මාවත පැත්තෙන්’ කියලා. හේතුව මේ ට්‍රැෆික් එක තමයි. ඉතින් අපි ආවෙ නැතෑ. කොහොම හරි ඇවිල්ලා ඇවිල්ලා ධර්මාශෝක මාවතටත් ආවා.

ඔන්න ඉතිං පාර දිගේ ගොඩක් දුර ගියාට පස්සෙ මෙන්න තවත් බ්ලොක් එකකට අහුවුණා. මං හිතන්නෙ ඒ පැත්තෙත් පාර හදනවා වෙන්න ඇති. විනාඩි දහයක් විතර හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර් ආයෙ බස් එක හරවගෙන ඇවිල්ලා අරුප්පල පැත්තෙන් ආවා. අපිත් ඉතින් ඇති යන්තම් කියලා සැනසුම් සුසුමක් හෙලනකොටම, අරුප්පල පිට්ටනිය ළඟ තවත් බ්ලොක් එකක්. අපි බැලුවා මේ මොකද කියලා. මුලින් හිතුවෙ වාහනයක්වත් හැප්පිලා වෙන්න ඇති කියලා. බලනකොට ඒ පාර පොඩි හින්දා වාහන වලට මාරුවෙන්න බැහැ 😀 හපොයි ඉතින් එතනත් පැය බාගයක් විතර ඔහේ බලාගෙන ඉඳලා කොහොම හරි පිටත් වුණා. අපි සිරිමල්වත්ත හරියට එනකොට අපට පස්සෙ එන බස් එකත් අපිව පහුකරගෙන ගියා. අනේ අනිච්චං මට හිතිච්ච දේවල්! ඒත් ඉතින් මොනවා කරන්නද? 😀 ලංකා‍වනෙ!